69 මව මරා මාලයයි කරාබු ජෝඩුවයි පැහැර ගනී නුවරඑළිය, ලිදුල වෝල්ට්‍රිම් වත්තේ නිවසක පදිංචිව සිටි හැට නම හැවිරිදි කාන්තාවක් අද කිසිවකු ඝාතනය කර ඇය පැලඳ සිටි රන් මාලය හා කරාබු ජෝඩුව පැහැරගෙන පලාගොස් ඇති බව ලිඳුල පොලිසිය පවසයි. 21 April 2023
ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනාධිපතිට ලියයි යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව පැහැදිලි කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. 21 April 2023
හිටපු නීතිපති 24 වැනිදා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට? පාස්කු ප්‍රහාර විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාට ලබන (24) සදුදා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 21 April 2023
දර්ශන හදුන්ගොඩට එරෙහිව සී.අයි.ඩී පරීක්ෂණයක් මෙරට මුහුදු සීමාවේ දී ගිනි ගැනීමට ලක් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සම්බන්ධයයෙන් වන්දි ඉල්ලා සිංගප්පුරුව අධිකරණයෙ එම නඩුව විභාග කිරීම සම්බන්ධයෙන් යු ටියුබ් නාලිකාවක් හරහා අතිරේක සොලිසිට ජනරාල් විකුම් ඩී ආබෲ සහ රජයේ නීතිඥ නයෝමි කහවිට යන මහත්ම මහත්මීට අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරයකු වන දර්ශන හදුන්ගොඩ එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත. 21 April 2023
බිරිය සමඟ තරහ වී සැමියා ගෙට ගීනි තබයි අඹු-සැමි ආරවුලක් දුරදිග ගොස් බීමත් සැමියා සිදු කළ ගිණි තැබීමකින් නිවසක් සම්පූර්ණයෙන් අද (21) ගිණි ගෙන විනාශ වී ඇතැයි එප්පාවල පොලීසිය පවසයි. 21 April 2023
උ.පෙ දෙමළ පිළිතුරු පත් බැලීම අරඹයි උසස් පෙළ දෙමළ මාධ්‍යය පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු අද (21) ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව තහවුරු කළැයි ජනාධිපති කාර්යාලය පවසයි. 21 April 2023
උද්ධමනය පහළට ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මස ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 49.2 ක් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දී ඇත. පෙබරවාරි මසට සාපේක්ෂව මාර්තු මස මෙරට උද්ධමනය සියයට 4.4 කින් පහල ගොස් තිබේ. 21 April 2023
ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරිම සඳහා වන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවාධරණය කළේය. 21 April 2023
පාසල් පෙළ පොත් - නිල ඇඳුම් මැයි 15 වෙන් බෙදා අවසන් සියලුම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසල් පෙළ පොත් සහ පාසල් නිල ඇඳුම් මැයි මස 15 වැනිදා වන විට බෙදා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 21 April 2023
පළාත් දෙකකට නව ලේකම්වරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් දෙකකට නව ලේකම්වරුන් පත් කර තිබේ. 21 April 2023
මුං වගාව ගින්නෙන් බේරා ගන්න ගිය ගොවියා ගින්නට බිලි වෙල්යායක ඉපනැල්ලට තැබූ ගින්දර නිවීමට එහි ගිය ගොවියකු ගින්නට හසුවීමෙන් මියගොස් ඇති බව හුංගම පොලීසිය කියයි. 21 April 2023
ලොව අර්බුදයට විසඳුම බුදුන් වහන්සේ ළඟ බුදුන් වහන්සේට ප්රකාශනයට එහා ගිය විඥානයක් ඇති බවත් බදුන් වහන්සේගේ ඉගැන්වීම් වර්තමානයට මනාව ගැලපෙන බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය. 21 April 2023
වතුකම්කරුවන්ට සුභ ආරංචියක් වතුකම්කරුවන් දෛනික නෙලන තේ දළු ප්‍රමාණය මත ඔවුන්ට වැටුප් ලබාදීම හෙවත්‘‘ඵලදායිතාව මත පදනම් වූ වැටුප් ක්‍රමය‘‘ ක්‍රියාත්මක කළ හොත් කම්කරුවකුට දිනකට රුපියල් 3000ක වැටුපක් ලබාගත හැකි යැයි ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කරයි. 21 April 2023
බලයට ආ විගස පාස්කු වින්දිතයන්ට යුක්තිය ලබා දෙනවා වසර 4ක් ගත වී ඇතත් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට කිසිම විසදුමක් නොලැබුන බවත් මේ මොහොත වන විටත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 21 April 2023
ණය සැලැස්ම වැඩි දෙනෙක් පිළිගෙන නෑ දේශීය ණය හිමියන්ට සිය ණය ස්වේච්ඡාවෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවස්ථාව ලබා දීමේ ශ්‍රී ලංකාවේ සැලැස්ම පිළිගෙන ඇත්තේ කීපදෙනකු පමණක් බව බ්ලූම්බර්ග් පුවත් සේවය පෙන්වා දී ඇත. 21 April 2023
ප්‍රතිජීවක නැතිව සීදුව රෝහල ලෙඩ වේ සීදූව විජය කුමාරතුංග රෝහලේ පවතින ප්‍රතිජීවක ඖෂධ හිඟය නිසා බාහිර රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ නිකුත් කිරීම නවත්වන ලෙස රෝහල් අධ්යක්ෂ ඩී.සී.ඒ. රණවීර මහතා රෝහලේ වෛද්‍යවරන් සහ හෙද කාර්ය මණ්ඩලය ලිඛිතව උපදෙස් දී ඇත. 21 April 2023
සැමියා බිරිය පැහැරගනී මාස කිපයක විවාහය එපා වී නැවත හලාවත මුනුවන්ගම ප්‍රදේශයෙ මවිපියන්ගේ නිවසේ රැදි සිටි තරුණ කාන්තාවක් විවාහක සැමියා ඇතුළු මැරයින් පිරිසක් කඩා වැදි බලහත්කාරයෙන් වෑන් රථයකින් පැහැර ගෙන ගොස් ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි. 21 April 2023
රුසියන් යානාව රුසියාවටම බෝම්බ ගහයි රුසියානු ප්‍රහාරක ජෙට් යානාවක් අත් වැරදීමකින් යුක්රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියානු නගරයකට ප්‍රහාරයක් එල්ල කර තිබේ. 21 April 2023
කම්කරු කොමසාරිස්ට අධ්‍යක්ෂක තනතුරක් කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ බී.කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂකවරයකු ලෙස නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කර තිබේ. 21 April 2023
ලිහිසි තෙල් නියාමන බලතල උපයෝගිතා කොමිසමෙන් ඉවතට ලිහිසි තෙල් කර්මාන්තයේ ඡායාමාත්‍ර නියාමන බලතල ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉවත්කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇතැයි එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 21 April 2023
’’පාස්කු ප්‍රහාරයට මම වැරදිකාරයෙක් නොවෙයි’’ පාස්කු ඉරුදින ප්‍රහාරයට තමා වරදකරුවකුවී නැතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 21 April 2023
පාසල් ’’කූල්’’ කරන්න මාර්ගෝපදේශ මාලාවක් උණුසුම් කාලගුණයෙන් වැළකීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අංශවල අවධානය යොමුවී ඇත. 21 April 2023
උප්පැන්නය නැති අයටත් ජාතික හැදුනුම්පතක් උප්පැන්න සහතිකය නොමැති වීම හේතුවෙන් ජාතික හැදුනුම්පත ගැනීමට නොහැකිව සිටින වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන්ට ජාතික හැදුනුම්පත නිකුත් කිරීමේ වැඩසටහනක් සකස් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පැවසීය. 21 April 2023
තල්මස් වමනය සමග අයකු අල්ලයි තල්මසුන්ගෙන් ලබා ගන්නා මිළ අධික අම්බර් (තල්මස් වමනය) කිලෝ 15 ට ආසන්න ප්‍රමාණයක් පන්නිපිටිය නියදගල ප්‍රදේශයේ නිවසක සඟවා තිබී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 21 April 2023
වටිනා වාලම්පුරියක් සමඟ වනජීවි නිලධාරියා මාට්ටු මිල කළ නො හැකි වාලම්පුරියක් ළඟ තබා ගෙන සිටි බව කියන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සත්ව අඩවි සහකාරවරයෙකු අද(21 ) අත්අඩංගුවට ගත් බව මිරිගම පොලිසිය කියයි. 21 April 2023
පාස්කුදා ප්‍රහාරයට වසර 4යි පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවට අදට (21) වසර හතරක් සපිරෙයි. 21 April 2023
පාස්කු දා ප්‍රහාරයෙන් දිවි අහිමිවුවන් වෙනුවෙන් දිව්‍ය පුඡාවක් සිව් වසරකට ඉහතදී පාස්කු දා සිදු වූ ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් ගේ ආත්මයන් වෙනුවෙන් විශේෂ දිව්‍ය පූජාවක් හා යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා කන්නලව්වක් අද(21) කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවැත්වෙද්දී බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක ද ඊට සහභාගි වී සිටීම කැපී පෙනෙන සිදුවීමක් විය . 21 April 2023
ලක්ෂ 60ක දුරකතන සොරාගත් 3ක් මාට්ටු පුත්තලම නගරයේ දුරකථන අලෙවි සැලකින් සොරා ගෙන තිබු ලක්ෂ 60 කට ආසන්න දුරකථන තොගයෙන් අඩක් හා එය අලෙවි කරමින් සන්තකයෙ තබා ගත් සැකකරුවන් තිදෙනෙකු කාත්තන්කුඩි ප්‍රදේශයෙදී අද(21 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශණ ඒකකය පවසයි. 21 April 2023
අද කාලගුණයේ තත්ත්වය බස්නාහිර,සබරගමුව,දකුණ,මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැනට සවස් කාලයේ හෝ රාත්‍රීකාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 21 April 2023
චීන ආරාධනයකට රුවන් ඇතුළු පිරිසක් චීනයට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පස් දෙනකුගෙන් සමන්විත එජාප නියෝජිත කණ්ඩායමක් චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ආරාධනයකට අනුව චීනයේ සංචාරයක් සඳහා පිටත්ව ගියහ. 21 April 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026