පසුගිය මාස 10දී කෝටි දහනව දහසක කනකර උකස් කරලා
දිවයින පුරා ලක්ෂ හතළිහක පමණ පිරිසක් මේ වසරේ මුල් මාස දහයක කාලයේදී රුපියල් කෝටි දහ නව දහස් තුන් සියයකට (19,300) වැඩි වටිනා කනකර ආභරණ (රත්රන් බඩු) ප්‍රමාණයක් විවිධ ආයතනවලට උසස් කර ඇතැයි අධ්‍යයනයකදී තොරතුරු හෙළි වූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවැසීය.