(යොහාන් භාසුර)
බිත්තර කිලෝග්‍රෑම් ලෙස අළෙවි කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට අවදානය යොමු වී ඇතැයි වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඉන්දියාවෙන් ආනයන කරන බිත්තර සුපිරි වෙළෙඳසැල්වලට සහ සතොස අළෙවිසැල්වලට නිකුත් කිරීමෙන් පසුව පාලන මිල කාණ්ඩ දෙකක් අවශ්‍ය නොවන බවත් ඒ හේතුවෙන් එක ගැසට් නිවේදනයක් අවලංගු කිරීමට අවදානය යොමු වී ඇති බවත් අමාත්‍යවරයා කීය.
පාරිභෝගික කටයුතු අධිකාරිය සුදු බිත්තර කිලෝවක් රුපියල් 880 ක සහ දුඹුරු බිත්තර කිලෝවක් රුපියල් 920 ක උපරිම මිලක් නියම කරමින් පසුගිය අප්‍රේල් මස 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැසට් නිකුත් කරන අවලංගු කරන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව ද ?
ඔබලා වගේ අය කෝපි කාලෙ හිටියෙත් නැහැ.