
( රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාතට බලපා ඇති දැඩි නියං සිහිත කාලගුණය හේතුවෙන් මේ වන විට උතුරේ පවුල් 22,666 කට අයත් පුද්ගලයන් 72,357 දෙනකු විපතට පත්ව ඇති බවට දිස්ත්‍රීක් ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
දිවයිනේ සියලු පළාත්වලින් නියඟය හේතුවෙන් වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ උතුරු පළාත වන වන අතර ඉදිරියේදී වර්ෂාව නොලැබෙන්නේ නම් මෙම විපතට පත් පිරිස් ඉහල යාමේ දැඩි අවදානමක් පවතින බවටද ඒම නිලධරීහු කියති.
මේ අනුව උතුරු පලාතේ වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි හා යාපනය දිස්ත්‍රීක්කයන්ගේ වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ යාපනය දිස්ත්‍රීක්කය වන අතර එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05 ක ජීවත් වන පවුල් 21,714 කට අයත් පුද්ගලයින් 69,113 දෙනකු විපතට පත්ව ඇති අතර මන්නාරම් දිස්ත්‍රීක්කයේ මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 952කට අයත් පුද්ගලයන් 3244 දෙනකු විපතට පත්ව ඇති බවට එම දිස්ත්‍රීක්කයන්හි පිහිටි ආපදාකළමනාකරණ මධ්‍යස්ථානයන් පෙන්වා දෙයි.




2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1027
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නියඟයෙන් බැට කන උතුරේ වැසියෝ