IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දඹුල්ල අවුරා තුන්වැනි ජය ලබයි

(යොහාන් භාසුර)

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ලෙස අද (7) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී දඹුල්ල අවුරා පිල ලකුණු 9ක කින් ජැෆ්නා කිංග්ස් පිල පරාජය කරමින් තියුණු ජයක් ලැබීය.

දඹුල්ල අවුරා මෙවර තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග පහේදී ලැබූ තුන්වැනි ජයග්‍රහණය මෙය වේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කය හඹා ගිය ජැෆ්නා කිංග්ස් පිලට ඕවර 20 අවසානයේදි කඩුලු 7ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 125 ක් පමණි.

ෂොයිබ් මලික්ජැෆ්නා පිල වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 53 කදී හතරේ පහර 5 ක් හා හයේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 74 ක් රැස් කිරීමට සමත් වුවද එය ජයග්‍රහණය ට ප්‍රමාණවත් නොවීය.

දඹුල්ල අවුරා පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 134 (සධීර සමරවික්‍රම 30, කුසල් පෙරේරා 41, නුවන් තුෂාර 26/2, ෂොයිබ් මලික් 13/2) ජැෆ්නා කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 125 (ෂොයිබ් මලික් නොදෙවී 74, දුනිත් වෙල්ලාලගේ 16, හසන් අලි 20/3)

 



අදහස් (0)

දඹුල්ල අවුරා තුන්වැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site