(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
මහාධිකරණ විනිසුරුවරුන්, දිස්ත්‍රික් විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ගේ වැටුපෙන් උපයන විට බදු අය කිරීමට දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය අද(25) තීරණය කළේය.
විනිසුරුවරුන්ගේ වැටුපෙන් උපයන විට බදු අය කිරීමට දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය වළකාලන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරු වරුන්ගේ සංගමය සහ කම්කරු විනිශ්ච සභා සභාපති වරුන්ගේ සංගමය ගොනු කර තිබූ පෙත්සම් තුනක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද(25) තීන්දු කරන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා පරමාදිපත්ය ලු ලොකුම, ඒක ජනාදිපති ඇතුලු ජනතා නියෝජිතයන්ට දීලා, පාර්ලිමේන්තුව හරහා ජනතාවට (බහුතරයට) ඕන විඩිහට නීති හදා ගන්නවා, ඒ නීති හදන ගරු පාර්ලිමේන්තු මන්ත්රීඋන්නාසේලාට පස් පඩංගුවෙන් බනින්න, එයාලගේ පඩියට බදු ගහන්න, ගුටි ගහන්න, ගෙවල් ගිනි තියන්න, අවුරුදු 5 පස්සේ ඕන නැත්නම් ගෙදර යවන්න ජනතාවට පුලුවන්. ඒත් ඒ නීති ක්‍රියාත්මක කරන නඩු කාර පඩත්තලයන්ට, බනින්න (නීතියට නොවේ), ඔරවන්න, බදු ගහන්න එන්න එපා හරිය.. 225 1 ගෙදර යවමු..!!