(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතේ ඇති දේශීය ණය සහ සංවර්ධන අරමුදලට මෙම වසරේදී රුපියල් කෝටි 25 කට ආසන්න වටිනා ව්‍යාපෘති නවයක් ලැබී ඇතත් මෙතෙක් අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වී ඒ පිළිබඳව සලකා බලාවත් නැති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවිය.
මේ අනුව ණය භාවිතා කරන ව්‍යාපෘති සහ ඵලදායිතාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් විධිමත් මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස කමිටුව එම අරමුදලට නිර්දේශ කළේය.
බහු බෝග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දඹුල්ල ප්‍රාදේශීය සභාවට 1995 වසරේදී ලබාදී තිබු රුපියල් එක් කෝටි විසි ලක්ෂයක මුදලක් සහ මහනුවර නගර සභාවට ලබාදී තිබූ රුපියල් හය කෝටියකට වැඩි ණය මුදලක් අය කර නොගැනීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමුවිය.
මේ සම්බන්ධයෙන් නෛතික පියවර කඩිනමින් ගන්නා ලෙස කමිටුව උපදෙස් දුන්නේය.
අරමුදලට ස්ථිර අධ්‍යක්ෂ ජනරාල්වරයකු මෙන්ම අභ්‍යන්තර විගණන නිලධාරියකු නොමැති බවද මෙහිදී තොරතුරු අනාවරණය විය.
අරමුදල 2021 වසරේදී නිකුත් කර ඇති රුපියල් කෝටි 84ක ණය මුදල් වලින් රුපියල් කෝටි 69 ක් වයඹ පළාතට ලබාදී ඇති බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.
ණය පළාත් වලට බෙදී යාමේ ක්‍රමවේදය විධිමත් කරන ලෙස කමිටුව එහිදී අරමුදලට නිර්දේශ කළේය.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඇති දේශීය ණය සහ සංවර්ධන මණ්ඩලයේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පසුගිය 20 වැනිදා කැඳවනු ලැබූහ. මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ කෝප් කමිටු රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, නිමල් ලාන්සා, එස්.එම් මරික්කාර්, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, මධුර විතානගේ සහ මහාචාර්ය චරිත හේරත් යන මහත්වරුද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝප් කියන්නේ මිනිස්සුන්ට ආතල් දෙන කොමිටියක් කියලයි මටනම් පේන්නෙ, ටීවී එකේ පොඩි ටෙලියක් වගේ අපිට පෙන්නනව මෙන්න හොරකම්, දූශන, මෙන්න හොරු කියල. හැබැයි අද වෙනකන් හොරු අල්ලල දඩුවම් කරලත් නෑ. දූශනය නවත්තලත් නෑ.