
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉතා රහසිගත ලෙස කළුගල් වැඩපොළක කාමරයකට ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් බණ්ඩාරගම ගුන්ගමුව ප්‍රදේශයෙන් සොයාගත් බව කළුතර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
ඒවා රැගෙන ආ බව කියන පුද්ගලයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරු සමඟ ඇමෝනියා කිලෝ 8 යි ගෑම් 500 ක් කලු කුඩු නොහොත් වෙඩි බෙහෙත් ගෑම් 444 ක් ඩෙටනෙටර් 45 ක් වෝටර් ජෙල් කරල් 23 ක් විවිධ ප්‍රමාණවලින් යුත් සේවා නූල් කොටස් 14 ක් පොලිස් භාරයට ගෙන ඇත.
නීති විරෝධී ආකාරයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සඟවා ඇති බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් (77780) සම්පත් නිලධාරියාට ලද රහසිගත තොරතුරක් අනුව දින ගණනාවක් මුළුල්ලේ සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම වැටලීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිහෙක් කලුගල් කඩන්න ගෙනාපු ඒවා වෙන්න ඇති... කුඩු ටොන් ගණන් ගේනවා. ඒවා අල්ලන්නේ නැහැ. පොඩි මිනිහෙක් ජීවත් වෙන්න හදන්නේ ඒකට තමයි... අකුල් හෙලන්නේ අහළ පහළ අය ඔත්තු දීලා...