
(යොහාන් භාසුර)
සමනළවැව ජලාශයෙන් කෘෂිකාර්මික සහ වාරිමාර්ග කටයුතු වෙනුවෙන් අවශ්‍ය ජලය නිදහස් කිරීමට සහ අඛණ්ඩව විදුලිබලය සැපයීමේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව සකස් කළ යෝජනා කැබිනට් මණ්ඩලයට යොමු කිරීමේ විශේෂ හමුවක් අද (7) පෙරවරුවේ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී එළඹි යෝජනා අද පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමට නියමිත බවත් එම යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක යන මහත්වරු සහ විදුලිබල මණ්ඩලයේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ ද සාකච්ඡා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටමත් ප්‍රමාද වූවා වැඩියි. එසේ වෙතත් ව්‍යාපාරය යටතේ ඇති වගාකල ඉඩම් යම් ප්‍රමාණයකින් හෝ රැකගත හැකි විසඳුමක් ලැබෙන්නේ නම් ඉතාමත් වැදගත්...
පින්තුරේ හැටියට නම් පෙනෙන්නේ සාකච්ඡාව මෙහෙය වන්නේ ජනාධිපති උපදේශක තුමා වගේ...!
ගොයම විනාශ වෙනතුරු බලාගෙන ඉන්නවා වතුර දෙන්න... ඊට පස්සේ රටෙන් හාල් ගෙනෙනවා කන්න දෙන්න කියලා... වැඩිමිලට විදුලිය ගන්නවා... හදිසි මිලදී ගැනීම් කියලා... රටේ අර්බුදය ඇතිවෙනතුරු මොවුන් බලාගෙන ඉන්නේ හොරාකන්න.
ඔය ජලයෙන් විදුලිය නිපදටා ඒ ජලය උඩවලට ජලාශයට මුදාහරින්න පුළුවන් නේද කොහොම කරත් ජලාශයේ වතුරවලින් කරන්නෙ විදුලි බලය උත්පාදනය කරන එකකේද
කැබිනට්ටුවට තියෙන වැඩ පුදුමාකාරයි ඇයි කලින් කැබිනට්ටු මෙහෙම කරල නැත්තෙ