( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව , ප්‍රදේශයෙ කුඹුරේ කුරුල්ලන් එළවමින් සිටි 11 හැවිරිදි දැරියක් කැලැවට ඇදගෙන යාමේ සිද්දියක් සම්බන්ධව යුද හමුදා කොප්‍රල්වරයකු ආණමඩුව පොලිසිය අත් අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර 24 වන පාබල සේනා මුලස්ථානයෙ රාජකාරි වල නිරතව සිටින 38 හැවිරිදි දරුවන් දෙදෙනෙකු ද සිටින යුද හමුදා කොප්‍රල් වරයකු බව කියයි.
මෙම දැරිය පාසල් ගොස් නිවසට පැමිණ පසුව සවස නිවස ආසන්නයෙ වු කුඹුරේ කුරුල්ලන් එළවමින් සිටියදී ඒ ආසන්නයෙ මාර්ගයෙ ගමන් කරමින් සිටි සැකකාර කොප්‍රල් වරයා දැරිය සමග මුලින් සුහදශිලි බවක් දක්වා කතා බහ කර ඇති බවත් ඉන් පසුව එකවරම දැරිය ආසන්නයෙ කැලෑවට රැගෙන යාමට කටයුතු කර ඇති බව පොලිස් විමර්ශන වලදි සනාථව තිබේ.
තම වැඩිමහල් සොයුරිය කිසිවකු විසින් ඇදගෙන යනු දුටු කුඩා සොහොයුරා එම මෙහොතේම තම මවට කෑගසා පවසා ඇති බවත් ඉන් පසුව මව දැරිය සොයා කෑගසමින් විලාප තැබිමත් සමග සැකකාර යුද හමුදා කොප්‍රල් වරයා දැරිය අතහැර දමා වෙනත් දිශාවකින් පැන ගොස් ඇති බව කියයි.
සැකකාර කොප්‍රල් වරයා දැරිය කැලෑවට ඇද ගෙන යාම නිසා සිරුර පුරා තුවාල සිදුව ඇති බවද කියයි.
කෙසේ වෙතත් අදාල සිද්දිය ආණමඩුව පොලිසියට කඩිනමින් පැමිණිලි කිරීමත් සමග දැරිය විසින් සැකකරුගෙ හැඩරුව පැවසිමත් සමග පොලිස් කණ්ඩායමක් විසින් කඩිනමින් අදාල සැකකරු හදුනාගෙන අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවෙක්…????
මේවගේ උන්ව ගහලා මරන්න ඕන. වල් පරයා.
මේ වගේ උන්ට හමුදාවෙන් නීතිය ක්රියාත්මක කරන් නැද්ද?
ඔය හමුදාවේ අය ඔහොමම තමයි... කළොත් අසික්කිත වැඩක්ම තමයි...!
මේවගේ එවුන්ට වෙනම හමුදා අධිකරණයකිනුත් බරපතල වැඩ සහිත සිර දඬුවමක් දීලා රස්සාවෙන් දොට්ට දාන්න තියෙන්නේ
මමත් එහෙම තමයි නේද පිටිගල මිලානෙ.
රටේ තත්වය ගැන බැලුවම තියෙන්නෙ පුදුම කලකිරීමක් තමයි දැන් කාලයේ පුද්ගලික අංශයේ තරමක් අඩුවුනත් රාජ්ය සේවයේ නම් සනීපාරක්ෂක කම්කරුවන්ගෙ සිටි ඉන්නෙ ඔක්කොම රජවරු කියලා කියන්න පුළුවන් සමහරක් ඉහළම නිළධාරින් හිතාගෙන ඉන්නෙ සේවයක් ගන්න එන්න උන්ගෙන් දේපලක් ගන්න එනවා කියලා තමයි සමහර රාජ්ය බැංකුවලත් දැන් දැන් එවැනි සමහරක් පිරිස් ඉන්නවා