IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී දෙන්නෙ නෑ

(අංජුල මහික වීරරත්න)

වී අලෙවි මණ්ඩලයට ගොවීන්  වී අලෙවි නොකරන තත්ත්වයක් උද්ගතව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීම සඳහා මේ වන විට ගබඩා විවෘත කර තිබෙන බවද අමාත්‍යවරයා කීය.

වී මිල දී ගැනීම සඳහා ගොවි භාරකාර අරමුදලෙන් සියයට අටක පොලියක් යටතේ රුපියල් මිලියන 500ක්  ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. 

ඒ යටතේ වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීම ආරම්භ කළ අතර අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව වී අලෙවි මණ්ඩලය විසින් ණය පදනම යටතේ ලබාගත් මුදල වී අලෙවි කර ගෙවීමට කටයුතු කළ යුතුව ඇතැයි ද වී අලෙවි  මණ්ඩලය ලාභ උපයා පෙන්විය යුතු යැයිද අමරවීර මහතා කීය.

වී අලෙවි මණ්ඩලය පසුගිය වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය බැංකුවලින් ගත් ණය මුදල අනුව තවත් රුපියල් මිලියන 24,000ක මුදලක් ගෙවීමට තිබේ.



අදහස් (4)

ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී දෙන්නෙ නෑ

මව්ලානා Thursday, 10 August 2023 11:13 AM

අලෙවි මව්ලානාට දුන්නා නම් හරි නෙ!

:       0       0

Hafeel Thursday, 10 August 2023 02:25 PM

ඇලවිලා දන්නේ මුස්ලීම් දේවස්ථානයේ දායක සභාවලට දුෂිතයන් පත් කරන්න විතරයි. ඔවුන් බලයේ ඉන්න කාලේ ඕවා තමයි කලේ.

:       0       2

අරවින්ද මොනරවිල Thursday, 10 August 2023 11:50 AM

හැමදාම දාන ගොන්පාට් එක මෙදා පාරත් දානවා, අරලිය කාරයටයි නිපුන කාරයටයි කුණු කොල්ලයට වී ගන්න මූන් ගේම ගහනවා.

:       1       7

Hafeel Thursday, 10 August 2023 02:22 PM

මෙයා මෙම අමාත්‍ය දුරය දරන්න සුදුස්සක්ද? පහුගිය කාලේ මෙයා කිව්වේ චන්ද තියන්න මුදල් ටික ගොවීන්ගෙන් වී ගන්න දුන්න නම් හොඳයි කියල. දැන් මුදල් ලැබුනට මෙයා කියනවා ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී දෙන්නෙ නෑ කියල. අවසානයේ චන්දයත් තියන්නත් බයයි, ගොවීන්ගෙන් වී ගන්නත් බැහැ. කාලයක් මෙයා කිව්වා ගොවීන්ගෙන් වී ගන්න මුදල් අමාත්‍යාංශයෙන් මුදල් දෙන්න නැහැ කියල සහ තෙල් සංස්ථාව ගොවීන්ට අවශ්‍ය ඉන්ධන දෙන්නත් නැහැ කියල. බලනවිට මෙයා මෙම අමාත්‍ය දුරය දරන්න කිසිසේත්ම සුදුසු නැහැ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site