(යොහාන් භාසුර)
මෙම වසරේ ජනවාරි සිට මේ මස 20 වැනිදා දක්වා කාලය තුළදී විදේශ සංචාරකයන් 714,598 ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
පසුගිය වසරේ (2022) මෙරටට පැමිණි සමස්ත විදේශ සංචාරකයන් සංඛ්‍යාව  719,978 ක් බවත් වර්තමාන සංචාරක පැමිණීම අනුව මෙවර සංචාරකයන්ගේ පැමිණිමේ විශාල වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
මෙම මාස ගතවූ දින 20 තුළ පමණක් සංචාරකයන් 89,724 දෙනෙක් පැමිණ ඇති බවත් එහිදී ඉන්දියාවෙන් වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණ ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය කීය.