පළාත් රැසකට කඩින් කඩ වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 June 2023
අනතුරින් හමුදා සෙබළු රෝහලට කොළඹ මහ නුවර මාර්ගයේ රදාවඩුන්න 45 කණුව ප්‍රදේශයේ දී අද 20 අලුයම සිදු වූ රිය අනතුරකින් යුද හමුදා සාමාජිකයන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි. 20 June 2023
නිර්වින්දන ඖෂධයක් භාවිතයෙන් ඉවත් කරයි ආන්දෝලයට තුඩුදී ඇති නිර්වින්දනය ඖෂධයක් වන ‘බුපිවකේන්’ නමැති ඖෂධය භාවිතයෙන් ඉවත් කළ බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි. 20 June 2023
ඇඹිලිපිටියෙන් ගංජා කිලෝ 1000ක් හමුවේ ඇඹිලිපිටියේ රෝහල් පාර ආසන්නයේ දෙමහල් නිවසක ඉහළ මහලයේ විකිණීම සදහා සකස්කරමින් තිබූ වියළි ගංජා කිලෝ දහසකට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලිසිය කියයි. 20 June 2023
අමරකීර්ති ඝාතනයේ විත්තිකරුවන් 39කට අධි චෝදනා පොලොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 39 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍ර ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (19) භාර දුන්නේය. 19 June 2023
හම්බන්තොට රෝහලේදී සාර්ථක සැත්කමක් හම්බන්තොට මහ රෝහලේ දී අද සිදු කළ සැත්කමකින් කාන්තාවකගේ උදරයේ තිබූ කිලෝ දහයක පමණ ගෙඩියක් ඉවත් කළ බව හම්බන්තොට මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුරංඟ උබේසේකර මහතා කීය. 19 June 2023
ශ්‍රී ලංකව ලකුණු 175 කින් එමිර් රාජ්‍ය පරාජය කරයි ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ බුලවායෝහිදී අද (19) පැවැති පළමු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 175 කින් එක්සත් අරාබි එමිර් රාජ්‍ය පරාජය කරමින් පහසු ජයක් ලැබීමට සමත් වූහ. 19 June 2023
ඉන්දියාවෙන් ගාල්ලේ පාසල් 200 කට ස්මාට් පන්තිකාමර ඉන්දියාවේ මහ කොමසාරිස් එච්.ඊ.ගෝපාල් බග්ලේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ යන මහත්වරු ගාල්ල දිස්ත්‍රික් පාසල් 200 ක විෂයමාලා මෘදුකාංග සහිත නවීණ පරිගණක විද්‍යාගාර සහ ස්මාර්ට් පුවරු ව්‍යාපෘතිය වේගවත් කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික එකඟතාවයකට පැමිණියහ. 19 June 2023
ඩඩ්ලිට පුෂ්පෝපහාර නිදහස් ශ්‍රී ලංකාවේ දෙවැනි අග්‍රාමාත්‍යවරයා වූ ඩඩ්ලි සේනානායක මහතාගේ 112 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ගුණසමරු උත්සවයක් බොරැල්ල ඩඩ්ලි සේනානායක පිළිරුව අභියස පැවැත්විණි. 19 June 2023
උණ්ඩ කොපු සහ උණ්ඩ සමග අයෙක් සැකපිට ස්වයංක්‍රීය ගිනි අවි සඳහා භාවිතා කරන උණ්ඩ 13ක්, ටී 56 වර්ගයේ ගිනි අවිවලට භාවිතා කළ කොපු 2232 සහ හෙරොයින් මිලිග්‍රෑම් 6300 තමා සන්තකේ තබා සිටි සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මහබාගේ පොලිසිය කියයි. 19 June 2023
අයි.එම්.එෆ් මැයි ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100 න් 29 ක් ශ්‍රී ලංකාව මැයි මාසය අවසානය වන විට ඉටුකර ඇති බවත් කැපවීම් 3 ක් ඉටුකිරීමට අපොහොසත්ව ඇති බවත් ‘වෙරිටේ රිසර්ච්’ අයි.එම්.එෆ්. මීටරය පවසයි. 19 June 2023
‘‘දේශීය ණය ගැන අවසන් තීන්දුවක් ගෙන නැහැ‘‘ දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රටේ විවිධ පාර්ශ්ව අසත්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින නමුත් රජය මෙතෙක් ඒ සම්බන්ධව අවසන් තීන්දුවක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 19 June 2023
‘‘ජනපති රට ගියාට වැඩක් නෑ‘‘ ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී විදේශ ගතවුවත් ශ්‍රී ලංකාව ණය බරින් මුදවා ගැනීම සහ ආර්ථික වශයෙන් වර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් කිසිදු සහයෝගයක් හෝ අනුබලයක් ජාත්‍යන්තරයෙන් ලැබී නොමැති බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී අද(19) ප්‍රකාශ කළේය. 19 June 2023
ජනකගේ පුටුවට පේරේ මහ ඇදුරෙක් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සභාපති තනතුරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නාම යෝජනාවක් ඉදිරිපත් කර ඇත. 19 June 2023
ජනවාරියේ සියයට 27 කට වැඩි විදුලි ගාස්තු අඩුවීමක් ජනවාරි මස විදුලි ගාස්තු සංශෝධනයේදී ජූලි මස සහනයට වඩා වැඩි සහනක් දෙන බවත් ජූලි මස විදුලි ගාස්තු සංශෝධනයේදී පහළම කාණ්ඩවලට සියයට 27 කින් ගාස්තුව අඩු වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 19 June 2023
එක්සත් අරාබි එමිර් රාජ්‍යයට 356ක ඉලක්කයක් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර බුලවායෝහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 6 ක් දැවී ලකුණු 355 ක් රැස්කිරීමට සමත් විය. 19 June 2023
ළමා රක්ෂණ අධිකාරියෙන් මත්තේගොඩ පොලීසිය ගැන විමර්ශනයක් බාලවයස්කාර දැරියක අත්අඩංගුවට ගෙන කෲරත්වයට පත් කිරීමේ සිද්ධියක් පිළිබදව මත්තේගොඩ පොලීසියේ නිලධාරින් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජාතික ළමා රක්ෂණ අධිකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) කරුණු වාර්තා කර ඇත. 19 June 2023
කොමිස් වැඩි නොකළොත් ලොතරැයි වෙළෙන්දෝ වර්ජනයක ලොතරැයි පතක මිල රුපියල් 40ක් කිරීමට විරෝධය දැක්වීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන සමස්ථ ලංකා ලොතරැයි අලෙවි නියෝජිතෙන් සහ අලෙවි සහයකවරුන් ලබන 06 වැනිදා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි සමස්ථ ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසීය. 19 June 2023
අ‘පුර අධිකරණය අධ්‍යාපන බලධාරීන්ට දෙහි කපයි විදුහල්පතිවරයකුගේ ස්ථාන මාරුවක් අත්හිටුවමින් මහාධිකරණය පනවා තිබූ අතුරු තහනම් නියෝගය කඩකර ඇති බව තහවුරු වුවහොත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ උතුරුමැද පළාතේ අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව දැඩි දඬවම් පමුණුවන බව අනුරාධපුර මහාධිකරණ විනිසුරු ශ්‍රීනාත් ගුණසේකර මහතා විවෘත අධිකරණය හමුවේ අද පැවැසීය. 19 June 2023
හංවැල්ලට කුඩු බෙදූ කෙරුමා මාට්ටු හංවැල්ල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මහපරිමානයෙන් මත්කුඩු ජාවාරෙම් නිරත හිටපු හමුදා සෙබළකුත් රුපියල් 70 ට අධික වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 19 June 2023
අ‘පුර රෝහලේ සුව විරුවෝ ගුටි ඇන ගනිති අනුරාධපුර රජයේ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ කාර්යාලයේදී වෛද්‍යවරුන් දෙදෙනකු අතර ඇති වූ ගුටි බැට හුවමාරුවකදී එක් වෛද්‍යවරයකු තුවාල ලබා එම රෝහලම ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි. 19 June 2023
ගෝඨා ට වෙච්ච දේ රනිල්ට වෙන්න දෙන්නෙ නෑ ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙච්ච දේ රනිල් වික්‍රමසිංහ මහත්තයට වෙන්න පොදුජන පෙරමුණ ඉඩ තියෙන්නේ නැතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 19 June 2023
ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයක් කොළඹ වරායට සේන්දු වෙයි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘අයි.එන්.එස්. වැගිර්’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට අද (19) පෙරවරුවේ සේදුන්විය. 19 June 2023
පාඩු ලබන ලංගම ඩිපෝ 40 ක් වැසීමේ අවදානමක ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) සතු පාඩු ලබන ඩිපෝ වසා දැමීමේ අවදානමක් ඇති බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 19 June 2023
මත්පැන් සමාගමකින් කෝටි 275 ක පොල්ලක් නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇති සැර මත්පැන් නිෂ්පාදන සමාගමක් සුරාබදු දෙපාර්තමේන්තුවට 2022 වර්ෂයේදී රුපියල් කෝටි 275 ක පමණ බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 19 June 2023
රනිල් එක්ක 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටුකරනවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් 69 ලක්ෂයේ බලාපොරොත්තු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව ඉටු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 19 June 2023
වද හිංසා දරා ගන්න බැරිව සිසුවා නිවෙසින් පනී පියා සහ මවගේ අමානුෂික පහරදිම් හමුවේ නිවසින් පලාවිත් හැටන් දුම්රිය ස්ථානයේ රැදි සිටි 15 හැවිරිදි පාසල් සිසුවකු අද අලුයම හැටන් පොලිසිය බාරයට ගත් බව හැටන් මුලස්ථාන පොලිසිය පවසයි. 19 June 2023
බස්නාහිර පාසල් දරුවන්ට ළා පැහැති දිග ඇඳුමක් බස්නාහිර පළාතේ පාසල් දරුවන්ට නිල ඇඳුමට යටින් ළා පැහැති දිග ඇඳුමක් ඇඳීමට අවසර දුන් බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 19 June 2023
දූෂණ පනත අනිද්දා විවාදයට දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනිද්දා(21) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 19 June 2023
කසල ලොරියට උණ්ඩ ආ හැටි නගර සේවකයා කියයි ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ කසල රැගෙන යාම සඳහා යමින් සිටි කසල ලොරියෙන් හමුවූ උණ්ඩ කොපු දෙවන රෙජිමේන්තු පරිශ්‍රයේ කසල රැස් කිරීමේදී ලැබුණු ඒවා බවට තහවුරු වී ඇතැයි මහනුවර පොලිසිය කියයි. 19 June 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026