174-235 බස් වර්ජනය අවසන් මාර්ග අංක 174 කොට්ටාව , බොරැල්ල හා 235 කොට්ටාව , ගල්කිස්ස පෞද්ගලික බස්රථ වර්ජනය අවසන් කළ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි. 23 June 2023
කොළඹට පැය 16 ක් ජලය අත්හිටුවයි කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (24) ජල සැපයුම පැය 16 ක් අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 23 June 2023
‘ටයිටන්’ ගැන ‘ටයිටැනික්’ අධ්යක්ෂවරයා හඬ අවදි කරයි ‘ටයිටන්’ සබ්මැරීනයේ ඛේදවාචකය සම්බන්ධයෙන් හොලිවුඩ් චිත්‍රපට අධ්යක්ෂ ජේම්ස් කැමරන් සිය හඬ අවදි කළේය. 23 June 2023
යතුරුපැදියක ගැටී කාන්තාවක් මරුට හඳපාන්ගොඩ සමෘද්ධි බැංකුවෙන් සමෘද්ධි සහනාධාරය ලබා ගැනීම සඳහා යමින් සිටි වයෝවෘද්ධ කාන්තාවක් බැංකුව ඉදිරිපිට දීම තරුණයෙකු පැද වූ යතුරුපැදියක ගැටීමෙන් මියගොස් ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි. 23 June 2023
සබ්මැරීනය අතුරුදන් වුණේ පුපුරා ගිය නිසා ‘ටයිටැනික්’ නැවේ සුන්බුන් නැරැඹීමට කිමිදෙද්දී, ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමේ ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනය අතුරුදන් වූයේ, එය මුහුදු පතුළේ පීඩනයට ලක්වී පොඩි පට්ටම් වී පුපුරා ගිය නිසා යැයි ඇමෙරිකන් වෙරළාරක්ෂකයන් මෙන්ම ඇමෙරිකන් නාවික හමුදාව ද පවසයි. 23 June 2023
ටයිටන් සබ්මැරීනයේ කොටස් පා වේ ටයිටැනික් නෞකාවේ ගවේෂණ සඳහා ගමන් ගත් පිරිසක් රැගත් ටයිටන් සබ්මැරීනය සිටි පුද්ගලයන් පස්දෙනා මියගොස් ඇති බවට තහවුරු වී ඇතැයි අමෙරිකානු වෙරළාරක්ෂක බළධාරීහු තහවුරු කරති. 23 June 2023
අදත් පළාත් රැසකට වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 June 2023
කෙල්ලෙක් ලෙස පෙනී සිට දරුවකුට අතවර කරලා මුහුණු පොතෙන් ගැහැණු ළමයකු ලෙස පෙනී සිටිමින් කතාබහ කොට 14 හැවිරිදි පිරිමි දරුවකු ගම්පහ ප්‍රදේශයට ගෙන්වා ගෙන ඔහුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාල පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි. 23 June 2023
රතුකුරුස නිලවරණයට එරෙහි ඉල්ලීම විසි කරයි ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මහාසභා රැස්වීම සහ නිලවරණය පැවැත්වීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි එහි ජාතික ලේකම්වරයා සහ මධ්‍යම පාලක මණ්ඩලයේ සාමාජිකයින් සිව් දෙනෙකු කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ප්‍රතික්ෂේප කළේය. 23 June 2023
උපරිම මිල ප්‍රදර්ශනය අනිවාර්ය කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් නිවැරදි තීරණ නිසා සහල් ආනයනය කිරීමට රජය වැය කළ ඇමරිකා ඩොලර් මිලියන 350ක පමණ මුදල රටට ඉතිරි කර ගැනීමට හැකි වූ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 22 June 2023
ඉඟිනියාගලින් අතුරුදන් වූ දරු දෙදෙනා මීගහවත්තෙන් හමුවේ ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයෙන් අතුරුදහන් වු බව කියන සිසුවියන් දෙදෙනා අකුරුමුල්ල ප්‍රදේශයේ නිවෙසක සිටියේදී සොයා ගත් බව මීගභවත්ත පොලිසිය පවසයි. 22 June 2023
අලුත් මැතිවරණ කොමිසම මෙන්න මැතිවරණ කොමිෂන් සභාව සඳහා අලුත් සාමාජිකයෝ පස්දෙනෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ඊයේ(22) නම් කරනු ලැබූහ. 22 June 2023
කුලී මිනී මරන්නන් මට්ටු කරන්න යයි බස්නාහිර හා දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් දිගින් දිගටම සිදුකර මැනිමැරුම් වලට අදාල ක-ුළි මිනිමරුවන්ට එරෙහිව දැඩිව පියවර ගන්නා ලෙසට මහජන ආරකෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයා ඇතුලු සියලු උසස් පොලිස් නිලධාරීන්ට නියෝග ලබා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 22 June 2023
කමාන්ඩෝ සෙබළකුගේ කකුල් දෙකටම වෙඩි වැදී රෝහලේ මන්නාරම අඩම්පනේ යුදහමුදා කමාන්ඩෝ පුහුණු පාසලේ රාජකාරි කරන කොමාන්ඩෝ සෙබලෙකුගේ කකුල් දෙකට අද 22 වෙනිදා දහවල් වෙඩි වැදී තුවාල ලබා මන්නාරම දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇතැයි අඩම්පන් පොලීසිය පවසයි 22 June 2023
කොට්ටාවේ වෙඩි තැබීම වැරැදි ඉලක්කයක් කොට්ටාව නගරයේ පෞද්ගලික රසායනාගාරයක් තුළ දී සිදුකළ වෙඩි තැබීම වෙඩික්කරුවන්ගේ වැරදි ඉලක්කයක් බවට මේ වනවිට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. 22 June 2023
පේරාදෙනි සරසවියේ සිසුහු 5ක් මේ වසරේ දිවි නහගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පස් දෙනෙක් මේ වසර ඇතුළත සිය දිවි හානි කරගෙන තිබෙන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 June 2023
හරීන්ට ජාත්‍යන්තර මට්ටමේ ලොකු තනතුරක් එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) දකුණු ආසියානු කොමිසමේ උප සභාපති ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කර ඇත. 22 June 2023
පිටිපනදී බසය අටපට්ටම්: අයෙක් මරුට: 13 ක් රෝහලේ හෝමාගම තලගල ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගි වී සහභාගී වී නැවත එමින් සිටි පිරිසක් රැගත් බස්රථයක් පිටිපන සුවපුබුදුගම ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාම නිසාවෙන් එහි ගමන් ගත් එක් අයෙකු මියගොස් පුද්ගලයන් 13 දෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හෝමාගම පොලිසිය පවසයි 22 June 2023
මහින්දට ඇප කොම්පඤ්ඤවීදිය මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 70ක් වංචා කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පිටකොටුව වෙළෙඳ සංගමයේ සභාපති හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම රුපියල් ලක්ෂ 15ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය. 22 June 2023
අල්ලස් ගත් හදිසි මරණ පරීක්ෂකට වැඩවරදී මරණ පරික්ෂණය සිදුකර මරණ සහතිකය ලබා ගැනිමට එයට අදාල වාර්තාව ලබාදිම සදහා රුපියල් 3000ක අල්ලසක් ගත් ත්‍රි කුණාමලය මහ රෝහලේ තාවකාලික රාජකාරියේ යෙදී සිටිබව කියන හදිසි මරණ පරික්ෂකවරයා අද (22) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවේ වැටලිම් අංශයේ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 22 June 2023
ජනපතිගේ කතාවට හර්ෂ ගණන් හදා උත්තර දෙයි ජනාධිපතිවරයා කියන පරිදි 2048 වසර වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමට නම් සෑම වසරක්ම සියයට 6.5 ක වර්ධන වේගයක් ලඟා කරගත යුතු බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 June 2023
සැප්තැම්බරයේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කරනවා ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම සඳහා සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 22 June 2023
ඔක්සිජන් ඇත්තේ තව පැය කීපයයි ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් ද සමග අත්ලාන්තික් සාගර පතුලට යද්දී අතුරුදන් වුණු ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ ඔක්සිජන් ඇත්තේ තව පැය 3 කට පමණි. තවමත් සබ්මැරීනය සොයා ගැනීම ගැටලුවක් වී ඇත. 22 June 2023
’’225ම අපතයන් වෙලා’’ පාර්ලිමේන්තුවේ තුන් හතර දෙනෙක් සපයන විහිළු නිසා 225ම අපතයන් බවට පත්වෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 June 2023
බිලියන හයක හාල් සතුන්ට කන්න වෙන් කරලා ලක් සතොස ආයතනය 2015 වසරේ දී රුපියල් බිලියන හයක් වියදම් කර ගෙනා සහල් සත්ව ආහාර ලෙස පිටකොටුවට විකුණා පිටකොටුවෙන් නැවත වතාවක් ඒවා සාමාන්‍ය මනුෂ්‍ය පරිභෝජනයට යොදා ගැනීමේ කරුණක් කෝප් කමිටුවේ දී අනාවරණය වූ බව ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 June 2023
ඩයනා අධිකරණයට අපහාස කරලා? අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව නඩුවක් ගොනු කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අභියාචනාධිකරණයෙන් ඉල්ලිමක් කළේය. 22 June 2023
ආණ්ඩුවට ජනතාවට ආරක්ෂාව සපයන්න බෑ දවසේ පැය 24 ඇතුළත ඝාතන තුන හතරක් පිළිබඳ අහන්නට ලැබෙන බවත් දිනෙන් දින සිදුවන වෙඩි තැබීම් හේතුවෙන් ජනතාව විශාල භීතියකට පත්ව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා කොළඹදී අද (22) පැවසීය. 22 June 2023
ගයන්තගෙන් චෝදනාවක් ආණ්ඩුව ඡන්දපොළ දකින්නේ අපායක් වගේ යැයි ද මැතිවරණ කොමසාරිස් පේන්නේ යම රජ්ජුරුවෝ වගේ යැයිද සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 June 2023
’’ටෙලිකොම් විකුණන්න යන්නේ එල්ටීටීඊකාරයකුට’’ ජනාධිපතිතුමා ටෙලිකොම් ආයතනය විකුණන්න හදන්නේ හිටපු එල්ටීටීඊකාරයකුට යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 June 2023
ත්‍රිරෝද රථ රියැදුරා වෙඩි කා පළා යයි පොලිස් අණ නොතකා ධාවනය කරන ලද ත්‍රිරෝද රථයකට ලබුදුව බෝගහ වේල්ල මාර්ගයේදී අද (22) දහවල් වෙඩි තැබූ බව පෝද්දල පොලිසිය කියයි. 22 June 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026