
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝ ප්‍රකට ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ 16 වැනි අධ්‍යාපන ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකික තාරකා විද්‍යාඥයකු, සම්මානනීය ලේඛකයකු මෙන්ම අධ්‍යාපනඥයකු වන ආචාර්ය රේ ජයවර්ධන මහතා පත් කර තිබේ.
රේ ජයවර්ධන මහතා ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ප්‍රධානියා ලෙස පත් වීමත් සමඟ ඔහුට එම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීම, විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සහ අධ්‍යාපන මෙහෙයුම්වලට සහාය වීම සහ විෂය නිර්දේශය සැකසීම ආදී කාර්යයන් රැසක් ඔහුට පැවරෙනු ඇත.
එළඹෙන ඔක්තෝබර් මස 15 වැනිදා සිට අධ්‍යාපන ප්‍රධානී ධුරයේ කටයුතු කිරීම ආචාර්ය රේ ජයවර්ධන මහතා භාර ගැනීමට නියමිත බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය ප්‍රකාශ කර තිබේ.
ඔහු 2018 වසරේ සිට ඇමෙරිකාවේ කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ කලා සහ විද්‍යා පිඨයේ පීඨාධිපතිවරයා ලෙස සේවය කරයි.රේ ජයවර්ධන මහතා ශ්‍රී ලාංකිකයකු වන අතර ඔහු නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති අතර උසස් අධ්‍යාපනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී ඇත.1994 වසරේදී යේල් විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගෙන ඇති අතර 2000 වසරේදී ආචාර්ය උපාධිය හාර්වඩ් විශ්ව විද්‍යාලයෙන් ලබා ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ගැන ගොඩක් ආඩම්බරයි සර්...
ලංකාවේ හිටිය නම් කවදාවත් මේ වගේ තැනකට එන්න බෑ. මේ ඒ තනතුරු ගන්න දේශපාලුවන්ට ගොට්ට අල්ලන්න වෙනවා. අපේ ිසුභපැතුම්
සුභපැතුම්
අපෙ රටෙ සම්පත් වලින් වැඩ ගන්නෙ පිටරටවල්. කෙසේ වෙතත් අපි ඔබට සුභ පතනව. පාලකයන්ගෙ වැරදි වලට ඔබ කුමක් කරන්නද ? මෙහෙ හිටියත් ඔයවගෙ වෙනස්කම් කරන්න අවස්තවක් ලබෙන්නෙ නැහැනෙ.
සුභපැතුම් !
සුබපැතුම්...!!
ශ්‍රී ලංකිකයකු වීම ආඩම්බරයි සර් ...
සුභ පැතුම් !
සුභ පැතුම්
තව තවත් අධ්‍යාපනයෙන් ඉහළට යන්න ඔබට සුබ පතමි. ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීමේ දී ඔබගේ දැනුම හා පරිණතභාවය යොදා ගැනීමට හැකිවේවා...!
සුභපැතුම් !
හරිම සතුටුයි සර් .ඔබ රටට ආඩම්බරයක්
සුභ පැතුම් ඔහුට . ආඩම්බරයි ඔබ ගැන.
හරිම සතුටුයි, ඔබට සහ රටට, අපට ලැබුණා සේ... සුබපැතුම්, සතුටින් සහ සැනසිල්ලෙන් යන ගමන ජය ගැනීමට, ලංකාවේ නම අහසේ ලියැවීමට
ගොඩක් ආඩම්බරයි... සුබපැතුම්...!!!
ජයවර්ධන මහත්මියට සුභ පැතුම්. ඔබ සුවිශේෂීය, ඔබ ගෝලීය ප්‍රජාව තුළ Yr ස්ථානය සනිටුහන් කර ඇති අතර සියලු ශ්‍රී ලාංකිකයන් ආඩම්බරයට පත් කර ඇත.
උණුසුම් සුභ පැතුම්
ශ්‍රී ලාංකිකයෙක් විම ගැන ආඩම්බරයකි
මගේ මතකයේ ඔහු නාසා ආයතනයේ ද සිටි බවත් වැලිමඩ පීටර්.පෙරේරා පව්ලෙන් පැවත. එන අයෙකු බවත් සිතමි ඔහූට ඉතසිතින් සුබ පතමි
අපි ඇත්තටම ආඩම්බරයි සහ සතුටට පත්වෙනවා!
ශ්‍රී ලාංකීය පුතාගේ ලොකු ජයග්‍රහණයක්. දිගටම කරගෙන යන්න. අපි ඔබ ගැන ආඩම්බර වේ. ලෝකයට ඔබේ සේවය කරන්න.
මේ මගම යන්නට තවත් අය පෙළගැසෙමු.