
(උපාලි ආනන්ද)
කංසා ළඟ තබාගත් බවට පොලිස් කොස්තාපල්වරයකුට එරෙහිව අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය බොරු චෝදනා යටතේ නඩු පැවරීමෙන් තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයාට සිදුවු අසාධාරණය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. එස්. වික්‍රමසිංහ මහතා මැදව්චචිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල මහතා හමුවේ විවෘත අධිකරණයේදී අදාළ පොලිස් කොස්තාපල්වරයාගෙන් සමාව ඇයදුවේය.
තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සේවය කළ එම පොලිස් කොස්තාපල්වරයාගෙන් පළිගැනීම සඳහා සැලසුම් සහගතව ගංජා මිළි ග්‍රෑම් 85010 ක් සන්තකයේ තබා ගැනීම ජවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්පතිවරයාගේ නියෝග මත විශේෂ විමර්ශන කාර්යංශය සිදු කළ විශේෂ විමර්ශනයකදී අනාවරණ වූ බව දැනුම් දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පළි ගැනීමේ චේතනාවෙන් පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව නඩු පැවරූ අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හත් දෙනාගේ වැඩ තහනම් කොට ඔවුන්ට එරෙහිව ද්වේශ සහගතව නඩු පැවරීමේ චෝදනා යටතේ මෙම අධිකරණයේම නඩු පවරන බවට ද සහතික විය.
තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සේවය කල මැදවච්චිය ඇටවීරගොල්ලෑව පදිංචි පොලිස් කොස්තාපල් (83840) ජේ.ඩී. සදුන් මහතාට එරෙහිව අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් පවරා තිබු නඩුව ඉල්ලා අස්කරගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේ වනන විට වැඩ තහනම් කොට සිටින ජේ.ඩී. සදුන් මහතා යළි සේවයේ පිහිටුවීමට කටයුතු කරන බව ද අධිකරණයට සහතික විය.
පොලිස්පතිවරයාගේ නියමයෙන් කළ විමර්ශනයේදී තම සේවාදායකයාගේ නිර්දෝෂිභාවය හෙළි කර ගනිමින් ඔහුට එරෙහි නඩුව ඉල්ලා අස් කර ගැනීමටට මෙන්ම තම සේවාදායකයාට එරෙහිව නීතීය අවභාවිතා කළ නිලධාරීන් හඳුනා ගැනීමට මෙන්ම ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට පොරොන්දුවීම පිළිබදව විත්තියේ නීතිඥයා පොලිස්පතිවරයාට සහ දෙපාර්තමේන්තුවට කෘතඥතාවය පළ කළේය.
පැමිණීල්ල වෙනුවෙන් මැදවච්චිය පොලිසියේ නිලධාරීන් සමඟ පොලිස් විශේෂ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී එස් වික්‍රමසිංහ මහතා පෙනී සිටියේය” සැකකාර පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් නීතිඥ නලීන් දිමුතු බංඩාර මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනව නේද සමහරක් දූශිත අපතයො පොලිසියට වෙලා කරන නීති විරෝධී වැඩ. මේ බොරැ පැමිණිලි කල අවජාතකයො රැලටම දැඩි දඩුවම් දිය යුතුයි. කාලකණ්නි බල්ලො.
මෙම නඩුව බොහෝ මුරණ්ඩු, අසත්‍ය චෝදනා ගොතන ලද බවට පොළඹවයි!
හරිම සතුටුදායක ආරංචියක් කියලා කියන්න පුළුවන් මේ සමග කියන්න ඕන සමහර හොරු අසල්වැසි නිවාස වල තියෙන දේවල් හා වතුපිටිවල තිබෙන දේවල් හොරකම් කලාම පොලිසිය කසිප්පු හෝ මත්කුඩු තිබුනා කියලා නඩුදානවා ඇත්තටම මත්කුඩු කියන්නෙ මොනවාද කියලා නොදන්නා මිනිහා වෙනුවෙන් සිටින කලු මහත්වරු මූ අහිංසකයි කියනවා ඉතින් නිදොස් කොට නිදහස් .වසරකට වාර හත අටක් මෙහෙම වුනත් පොලිසිය දේශපාලන හේතුවක් නිසා හෝ වරින්වර ආවත් ඒගැන අධිකරණයට කියන්නෙ නැහැ ඉතින් හැමදාම ඒවගේ මිනිස්සු බේරෙනවා අහල පහල ජනතාව පීඩාවට පත්වෙනවා පොලිසිය ඒවාටත් මෙහෙම කටයුතු කරනවානම් කොපමණ හොදයිද
යකඩ මල්ලටත් ගුල්ලෝ ගහපු කොට අනිත්වා ගැන කවර කතාද. ලංකාවේ පොලීසිය රටේ සාමාන්‍ය ජනතාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය හිතාගන්න පුලුවන් නේ මේකෙන්ම.
රාලහාමිව පොලිස්පති කරලා පොලිස්පතිව රාලහාමි කරන්න ඕන වැඩක් නේ
ඔන්න පොලිසියේ වැඩ. පොලිසියේ අයගෙන් ඔහොම පලිගන්නවා නම් සාමාන්‍ය මිනිස්සුන්ට මොනවා, කොහොම අසාධාරණ දේවල් කරනවා ඇද්ද? කොච්චර මිනිස්සු අපරාදේ හිර දඬුවම් විඳිනවා ඇද්ද? මේ වගේ දේවල් මින් මතු නොවෙන්න, අමතක නොවෙන දඬුවම් දෙන්න ඕනේ...!
මේ එකක්.. පොලිසිය කොච්චර නම් බොරු නඩු පවරනවාද?. අහිංසක, දුප්පත් මිනිහෙක්ට මේ වගේ දෙයක් වුණා නම්. ඒක කාට කියන්නද?.. මෙහෙම කී දෙනෙක් හිර ගෙවල්වල ඉන්නවාද?.. 80%ක්ම පොලීසියේ අය ඒ ප්‍රදේශයේ සල්ලි කාරයින් පස්සේ යන්නේ.. ඔවුන්ගෙන් කාලා බීලා, ඔවුන්ට වාසි වෙන්න හැමදේම කරනවා. ලංකාවේ පොලිසිය පක්ෂග්‍රාහියි.. මේවා වෙනස් කරන්න ඕනෑ.
හරි පුතේ, අද මම ඔබෙන් සමාව ගත්තා. මම අද ඔබට දුන් සමාවේ තරම වැඩිකල් යන්න ඉස්සර මේ අයගේ තරම ඔබට බලාගන්න හැකි වේවි. ඒ හින්දා පුතේ! පරෙස්සම් වෙයන්...
පොලිසියේ මෙවන් අසාධාරණ වැඩ සිදුවෙනවා. ලොක්කෝ කියන අනීතික වැඩ නොකරම... මේ නඩුව පවරපු උදවිය උසාවියට ගෙනැල්ලා සමාව ගන්නයි තිබුණේ...!
තමුසෙ මොන අදිකාරි වර්යෙක්ද ඕයි......උන අපහාසයට වන්දි ගෙවපන් .....ගස් ගෝ.
අසාදාරන ලෙස චොදනාකොට පලිගැනීම්වලට ලක්ව රැකියාවන් අහිමිව දුක් විදින පොලිස්, යුද හමුදා, නාවික සහ ගුවන් හමුදා නිලදාරින් බොහෝ පිරිසක් බස් රථවලට ගොඩ වෙල ඔවුන්ගෙ දුක කියලා හින්ගමන් යඩිනව. මිනිස්සු බොහොම කැමැත්තෙන් ඔවුනට මුදල් දෙනව බොහොම සානුකම්පිත හිතකින්. ඊයෙත් (24) නාවික හමුදාවෙ සෙබලෙක් බසයට නැගල ඔහුගෙ දුක කිවුව. ඔහුට රැකියාව අහිමි උනෙ යම් කිසි අසාදාරන කරුනක් සම්බන්දව තර්ක කල නිසා. නිල බලයෙන් හිස උදුම්මාගෙන අසාදාරන විදියට එහෙම රැකියාවල් අහිමි කරන එක සහ ගහන අපරාදයක්. මෙහෙම කරන ඉහල නිලදාරින් එකක් මතක තියාගත්තොත් හොදයි.
ඉතින් සාමාන්‍ය ජනතාවට පොලීසියෙන් වෙන අකටයුතුකම් ගැන කවර කතාද..? අවස්ථාවේ හැටියට ගොරකා දඩමස් කරා නැත්නම්, දඩමස් ගොරකා කරා...
තමන් එක්ක, එකට, තමන් ලඟ වැඩ කරන මිනිහට ඔහොම කළානම්, සාමාන්‍ය මිනිස්සුන්ට මුන් මොනවගේ අංචි අදිනව ඇතිද.. කාලකණ්නි.. මේ ගොබ්බ විගඩම නිසා අපතේ ගිය කාලද ගණනය කළ යුතුයි. වෙනත් වැදගත් සැබෑ නඩුවක් විභාගයට තිබූ අධිකරණයේ කාලය, වින්දිතයා ඇතුලු සියල්ලන්ගේ කාලය ගණනය කළ යුතුයි. හරිනම් වැරැද්ද කරපු උන්ගෙ ඇඳන් ඉන්න රෙදිත් එක්ක ගලවලා අරන් වන්දි ගෙවන්න ඕනෙ.
දණගහලා වැඳලා සමාව ගන්න කියන්න. ඒකයි සාම්ප්‍රදායික බෞද්ධ සංස්කෘතියේ ක්‍රමය...
ඉදිරියට මේ වගේ අවස්ථා බොහොමයක් එනව.
පොලිස්පති ??? හහ් හහ් හාාාාාා.......නියම හෙඩ්ලයින් එකක්.
එතකොට සාමාන්‍ය මිනිස්සු කීයක් නම් මෙහෙම බොරු චෝදනා දාලා හිරේ යවලා ඇති ද?.
ජ්‍යෙෂ්ඨ අධීක්ෂණ නිලධාරියාටත් දඬුවම්. මේ වගේ පොලිස් බල්ලන්ට ඉඩ තියන්න එපා.
බොරු චෝදනා අකටයුතුකම් ඕනතරම් සිද්ද වෙනවා. කලුගල්වල ඔලුව ගහගන්ඩ බැරිකමට ඉන්නවා.