IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තේ දළු මිල පහළට: වතුහිමියෝ ගැටලු රැසක

(මුදිතා දානන්ද)

දලු මිල බරපතල ලෙස පහත වැටීම නිසා තමන් ගැටලු රැසකට මුහුණ දී ඇතැයි තේ වතු හිමියෝ පවසති.

රුපියල් 350- 400  දක්වා පසුගිය කාලයේදි මිල ඉහළ ගිය අමු තේ දලු කිලෝවක මිල මේ වන විට රුපියල් 160- 65 දක්වා පහත වැටී ඇතැයි තේ වතු හිමියෝ පවසති.

පහත රට අමු තේ දලු කිලෝවක මිල රුපියල් 160- 165 අතර පවතියද උඩරට තේ කිලෝවක මිල රුපියල් 100-110 දක්වා පහත වැටී ඇති බවද එයින් වතු හිමියෝ බරපතල අර්බුදයකට ලක්ව ඇති බවද කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් මහතා පැවසීය.

මෙසේ මිල පහත වැටීමට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ තේ වල තත්වය බාල වීම නිසා වෙන්දේසියේදී මෙරට තේ මිල පහත වැටීම බවද ඔහු පැවසීය. මීට අමතරව ඩොලරයේ අගය ඉහළ පහළ යාමද මිල උච්චාවචනයට බලපා ඇති බවද ඔහු පැවසීය.

තේ වල තත්වය බාලවීමට කාබනික පොහොර සංකල්පය හඳුන්වාදීමත් සමග නිසි ලෙස තේවලට පොහොර නොලැබීම පොහොර මිල අධික ලෙස ඉහළ යාමත් අවශ්‍ය තරමට පොහොර නොමැතිවීමත් නිසා වගාකරුවන්ට නිසිපරිදි තේ ගස්වලට පොහොර යෙදීමට නොහැකිවීමත් නිසා තේ ගසේ වර්ධනය බාලවූ බවද එය තේ වල ප්‍රමිතියට බලපෑ බවද ඔහු පැවසීය.

එසේම මැලේසියාවෙන් බාල තේ ගෙන්වා සිලෝන් ටී ලෙස ප්‍රතිඅපනයනය කිරීමේ ජාවාරමක්ද ලෝක තේ වෙළදපොල තුල මෙරට තේ වල ප්‍රමිතිය පිළිබදව ගැටලු මතු කිරීමට හේතු වී ඇති බවද ලාල් ප්‍රේමනාත් මහතා සදහන් කළේය.



අදහස් (2)

තේ දළු මිල පහළට: වතුහිමියෝ ගැටලු රැසක

Lalla Monday, 07 August 2023 03:57 PM

තේ, රබර්, පොල් තුනේම මිල ඉඩම් පවත්වාගෙන යාමට මදි. රබර් වතු බොහෝමයක් අතහැර දමලා. අපේ කම්කරු කුලිය, පොහොරමිල නිෂ්පාදන මිලට සාපේක්ෂව වැඩියි. අනික බොහෝ සේවකයෝ වංචනික ලෙස වැඩ කරන අය.... හැම කෙනාම මොබයිල් එකට කොටන එක වැදගත්ම වැඩේ...

:       0       19

ලසන්ත Monday, 07 August 2023 04:54 PM

ඇත්තම කියනවා නම් සුලු තේ වගාවක් කරන මට ජූනි මාසයේ දළු සඳහා ලැබුණු මුදල් ජූලි මාසයේ කැඩුම් කුලිය දෙන්නවත් මදිවුණා.. ඒ සමග ඉඩම එළිපෙහෙළි කරන්න විශ්‍රාම වැටුප් ලබන මට වැටුපෙන් භාගයක් ගෙවීමට වුණා... ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැහැ. ආණ්ඩුවම දළුමිල වැඩිකර අඩුකිරීමත් හරියට අතීතයේ පෘතුගීසින් සිංහල ළදරුවන් උඩට විසිකර කඩුවෙන් කැපුවාට දෙවැනි නැහැ කියලා කියන්න පුළුවන් අපිත් වැඩක් පලක් නොකර අතපය හකුලාගෙන හිටිය‍ා නම් කරදරයක් නැතුව මාසෙකට රජයේ අස්වැසුම ලබාගෙන සිතට සැනසිල්ලේ ඉන්න තිබුණා...

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site