කොරියන් යන ගුවන් යානය අදත් ප්‍රමාදයි: තරුණයන්ගේ රැකියා අනතුරේ දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්ව යන තරුණයන් පිරිසක් ද රැගෙන ඉන්චියොන් බලා අද (20) රාත්‍රියේ පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් යානය මෙවර ද ප්‍රමාද වීමකට ලක් වී තිබීම නිසා ඔවුන්ගේ රැකියා අහිමි වී යාමේ අවදානමක් මතු වී ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසයි . 20 June 2023
මහින්ද කහඳගම රිමාන්ඩ් කරයි කොම්පඤ්ඤවීදිය මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 70ක් වංචා කළැයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගත් පිටකොටුව වෙළෙද සංගමයේ සභාපති හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය. 20 June 2023
විකාශන අධිකාරී පනතේ පළමු අරමුණ භාෂණයේ නිදහස රැකීම ජාවාරම්කරුවන්ගේ ග්රහණයෙන් විදේශ රැකියා කේෂ්ත්‍රය මුදා ගැනීමට සමස්ත විදේශ සේවා කේෂ්ත්‍රයම ඩිජිටල්කරණයට ලක් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. 20 June 2023
අයවැය කාර්යාලය පනත ඡන්ද විමසීමකින් තොරව සම්මතයි පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (20) පස්වරුවේ සම්මත විය. 20 June 2023
දැරියකගේ අහිංසක බලාපොරොත්තුව කාමාතුරයකු වනසයි තම පෙම්වතාට හෙල්මට් එකක් අරන් දීමට එකතු කරගත් රුපියල් 8000 ක මුදලක් අතැතිව සිටි තරුණියක රවටා පැහැරගෙන ගොස් දූෂණය කර ඇය අත තිබූ මුදල් ද පැහැරගෙන පළා ගිය බව කියන තරුණයෙක් මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 20 June 2023
ෂාෆ්ටර්ගේ දුරකතනය ඥාතීන්ට දෙන්න බැහැ කියයි ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා භාවිත කළ ජංගම දුරකතනය සහ සිම්කාඩ්පත ඔවුන්ගේ ඥාතීන්ට ලබාදීමට රජයේ රස පරීක්ෂකවරයා විරුද්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (20) ප්‍රකාශ කළේය. 20 June 2023
දූෂණ විරෝධී පනත මෙන්න දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී හෙට පැවැත්වීමට නියමිතය. 20 June 2023
මාමයි බෑණයි අන්තර්ජාලය බලා ගිනි අවි නිපදවලා යූ ටියුබ් නරඹා ගිනි අවි නිදපවූ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි . 20 June 2023
හමුදා සලාක මුදල ඉහළ දමයි මෙරට ඇතිවූ ආර්ථික අවපාතය හේතුවෙන් පීඩනයට පත් වූ සියලු හමුදා සාමාජිකයන්ට සහනයක් ලෙස ඔවුන්ගේ සලාක මුදල රුපියල් 10,000 කට ආසන්න මුදලකින් ඉහළ නංවා ඇති බව යුද හමුදාව පවසයි. 20 June 2023
ඒඩ්ස් ආසාදනය සියයට 13 කින් වැඩිවෙලා මෙරට ඒඩ්ස් ආසාදනය 2023 වසරේ පළමු කාර්තුවේ දී සියයට 13 කින් වැඩි වී ඇතැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 June 2023
බිත්තරේට විසඳුම් සොයා කුකුළු පැටවු ලක්ෂයක් බෙදයි ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බිත්තර සම්බන්ධ ගැටලුවට දීර්ඝ කාලීන විසඳුමක් ලෙස කුකුලු පැටවුන් ලක්ෂයක් රට පුරා බෙදාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. 20 June 2023
අයි. එම්. එෆ් ගිවිසුමට සජබ එරෙහි වෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ඇතිකරගත් ගිවිසුමට විරුද්ධ වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ. 20 June 2023
මිලානෝ නුවර පොසොන් සිරියෙන් ඒකා ලෝක වේ පොසොන් පොහොය නිමිති කර විශේෂ පුණ්‍ය මහෝත්සවය ඉතාලියේ මිලානෝ නගරයේ දී ඉකුත් 17 සහ 18 වැනි දෙදිනේදී පැවැත්විණි. 20 June 2023
වැදගත් වන්නේ නීති රීති පැනවීම නොව ක්‍රියාත්මක කිරීමයි වැදගත් වන්නේ නීති රීති පැනවීම නොව නීති රීති ක්‍රියාත්මක කිරීම බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 20 June 2023
බේරේ වැවේ නාපු වීරයෝ ඇමතිකම් ඉල්ලනවා ලු බේරේ වැවේ නාලා මන්දිරවල හැංගිලා හිටපු වීරයෝ ටික දැන් ඇමතිකම් ඉල්ලන බව ආරංචි යැයි සමගි ජන ජනබලවේගයේ පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 20 June 2023
පෙළපාලි ගිය හමුදා ලොක්කා කවුද? තමා ගාල්ලේ සිට කොළඹ එද්දී හමුදාවේ උසස් නිලධාරියකුගේ වාහනයක් සමග වාහන හතක පෙළපාලියක් ගිය බවත් රටේ මිනිස්සුන්ට කන්න නැති වෙලාවක හමුදාවේ ප්රධානියකුට වාහන පෙළපාලි යන්න මුදල් දුන්නේ කවුදැයි තොරතුරු හෙළි කරන්නැයි ඉල්ලා සිටින බවත් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 June 2023
අ‘පුර සාත්තු සේවක සේවිකාවෝ 2ක් ගුටි ඇන ගනිති අනුරාධපුර ශික්ෂණ රෝහලේ එකම වාට්ටුවක සේවයේ නියුතු සාත්තු සේවකයකු හා සාත්තු සේවිකාවක අතර සිදුවු බහින් බස්විමක් දුරදිග ගොස් ගුටිබැට හුවමාරුවකින් තුවාල ලබා දෙදෙනාම ප්‍රතිකාර සදහා රෝහල් ගතවි ඇතැයි රෝහල් පොලිසිය කියයි. 20 June 2023
සැමියා කැපූ බිරියගේ කකුල හයි කරන්න බැරි වේ සැමියකු සිය බිරිඳගේ පාදය වෙන්වන්නට කපා දැමීම නිසා ප්‍රතිකාර සඳහා වෙන්වූ පාද කොටසද සමගින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ ද රෝහල් ගත කිරීමට ප්‍රමාද වීම නිසා කකුල බද්ද කළ නොහැකි බව රෝහල් ආරංචි මාර්ග කියයි. 20 June 2023
බේකරි නිෂ්පාදන මිල පහළට පාන් බනිස් ඇතුළු බේකරි සියලු නිෂ්පාදනවල මිල රුපියල් දහයකින් අද මධ්‍යම රාත්‍රීයේ සිට අඩුකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි. 20 June 2023
එන්නත් විසවී දරුවන් රැසක් මියගිහින් පේරාදෙණිය රෝහලේ නිර්වින්දන එන්නත් විසවී දරුවන් රැසක් මියගොස් ඇති බවත් මේ එන්නත් ඉවත් කරන්නේ යැයි පැවසුවත් තවමත් ඒවා පාවිච්චි කරන බවට තොරතුරු වාර්තා වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 June 2023
රට රැකියා දෙනවා කියා කෝටි 10 ක් වංචා කරලා යුරෝපීය රටවල රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි දහයකට අධික මුදලක් වංචා කළ සැකකරු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය කියයි. 20 June 2023
විපක්ෂ නායකට කඩේ යන්න කියයි සහල් මිල ගැන තොරතුරු නොදන්නා හෙයින් කඩේට ගිහින් හාල් මිල හරියට දැනගන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 June 2023
ඇල්පිටිය රෝහලේ විදුලි සෝපානය සකසයි අක්‍රීය වී තිබූ ඇල්පිටිය මූලික රෝහලේ විදුලි සෝපාන යන්ත්‍ර දෙකම අද (20) පෙරවරුවේ යළි යථා තත්ත්වයට පත්කිරීමට හැකිවූ බවත් ඒ නිසා රෝහලේ සියලු කටයුතු පුරුදු පරිදි සිදුකිරීමට පියවර ගෙන ඇති බවත් ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය දිමුතු අමරසිංහ මහතා පැවසීය. 20 June 2023
ජනපති පොදුරද මඩුළු මහලේකම් හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් එච්.පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමු විය. 20 June 2023
අලුත් පොලිස්පති ලබන සතියේ නව පොලිස්පතිවරයා ලබන සතියේදී පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. 20 June 2023
සජිත්ගෙ කතාවට කෙහෙළිය එකඟ වෙයි ඩෙංගු මර්දනය සඳහා බඳවා ගෙන සිටින ශ්‍රමිකයන්ගේ සේවය වහා ස්ථිර කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 20 June 2023
ප්‍රමිතියට වගා කර ඩොලර් මිලියන 36ක් රටට ගෙනෙයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය 2022 වසරේ කෘෂි බෝග නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 36ක් උපයා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 20 June 2023
විදුලි සෝපානය ඇල්පිටිය රෝහලේ සැත්කම් නවත්වයි ඇල්පිටිය මූලික රෝහලේ විදුලි සෝපාන යන්ත්‍ර දෙකම අක්‍රීය වීම නිසා අද (20) දිනට සිදුකිරීමට නියමිත ශෛල්‍ය කර්ම සියල්ලම කල්දැමූ බව ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය දිමුතු අමරසිංහ මහතා පැවසීය. 20 June 2023
සිමෙන්ති සෙස් බද්ද ඉහළ දමයි සිමෙන්ති සෙස් බද්ද ඉහළ දැමූ බව ආයෝජනය ප්‍රවර්ධන අමාත්‍යංශය පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වල ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 5 සිට රුපියල් 8 දක්වා ඉහළ දැමූ බවත් කිලෝග්‍රෑම් 50 ට වැඩි හෝ තොග වශයෙන් ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 3 සිට රුපියල් 5 දක්වා ඉහළ දැමූ බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි. 20 June 2023
පළාත් රැසකට කඩින් කඩ වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 June 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026