(යොහාන් භාසුර)

බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථාන තුළ ඊයේ (23) පස්වරුවේ ඇති වූ පිපිරීමේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරීයෙක්  පැවසීය.

මෙහිදී ‘කඳුඵ ගෑස් බෝම්බයක්’ පුපුරා ඇති බවත් එම පිපිරීමෙන් පොලිස් නිලධාරීයෙක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බවත් එම පොලිස් නිලධාරියා කීය.

කොළඹ නගර සභාව අසළ ඊයේ පස්වරුවේ පැවැති විරෝධතාවක් පාලනය කිරීමට රැගෙන ගිය ‘කඳුඵ ගෑස් බෝම්බයක්’ නැවත රැගෙන ඒමේදී එසේ පුපුරා ගොස් ඇතැයි සැකකරන බවත් නාරාහේන්පිට පොලිසිය එම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.