(සුමිත් පොතුපිටිය)
පවුල් ආරවුලක් හේතුවෙන් රුපියල් එක් ලක්ෂ දස දහසක කොන්ත්‍රාත්තුවක් දී පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත්බව තෙබුවන පොලිසිය පවසයි.
කොරියාවේ සේවය කරන බාල සොහොයුරා සිය බිරිද ගේ මාර්ගයෙන් රුපියල් එක්ලක්ෂ දසදහසක මුදලකට කොන්ත්‍රාත්තුවක් ලබාදී පහරදීම සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අණාවරණය වී ඇතැයි පොලිසිය කීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙබුවන, දොඹඩොඩ සහ යටවර ප්‍රදේශයේ පදිංචි 22 , 25 සහ 45 වියැති පුද්ගලයන් සහ කොරියාවේ සිට සැලසුම් ක්‍රියාත්මක කල සැකකරු ගේ නෑබඩ ප්‍රදේශයේ පදිංචි බිරිඳ ද බව පොලිසිය කීය.
පහරදීමට පැමිණි පුද්ගලයන් තිදෙනෙකු කඩුවද රැගෙන ප්‍රදේශය හැරගොස් සිටින බවත් පොලිසිය කීය.
පහරකෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.ෙ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd