
(අංජුල මහික වීරරත්න)
මෙරට කෘෂිකාර්මික ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාව හා ඉතාලිය අතර ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කර තිබෙි.
ශ්‍රී ලංකාවේ මොසරැල්ලා (Mozzarella) චීස් නිෂ්පාදනයට හා ඔලිව් වගා කිරීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉතාලියේ කෘෂිකර්ම අමාත්‍ය Francesco Lollobrigida මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ දිනවල ඉතාලියේ රෝම නගරයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 19 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගී වේ.
එහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා ඉතාලියේ කෘෂිකර්ම අමාත්‍ය Francesco Lollobrigida මහතා හමුවී සාකච්ඡා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොzzරැල්ල . ඔලිව් වගාකරන්න ඉස්සෙල කිකිලියොටිකක් ගෙනල්ල දරුවන්ට කන්න ලංකාවෙ නිශ්පාදනයකරන්න. සත්වපානය දියුනුකරන්න. මොzzරැල හදන්නත් කිරි නිශ්පාදනය කරන්න. එකටහ් ඉන්දියාවෙන් කිරිගෙනත් හදන්න යන්නෙ. අඩුම ගානෙ පිටරටින් බිත්තර ගෙනඒ් වහාම නවත්වන්න ලංකාවෙ සත්වපලනය දියුනු කරන්න.
ශාක වගා සඳහා ලංකාවට ඉතාලිය සම්බන්ධ වෙනවා නම් ඉතාම හොඳයි..
Moscatelli හදන්න මී හරකුන් ගේ. කිරි වලින්..හැබැයි olio gas වවන්න අමාරැයි.මධ්‍ය ධරනී දේශගුණයක් ඕනේ. .අපේ රටේම කෘෂි නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථක කිරීමට තාක්ෂණික දැනුම.,නවීන උපකරණ සහ හැකියාව භාවිත කර ගැනීමට උදව්වක් ඉල්ලන්න.එය යි.අවශ්‍ය.