වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින්ටකොළඹ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින්  අද (25) නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, පොලිස් මුලස්ථානය, කොටුව දුම්රිය ස්ථානය සිට CTO හන්දිය දක්වා වන ඕල්කට් මාවතට අද උදෑසන 9 සිට සවස 6 දක්වා කාලය තුළ එම වෘත්තීය සමිති සාමාජිකයින්ට ඇතුළුවීම තහනම් වේ.

එමෙන්ම CTO හන්දියේ සිට සෙරමික් හන්දිය NSA වට රවුම දක්වා ඇති ලෝටස් මාර්ගය ද යෝර්ක් වීදිය, බැංකු මාවත, චැතම් වීදිය, මුදලිගේ මාවත, බාරොන් ජයතිලක මාවත, පොලිස් මුලස්ථානය ඉදිරිපිට, බාලදක්ෂ මාවත, වෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලු මුවදොර වටරවුමේ සිට NSA වට රවුම දක්වා ගාලු පාර ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙතට ද ඇතුළවීමෙන් වළකින ලෙසත් පොදු හා පුද්ගලික දේපළවලට හානි නොකරන ලෙසත් කොටුව අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබේ.

අදාළ නියෝග නිකුත් කර ඇති සාමාජිකයින්ගේ නම් පහතින් දැක්වේ.

*සමීර අල්විල් - බැංකු හා මුල්‍ය සංසදයේ ක්‍රියාකාරි

* නිරෝෂන් ගොරකානාගේ - සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ලේකම්

*විජයතිලක ජයසිරි - අන්තර් විශ්වවිද්‍යාල සේවා වෘත්තීය සමිතියේ සභාපති

*සමීර පතිරණ - ලංකා විදුලි සේවක සංගමයේ උප සභාපති

*උදයංග හෙට්ටිආරච්චි - ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ මාධ්‍ය ප්‍රකාශක

*ඩී.පි. ජයවර්ධන -  ජල සම්පාදන හා ජල ප්‍රවාහන සේවක සංගමයේ උපසභාපති

*ගාමිණි රත්නායක - වෙළෙඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු

*අනුර නයනාන්ද - අන්තර් සමාගම් සේවක සංගමයේ බියගම කලාප සංවිධායක

*මංජුල සිරිසෝම - රාජ්‍ය ඉංජිනේරු සේවා සංගමයේ සභාපති

*අසංක සංජීව - සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ උපලේකම්