(අංජුල මහික වීරරත්න)
සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ලෝක බැංකුව වෙතින් අරමුදල් සපයා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
දිළිඳු හා අවදානමට ලක් වූවන්ට වඩා හොඳ ඉලක්කගත ආදායම් සහයක් සහ ජීවනෝපාය අවස්ථා ලබා දෙන සමාජ ආරක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සපයා ගැනීමට ලෝක බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීම පිණිස 2023.5.8 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබිණි.
ඒ අනුව පැවති සාකච්ඡා වලදී අස්වැසුම නව සුභසාධන ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමයට සහය වීම පිණිස ඇමෙරිකා ඩොලර් මිලියන 185 ක් ද තෝරාගනු ලබන ප්‍රතිලාභීන් ආර්ථික වශයෙන් සවිමත් කිරීම පිණිස නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සහය වශයෙන් ඇමරිකා ඩොලර් මිලියන හතක් ද,සමස්ත ව්‍යාපෘති කළමනාකරණය සහ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 8 ක් ද වශයෙන් කාණ්ඩ තුනක් යටතේ ඇමරිකා ඩොලර් මිලියන 200ක් අරමුදල් සකසා දීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අරමුදල් කියන්නේ තවත් ණය නේද ?