
(ෂෙහානි දිල්රුක්ෂිකා)
"අලුත් ගමක් - අලුත් රටක් " ජාතික ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනේ අම්පාර දිස්ත්‍රික් රැස්වීම පසුගියදා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ඒ.අයි. වික්‍රම ශාලාවේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය යටතේ මෙය පැවැත්විණි.
අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේගුණවර්ධන මහතාගේ සහ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්. ඩී. වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මෙය පැවැත්විණි.
මෙම රැස්වීමේදී වී මිළදී ගැනීම, තිරුක්කෝවිල් ප්‍රදේශයේ ලුණු ලේවායක් ඉදිකිරීම, අම්පාර නගර මධ්‍යයේ කාණු පද්ධතිය සකස් කිරීම පිළිබඳව ප්‍රමුඛ ලෙස අගමැතිවරයාගේ අවධානය යොමු විය.
මෙහිදී අම්පාර දිස්ත්‍රික් ලේකම් විසින් අම්පාර දිස්ත්‍රික්කයේ වී වගාව, පොහොර අවශ්‍යයතාවය, කරදිය හා මිරිදිය මත්ස්‍ය ප්‍රමාණය, දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය හා පෝෂණ තොරතුරු, හරිත දැයක් ගෙවතු වගා වැඩසටහන් ප්‍රගතිය, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය, වී මිළදී ගැනීම සහ අස්වැසුම සමාජ සුභසාධන ප්‍රතිලාභ වැඩසටහන ආදිය පිළිබඳ දිස්ත්‍රික් මට්ටමින් ප්‍රගතිය ඉදිරිපත් කළේය.
පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ඒ.එල්.එම්. අතාඋල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හාරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී එන්.එම්.එම්.මුසාරෆ්, නැගෙනහිර ආණ්ඩුකාර සෙන්තිල් තොන්ඩමාන්, ජනාධිපති උපදේශක (ආහාර සුරක්ෂිතතා) ආචාර්ය ඩී.එන්.එම්. බටගොඩ, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අසෝක යන මහත්වරු ද , අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, දෙපාර්තතුමේන්තු ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගීව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්මේ ඉතින්.. හදයි කියලා තමයි බය...
අවුරුදු 75ක් තිස්සේ මේගොල්ලෝ සුරපුරේ සැප වැඩි හින්දා අපි දැන් අපායක් හදාගමු නේද?
රටම බංකොළොත් වෙලා තියෙන්නේ.. ලෝකේ වටේ හිඟමනේ යනවා...
මෙයත් අනුන්ගේ කටු කකා පාර්ලිමේන්තුවේම මැරෙන්න දඟලන කෙනෙක්...
කෝ යදාමිනි නෑනේ. එයාට තැන හදන්න නේද අගමැති පුතාව රට වටේ එක්ක යන්නේ...
රට කාලා, ගමත් කාලා දැන් කියනවා අලුතින් හදනවා කියලා. මොවුන්ට නම් පිස්සු... ගෙදර යන්න අගමැති...
සිංහල බස් වහරේ තියනවා කතාව දෝලාවෙන් ගමන පයින් කියලා .මේකත් එහෙම එකක් තමයි
නාකි රැළක් මුන්ට අලුතින් හිතන්නේ උන්ගේ පැටවු ගැන වෙන්න ඇති. ආයිමත් එලියට බැහැලා . ජපානයේ අගමැති ලගින් වත් තියන්න පුලුවන්ද ? ශිට් මුන් අපේ අනාගතය ලමයින්ගේ අනාගතය විනාශ කලා.