
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
නිවසකට ඇතුළු වී නාන කාමරයේ සිටි කාන්තාවකගේ දර්ශන ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ බව කියන ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව අම්පාර මූලස්ථාන පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ගේආරක්ෂාවට යොදවා සිටි අයෙක් යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට අද(25) පැවසීය.
මෙම පොලිස් සැරයන්වරයා හිටපු මන්ත්‍රීවරියගේ නිවසේ රාජකාරියේ නිරතව සිටින අතර වාරයේ යාබද ඉඩමකටහොර රහසේ ඇතුළු වීඑම ඉඩමේ පිහිටි නිවසේ නාන කාමරයක සිටි කාන්තාවගේ දර්ශනසිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කරගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.
එම ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇතැයි කියති.
කාන්තාව මේ බව දැක කරන ලදපැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැරයන්වරයා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ සාලෙ මෙක පුදුම රටක්නෙ. හිටපු මැති අමතිලාටත් ආරක්ශාවක් දෙනවාද ? එහෙම දෙනවානම් මුදල් අය කර ගැනීමක් සිදු වෙනවාද ?
පාර්ලිමේන්තු මන්ත්රීවරිය නානකාමරේ ඉන්න කොටත් වීඩියෝ කළාද දන්නේ නැහැ...
ඒ හිටපු මංත්රීවරියගේ සැමියාට, බිරිඳව ප්රවේශමෙන් බලාගන්න බැරිද? එහෙනම් ඉතින් එහෙම අය එකතු කරලා වැඩිහිටි නිවාස ක්රමයට නිවාස හදලා ඒවායේ නවත්තන්න ඕනෑ වැඩිහිටි නිවාසයකට වුණත් වරදක් නැහැ සමාජ සේවා ආධාර මත පෝෂණය කරන්න...
අසහනකාරයෙක් වෙන්ඩ ඕනේ,. මරු ඇමති ආරක්ෂකයා?