(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

යතුරු පැදි අනතුරකින් පසු කුපිත වූ පිරිසක් පොලිස් රාජකාරියට බාධ කරමින් පොලු මුගුරුවලින් පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු 15 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

පොලිස් අණ නොතකා තොඩුවාව වැල්ල මාර්ගයේ ගමන් ගත් බව කියන යතුරු පැදියක් එය පදවාගෙන ගිය පුද්ගලයාට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ දුරකථන රැහැන් කණුවක එම අනතුර සිදුව තිබේ.

පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා සහ අනතුරින් තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සඳහා මරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇත.

පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී තුවාල සිදු කළේ යැයි කියන තවත් පුද්ගලයන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි

අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් තොඩුවාව ප්‍රදේශයේ පදිංචි ධීවර කර්මාන්තයේ නියැලී සිටින්නෝ වෙති.