කාලගුණයෙන් අම්පාරටත් දැඩි හානි පවතින අයහපත් කාලගුණ තත්වය සමග අම්පාර දිස්ත්‍රික්කයේද කාලගුණ තත්වය මුලුමනින්ම වෙනස් වි තිබේ . අම්පාර දිස්ත්‍රික්කය පුරාවටම සුලං තත්වයක් ඇති අතර දැඩි සීතලක් ද පවතී. 08 December 2022
ලාංකිකයෙක් ලබන වසරේ ලෝකයට ලක්ෂ 15ක් ණයයි රටේ ආර්ථික තත්වය අනුව පුද්ගලයකු ලබන අවුරුද්ද වනවිට රුපියල් පහළොස් ලක්ෂයක ණයකරුවකු බවට පත්වන බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 December 2022
උඩරට මාර්ගයේ තැපැල් දුම්රිය දෙකක් අවලංගුයි උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය හා ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් අද (8) තැපැල් දුම්රිය දෙකක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 08 December 2022
විදුලි බිල වැඩිකිරීම හැර වෙන විකල්පයක් නෑ විදුලි බිල නැවත වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 December 2022
නාවික හමුදාවේ 3770 කට උසස්වීම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් 222 ක් සහ විවිධ තරාතිරම්වලට අයත් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3548 ක් ඇතුළු නාවික හමුදාවේ 3770 ක් හෙට (9) සිට උසස් කිරීමට නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ නිර්දේශය මත පිවයර ගෙන තිබේ. 08 December 2022
ඉඩමි ආරවුලට ගමේ මන්ත්‍රී කතකට සරම උස්සයි කාන්තාවකට සරම උස්සා පෙන්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත්බව ඉත්තෑපාන පොලිසිය සදහන් කරයි . 08 December 2022
ඌවතැන්නේ සුමන හිමි අත්අඩංගුවට පොල්තෙල් ලබාගෙන කෝටි ගණනක අගරු චෙක්පත් නිකුත් කර වංචාවක් කළැයි කියන සිද්ධියකට අදාළව ඌවතැන්නේ සුමන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 08 December 2022
ලොව අංක එකේ ධනවතා වෙන්න තරගයක් ලොව අංක එකේ ධනවත් පුද්ගලයා ලෙස සැලකෙන ඉලෝන් මසක් සහ ලුවී වටාන් මවු සමාගම වන එල්වීඑම්එච් හි සභාපති බර්නාර්ඩ් ආර්නොල්ට් අතර ධනවත් පුද්ගලයන් අතර අංක එකේ ස්ථානය සඳහා ඊයේ (07) තියුණු තරඟයක් ඇති වූ බව ෆොර්බ්ස් සඟරාව වාර්තා කළේය. 08 December 2022
සෞඛය අංශ අනතුරු අඟවයි මේ දිනවල වාතයේ ගුණාත්මක භාවය අඩුවීම නිසා දරුවන්, වැඩිහිටියන්, ගර් භනී මව්වරුන් හා නිදන්ගත රෝග, ශ්වසන රෝග ඇති පිරිස් වෙත බලපෑමක් එල්ලවිය හැකි බව වෛද්‍යවරු පවසති. 08 December 2022
මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය නැතිව ’’සෝලා’’ නවතී වහලවල් මත සූර්ය පැනල සවිකිරීම බැංකු ණය ගැනීමට මුදල් අමාත්‍යාංශය අනුමැතිය නොදීම නිසා නැවතී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 December 2022
මූල්‍ය සේවා කාරක සභාවේ අලුත් මුහුණු මැතිසබයට අලුතින් පිහිටවනු ලැබූ බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව සඳහා තේරීම් කාරක සභාව විසින් පත් කෙරුණු සාමාජික මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කරනු ලැබීය. 08 December 2022
සරසවිවලට නවක සිසුන් ගැනීම ලබන සතියේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා තෝරාගත් සිසුන් ලබන සතියේ සිට ලියාපදිංචි කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. 08 December 2022
මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට ඡන්ද අපේක්ෂකයන් මැතිවරණවලදී කරන වියදම් නියාමනය කිරිම සඳහා ප්‍රතිපාදන ඇතුළත් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කරනු ලැබීය. 08 December 2022
ක්‍රිකට් ආදායමෙන් සියයට 20ක් අමාත්‍යංශය ඉල්ලයි? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ආදායමෙන් සියයට 20 ක් ක්‍රීඩා අමාත්‍යංශයට ලබාදෙන ලෙස එම අමාත්‍යංශය ඉල්ලා ඇති බව ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්න තිබේ. 08 December 2022
18 කොල්ලා ඇමෙරිකා නගරාධිපති ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ ලාබාලතම නගරාධිපතිරවරයා ලෙස 18 හැවිරිදි ජේලන් ස්මිත් පසුගියදා තේරී පත්විය. 08 December 2022
අපේ සහාය රටටමයි: කණ්ඩායමක නොවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය කණ්ඩායමක් වෙනුවෙන් ලබා දුන් සහායක් නොවන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ඉන්දීය රාජ්‍ය සභාවේදී පැවසුවේය. 08 December 2022
කැසිනෝ පනතට කොන්දේසි සහිත අනුමැතිය කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත මුදල් කාරක සභාව දැඩි කොන්දේසි මත අනුමත කළ බව සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (8)පැවසීය. 08 December 2022
විභාග කාලයේත් රෑට විදුලිය කැපෙයිද? උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාවේදී රාත්‍රී කාලයේදී විදුලි කප්පාදුව නොකිරීමට හැකියාව ඇත්දැයි සොයා බලන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 December 2022
රට බංකොලොත් කළ පාපයට පරලොව උසාවියෙන් බේරුමක් නෑ රට බංකොලොත් කළ පාපයට මෙලොව උසාවියෙන් බේරුණත් පරලොව උසාවියෙන් නම් බේරෙන්න බැරි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 08 December 2022
විමල්ගෙන් අමුතු ජාතියේ හෙළිදරව්වක් ජපන් ජාතිකයන් සංචාරය සඳහා යන විට වීසා ගත යුත්තේ ලෝකයේම රටවල් දෙකකින් පමණක් යැයි ද එයින් එක රටක් ශ්‍රී ලංකාව බවද පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 December 2022
තිස් හතර ලක්ෂයක් රජයෙන් ආධාර ඉල්ලලා රටේ පුරවැසියන්ගෙන් තිස් හතර ලක්ෂයක් රජයෙන් ආධාර ඉල්ලා ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 December 2022
ඉඹුල්පෙටත් සුළඟින් හානි ඉඹුල්පේ ප්‍රදේශ රැසක් හරහා පවතින දැඩි සුළං හේතුවෙන් කරගස්තලාව මහ විදුහලේ ප්‍රාථමික අංශයේ පන්ති කිහිපයක් හදිසියේ වසා දමා දරුවන් ආරක්ෂිතව මව්පියන්ට බාදීමට උපදෙස් දුන් බව බළන්ගොඩ කලාප අධ්‍යාපන අධ්යක්ෂ පී.ජී. ආරියපාල මහතා පැවසුවේය. 08 December 2022
ඉන්දියාවේ දූවිලි මෙරටටත් ගලා ඇවිත් ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘මැන්ඩවුස්‘ සුළි කුණාටුවේ බලපෑමෙන් ඉන්දියාවේ සිට දූවිලි අංශු ගලාඒම නිසා මෙරට වායුගෝලයේ දූවිලලි අංශු ප්‍රමාණය ඉහළගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා ලංකාදීපයට පැවසීය. 08 December 2022
සුළි කුණාටුව ඌවේ පාසල් 26 වසා දමයි ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාත සුළි කුණටුව නිසා ඌව පළාතේ පාසල් 26ක් අද දින වසා තැබීමට කටයුතු කළ බව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ඩී.එම් රත්නියක මහතා පැවසීය. 08 December 2022
පෝට් සිටියේ ආයෝජනයට සමාගම් හයක් එයි ’’පෝට්සිටි’’යේ ආයෝජන කටයුතු ඇරඹීමට සමාගම් හයක් ඉදිරිපත් වී තිබෙන බව අයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 08 December 2022
පාලකයන්ට නොතේරුණාට රටේ මිනිස්සු හාමතේ පාලකයන්ට නොතේරුණාට රටේ මිනිසුන් ඉන්නේ හාමතේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 December 2022
පාසල් දහසකට වතුර නෑ රටේ වතුර නැති පාසල් දහසකට වඩා සහ වැසිකිලි නැති පාසල් 1800 කට වඩා තිබෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. 08 December 2022
විදුලිබල මණ්ඩලය කෝටි 65,500 ක් ණයයි ලංකා විදුලිබල මණ්ඩල කුඩා ජල විදුලිබලාගාර සහ ‘සෝලා’ ඇතුළු සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 72 ක් හෙවත් රුපියල් කෝටි 7,200 ගෙවීමට ඇති බව එම මණ්ඩලයේ මූල්‍ය ප්‍රධානී තිස්ස ලියනගේ මහතා පැවසීය. 08 December 2022
ගල්අඟුරු නැව් 24ක් ජනවාරි සිට ගෙන්වනවා ලබන වසරේ ජනවාරි මස සිට අප්‍රේල් මස 20 වැනිදා දක්වා ගල්අඟුරු නෞකා 24 ක් ලැබීමට නියමිත බවත් විදුලි ජනනය සඳහා ගල්අඟුරු පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසීය. 08 December 2022
කෘෂිකර්මය ඔසවන්න ඇමරිකා සහය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය ඉහළ නැංවීමට නම් දැනට භාවිතා කරන සාම්ප්‍රදායික කෘෂි දැනුම වෙනුවට නව කෘෂි තාක්ෂණය භාවිතා කළ යුතු යැයි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) පවසයි. 08 December 2022
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025