(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)

රාජාංගනය ප්‍රදේශයේ පැවැත්වෙන සංගීත සංදර්ශනයක ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් පරීක්ෂාකර බැලීමට ගිය රාජාංගනය පොලිස් ස්ථානාධිපති වරයාට එම සංගීත සංදර්ශනය සංවිධානය කළ බව කියන කෝටිපති ව්‍යාපාරිකයා මරණීය තර්ජනය කළේ යැයි කියමින් ස්ථානාධිපතිවරයා උසස් පොලිස් නිලධාරීන්ට පැමිණිලි කර ඇත.

මෙවැනි ආකාරයට මරණ තර්ජනය කළේ යැයි කියන සංගීත සංදර්ශනය සංවිධානය කළ කෝටිපති ව්‍යාපාරිකයා තවත් කිහිප දෙනකු සමඟ පැමිණ ඇතැයි පොලිසිය පවසයි.

සාමය කඩවීමක් ඇතිවිය හැකි යැයි සිතා ඒ මොහොතේ මෙම කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර නොමැති බව ද  උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

රාජාංගනය පොලිස් ස්ථානාධිපතිවරයාට මෙවැනි ආකාරයට මරණීය තර්ජනය කළේ යැයි කියන කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.