(ඉන්දිකා  රාමනායක)

ඝාතනයක පලිගැනීමක් සඳහා, කැබ් රථයක්යතුරු පැදියේ හප්පා, බිම වැටුණු පැදිකරුවන් දෙදෙනාගේ සිරුර මතින් කැබ් රථයක් ධාවනය කිරීමෙන් පුද්ගලයෙකු මියගොස්  ඇති බව මල්ලාවි පොලිසිය පවසයි.

සිද්ධියෙන්  බරපතළ තුවාල ලැබූ එම යතුරු පැදියේ සෙසු පසුපැදිකරු යාපනය රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර , තවත් සිව්දෙනෙකු පලාගොස් ඇති බව පොලිසිය. කියයි.

මල්ලාවි නගරයේ දී ඉකුත් (24) දින මෙම සිද්ධිය සිදුව ඇති බවත්,  සැකකරුවන් යතුරු පැදිය පසුපස කැබ් රථයකින් ලුහුබැඳ යමින් සිටියදී  යතුරුපැදිකරුවන් නොනවත්වාම යතුරුපැදිය මල්ලාවි නගරය දෙසට ධාවනය  කර ඇති බව පොලිසිය කියයි.

එකවරම කැබ් රථය ඉදිරියට ධාවනය කරමින් යතුරුපැදියේ ගැටීමට සැලැස්වීමෙන් යතුරු පැදිය පෙරළී ඇති පැදිය පෙරලීමෙන් බිම වැටුණු පුද්ගලයන් දෙදෙනාගේ සිරුර මතින් සැකකරුවන් කැබ් රථය ධාවනය කර ඇති බවත් පොලිසිය පවසයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පැදි කරුවන් දෙදෙනා  රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයකු මිය ගොස් ඇත

මෙලෙස මියගොස් ඇත්තේ වවුනියාව වවුනියාව ප්‍රදේශයේ පදිංචි   කමලදස්  කපිලදසෙන්   නැමැති (47) හැවිරිදි පුද්ගලයෙකි.

2022 වර්ෂයේ සිදු වු  ඝාතනයක පළිගැනීමක් වශයෙන් සැකකරුවන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසියට තොරතුරු හෙළි වී ඇත.