( තිස්ස කොටින්කඩුව සහ සරත් චින්තක)
වත්තල හැදල දික්ඕවිට මුහුදේ දිය නෑමට ගිය තරුණයන් 5 දෙනකු අතරින් දෙදෙනකු දියේ ගිලි මිය ගොස් ඇතැයි වත්තල පොලිසිය කියයි.
තවත් දෙදෙනකු අසාධ්‍ය තත්වයෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බව වත්තල පොලිසිය පවසයි.
නාවික හමුදාවේ හා ප්‍රීතිපුර වෙරළ තිරයේ රාජකාරියෙහි යෙදි සිටින පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම් මිය ගොස් ඇති දෙදෙනාගේ සිරුරු ගොඩ ගෙන ඇති අතර එම සිරුරු මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
මෙසේ දියේ ගිලී මියගොස් ඇත්තේ උඩුමුල්ල ආරචිචිගේ ගයාන් සංජීව සහ සජිත් උදාර පින්තු ජයවර්ධන නැමති මුල්ලේරියාව උඩුලම්පොල පදිංචි අවුරුදු 20 හා 23 හැවිරිදි තරුණයන් දෙදෙනකු බව පොලිසිය සදහන් කරයි.
තහනම නොතකා මෙම පිරිස මෙම ප්‍රදේශයේ පිහිනමින් විනෝද වෙමින් සිටියදි මෙම අනතුරට මුහුණ පා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd