මාරක ළිඳ දරුවාට මාරකයක් වෙයි දඹගල්ල පොලිස් වසමේ මඩුල්ල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සැණකෙළියක සවිකර තිබූ මාරක ළිඳේ පඩිපෙළ නගිමින් සිටි අවුරුදු 01 මාස 11 වයසැති පිරිමි දරුවෙකු පඩිපෙළින් වැටී මියගොස් ඇතැයි දඹගල්ල පොලීසිය පවසයි. 22 June 2023
දෙබරු ඇන පොලීසියේ තුනක් රෝහලේ සඳසිරිගම ප්‍රදේශයේ කසිප්පු ජාවාරම් කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනිමට යතුරු පැදි දෙකකින් යමින් සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු දෙබර ප්‍රහාරයකට ලක්ව රෝහල් ගතකළ බව තඹුත්තේගම මුලස්ථාන පොලිසිය කියයි. 22 June 2023
ගුවන් යානයේ ප්‍රමාදය ගැන ඇමති උත්තර දෙයි ශ්‍රී ලංකාවේ තරුණයන් පිරිසක් කොරියාවේ රැකියා සඳහා රැගෙන යෑමට සූදානම්ව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානය ප්‍රමාද වූයේ නියමුවා අසනීපවීම නිසා බවත් නිවාඩු ලබා සිටි ගුවන් නියමුවන් විසි දෙනාගෙන් මේ අවස්ථාවේදී ඒ ගුවන් යානය රැගෙන යෑමට රට වෙනුවෙන් ඉදිරිපත් වන්නැයි දැනුම් දුන්නත් එකම අයකු හෝ ඉදිරිපත් නොවූ බවත් වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 June 2023
විපක්ෂ නායක උදේට පත්තර කියවන අය වගේමයි රූපවාහිනියේ උදේට පත්තරේ කියවන මාධ්‍යවේදීන් සහ විපක්ෂ නායකතුමා අතර වෙනසක් නැතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 June 2023
බොරැල්ලේ නිවසකටත් වෙඩි දිවයිනේ ප්‍රසිද්ධ පාවහන් අලෙවි ව්‍යාපාරිකයකුගේ බොරැල්ල හරස් පාරේ නිවසට අද (22) අලුයම ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බව බොරැල්ල පොලිසිය පවසයි. 22 June 2023
සංගීත සංදර්ශන පැවැත්වීමේ කාලය දීර්ඝ කරයි සංගීත සංදර්ශන පැවැත්වීමට රාත්‍රී කාලයේ පනවා තිබූ සීමාව සංශෝධනය කළ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 22 June 2023
බසයට යට වූ ගුරුවරයා මරුට යතුරු පැදියක් සහ බස් රථයක ගැටීමෙන් අද (22) උදෑසන කොලොන්නාව රාජමහා විහාරස්ථානය අසලදී සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන්ගත් පුද්ගලයකු බස් රථයට යටවී මියගොස් ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය පවසයි. 22 June 2023
ආණ්ඩුවේ ’’අස්වැසුම’’ ඇස්බැන්දුමක් පමණයි ජනාධිපතිගේ කුළුණු හතරක ජාතික සැලැස්ම කෙසේ වෙතත් ජනතාවට හතර අතින්ම කුළුගෙඩි පහර නම් වදින්න පටන්ගෙන තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 June 2023
ජනපති කියන සුන්දර ලොව බිහි වන තෙක් බඩගින්නෙ ඉන්නවාද? ජනාධිපතිවරයා කියන සුන්දර ලෝකය 2048 දී බිහිවන තෙක් තව වසර 25ක් යන තුරු ජනතාව බඩගින්නේ තියන්න පුළුවන් දැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 June 2023
හිටපු නීතිපති අත්අඩංගුවට නොගන්නා බව පොරොන්දු වේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයට හිටපු නීතිපති දප්පුල ලිවේරා මහතා අත්අඩංගුවට නොගන්නා බව නිතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය. 22 June 2023
යුද හමුදා බසයට දැරියක බිලි යුද හමුදාවට පවරාගත් බස් රථයක් අද අළුයම ස්කූටරයක ගැටී එහි ගමන් ගත් තුන් හැවිරිදි දැරියක එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. 22 June 2023
කෙහෙළිය තීරණයක් ගන්න යයි ඖෂධ ගැනීමට ප්‍රමාණවත් මුදල් නොදෙන්නේ නම් මේ තනතුරු තවදුරටත් දැරීමේ බලාපොරොත්තුවක් නැතැයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 June 2023
රනිල් සන්නද්ධ හමුදා කැඳවයි රටේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සියලු සන්නද්ධ හමුදා කැදවීමට අදාල ආඥාවක් ජනාධිපතිවරයා නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 22 June 2023
අද දවසේ වැස්ස ගැන කාළගුණය මෙසේ කියයි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 June 2023
අරගල සාමාජිකයාගේ ගනිකා කතට සමාජ රෝගයක් අරගලයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයකු මෙහෙය වූ බව කියන ජංගම ගණිකා මධ්‍යස්ථානයකින් වටලා අත්අඩංගුවට ගත් සුරූපී කාන්තාවකට සමාජ රෝගයක් වැළඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇත. 22 June 2023
ප්‍රංශයේ වැඩ්ඩෙක් කොළඹ වරායට ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකාවක් නිළ සංචාරයක් සදහා කොළඹ වරායට සේන්දු විය. දිගින් මීටර් 102.4 ක් වන මෙම නෞකාව 107 ක බලමුළුවකින් සමන්විත වේ. 22 June 2023
මාස හයට උණ්ඩය 23 බිලි ගනී 2023 වසරේ මේ දක්වා සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 23 දෙනකු මියගොස් තවත් 17 දෙනකු තුවාල ලබා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 22 June 2023
අනවසරයෙන් ආ ධීවරයින් 22ක් අත්අඩංගුවට යාපනය, ඩෙල්ෆ්ට් දුපතට වයඹ දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසරයෙන් ඇතුළු වී ඇතුළුවී ධීවර කටයුතු වල නිරත වෙමින් සිටි ඉන්දීය ධීවරයන් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 22 June 2023
නාවික සෙබළා නිදි ඇඳේම මිය යයි තලෙයිමන්නාරම ඌරුමලේ නාවික හමුදා කඳවුරේ රාජකාරි කරන නාවික සෙබළකු නිදි ඇඳ මතම මියගොස් සිටියදී සොයාගත් බව තලේමන්නාරම මූලස්ථාන පොලිසිය කියයි. 22 June 2023
කෝටි 65 ක හෙරොයින් රේගුව අල්ලයි රුපියල් කෝටි 65 කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 16193 ක පමණ තොගයක් පාකිස්ථානය කරච්චි නුවර සිට පැමිණි නෞකාවක තිබී ශ්‍රී ලංකා රේගු වරාය පාලන අංශය අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පැවසීය. 22 June 2023
සැණකෙළිය අස්සේ සැරයන්ට ගහලා ඇල්පිටිය නවඳගල විද්‍යාල ක්‍රීඩාපිටියේ පැවති සැණකෙළියක ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයකුගේ හිසට පොල්ලකින් පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි. 22 June 2023
අලියාට ඇද්ද තුවක්කුවට දරුවා බිලි වී වගාව වල් අලින්ගෙන් ආරක්ෂා කිරීමට අටවා තිබූ ගිනි අවියක් පත්තු වී වෙඩි වැදුණු පාසල් සිසුවකු බරපතළ තුවාල මියගොස් ඇතැයි අඹන්පොළ පොලිසිය පවසයි. 22 June 2023
විමල්ට තරයේ අවවාද එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කර මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියට අදාළව වරෙන්තු නිකුත් වී සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ වරෙන්තුව ආපසු කැඳවූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, ඔහුට තරයේ අවවාද කරමින් පෙර ඇප මත අද (21) මුදා හැරියේය. 21 June 2023
සහරාන්ගේ දේශනවලට සහභාගී වූ තරුණයෙක් රිමාන්ඩ් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර සූදානමක් ලෙසින් හම්බන්තොට සෙට්ටිකුලම ප්‍රදේශයේ දී ‘මොහොමඩ් සහ්රාන්’ පැවැත් වූ අන්තවාදී දේශන සහ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ බව කියන සිද්ධියකට අදාළව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ විසිතුන් හැවිරිදි තරුණයකු නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 21 June 2023
අනියම් පෙමට එරෙහි වූ දැරියට පොලිස් බාප්පාගෙන් ප්‍රහාරයක් මව සමග පවත්වන අනියම් සම්බන්ධතාවට විරෝධය පළ කර එම සම්බන්ධය වහාම නතර කරන ලෙස පවසා පොලිස් සැරයන්වරයකුට බැණ වැදුණු එම කාන්තාවගේ 17 හැවිරිදි දියණියට අමානුෂික ලෙස පහරදුන් බව කියන පොලිස් සැරයන්වරයා ශ්‍රීපුර පොලිසිය විසින් පෙරේදා (20) අත්අඩංගුවට ගනු ලැබීය. 21 June 2023
මාර්ග දෙකක බස් වර්ජනයෙන් මගීහු තැලෙති මාර්ග අංක 174 කොට්ටාව - බොරැල්ල සහ මාර්ග අංක 255 කොට්ටාව- ගල්කිස්ස මාර්ගවල පෞද්ගලික බස්රථ දින තුනක් තිස්සේ වර්ජනය කිරීම හේතුවෙන් මගී ජනතාව දැඩි පීිඩාවට පත්ව සිටිති. 21 June 2023
නියමුවෙක් ලෙඩ වීම යානයේ ප්‍රමාදයට හේතුවයි කටුනායක සිට සියෝල් නගරය බලා ඊයේ (20) රාත්‍රී 8.20 ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ නියමුවන් දෙදෙනාගෙන් එක් අයකු රාත්රියේදී හදිසියේ අසනීප නිසා යානයේ පියාසර කිරීම ප්‍රමාද කිරීමට සිදුවූ බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 21 June 2023
අඩු කළ මිලට පාන් බනිස් නෑ පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් අඩු කළ ද ඇතැම් බේකරිවල ,ආපනශාලාවල, සහ පාන් බනිස් අලෙවි සල්වල මිල අඩු කර නැතැයි පාරිභෝගිකයෝ පවසති . 21 June 2023
වලස්මුල්ලේ වෙඩි තැබීමක් තුනක් රෝහලට වලස්මුල්ල මොදරවාන යහමුල්ල ප්‍රදේශයේ අද (21) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් ඇතුලු තිදෙනකු තුවාල ලබා ඇති බව වලස්මුල්ල පොලිසිය පවසයි. 21 June 2023
රන්ජන්ට වරෙන්තුවක් මහනුවර ප්‍රදේශයේ විදුහලක ගුරුවරියකගෙන් රුපියල් ලක්ෂ 10ක ඉල්ල ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට පෙනී නොසිටි ප්‍රවීණ රංගන වේදී රංජන් රාමනායකට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහත් වරෙන්තුවක් නිකුත් කළේය. 21 June 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026