විභාග කාලයේත් රෑට විදුලිය කැපෙයිද? උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාවේදී රාත්‍රී කාලයේදී විදුලි කප්පාදුව නොකිරීමට හැකියාව ඇත්දැයි සොයා බලන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 December 2022
රට බංකොලොත් කළ පාපයට පරලොව උසාවියෙන් බේරුමක් නෑ රට බංකොලොත් කළ පාපයට මෙලොව උසාවියෙන් බේරුණත් පරලොව උසාවියෙන් නම් බේරෙන්න බැරි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 08 December 2022
විමල්ගෙන් අමුතු ජාතියේ හෙළිදරව්වක් ජපන් ජාතිකයන් සංචාරය සඳහා යන විට වීසා ගත යුත්තේ ලෝකයේම රටවල් දෙකකින් පමණක් යැයි ද එයින් එක රටක් ශ්‍රී ලංකාව බවද පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 December 2022
තිස් හතර ලක්ෂයක් රජයෙන් ආධාර ඉල්ලලා රටේ පුරවැසියන්ගෙන් තිස් හතර ලක්ෂයක් රජයෙන් ආධාර ඉල්ලා ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 December 2022
ඉඹුල්පෙටත් සුළඟින් හානි ඉඹුල්පේ ප්‍රදේශ රැසක් හරහා පවතින දැඩි සුළං හේතුවෙන් කරගස්තලාව මහ විදුහලේ ප්‍රාථමික අංශයේ පන්ති කිහිපයක් හදිසියේ වසා දමා දරුවන් ආරක්ෂිතව මව්පියන්ට බාදීමට උපදෙස් දුන් බව බළන්ගොඩ කලාප අධ්‍යාපන අධ්යක්ෂ පී.ජී. ආරියපාල මහතා පැවසුවේය. 08 December 2022
ඉන්දියාවේ දූවිලි මෙරටටත් ගලා ඇවිත් ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘මැන්ඩවුස්‘ සුළි කුණාටුවේ බලපෑමෙන් ඉන්දියාවේ සිට දූවිලි අංශු ගලාඒම නිසා මෙරට වායුගෝලයේ දූවිලලි අංශු ප්‍රමාණය ඉහළගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා ලංකාදීපයට පැවසීය. 08 December 2022
සුළි කුණාටුව ඌවේ පාසල් 26 වසා දමයි ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාත සුළි කුණටුව නිසා ඌව පළාතේ පාසල් 26ක් අද දින වසා තැබීමට කටයුතු කළ බව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ඩී.එම් රත්නියක මහතා පැවසීය. 08 December 2022
පෝට් සිටියේ ආයෝජනයට සමාගම් හයක් එයි ’’පෝට්සිටි’’යේ ආයෝජන කටයුතු ඇරඹීමට සමාගම් හයක් ඉදිරිපත් වී තිබෙන බව අයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 08 December 2022
පාලකයන්ට නොතේරුණාට රටේ මිනිස්සු හාමතේ පාලකයන්ට නොතේරුණාට රටේ මිනිසුන් ඉන්නේ හාමතේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 December 2022
පාසල් දහසකට වතුර නෑ රටේ වතුර නැති පාසල් දහසකට වඩා සහ වැසිකිලි නැති පාසල් 1800 කට වඩා තිබෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. 08 December 2022
විදුලිබල මණ්ඩලය කෝටි 65,500 ක් ණයයි ලංකා විදුලිබල මණ්ඩල කුඩා ජල විදුලිබලාගාර සහ ‘සෝලා’ ඇතුළු සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 72 ක් හෙවත් රුපියල් කෝටි 7,200 ගෙවීමට ඇති බව එම මණ්ඩලයේ මූල්‍ය ප්‍රධානී තිස්ස ලියනගේ මහතා පැවසීය. 08 December 2022
ගල්අඟුරු නැව් 24ක් ජනවාරි සිට ගෙන්වනවා ලබන වසරේ ජනවාරි මස සිට අප්‍රේල් මස 20 වැනිදා දක්වා ගල්අඟුරු නෞකා 24 ක් ලැබීමට නියමිත බවත් විදුලි ජනනය සඳහා ගල්අඟුරු පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසීය. 08 December 2022
කෘෂිකර්මය ඔසවන්න ඇමරිකා සහය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය ඉහළ නැංවීමට නම් දැනට භාවිතා කරන සාම්ප්‍රදායික කෘෂි දැනුම වෙනුවට නව කෘෂි තාක්ෂණය භාවිතා කළ යුතු යැයි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) පවසයි. 08 December 2022
දේශගුණ සැලැස්මට බ්‍රිතාන්‍ය සහය ශ්‍රී ලංකාව ගෙන එන ’’දේශගුණික සෞභාග්‍ය සැලැස්ම’’ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික හා ප්‍රායෝගික සහාය ලබාදීමට මහා බ්‍රිතාන්‍ය කැමැත්ත පළ කර තිබේ. 08 December 2022
උදලු පහරින් 74 මව මරුට තලංගම ප්‍රදේශයේ ඉඩම් ආරවුලක් හේතුවෙන් 74 හැවිරිදි කාන්තාවකට උදැල්ලකින් පහර දී ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය කියයි. 08 December 2022
පියාගේ-බාප්පාගේ වැරදිවලට පොලිස් පුතා රැකියාවෙන් දොට්ට පියා සහ බාප්පාට අධිකරණයෙන් දඩ නියම කර ඇති බව බඳවා ගැනීමේ ආකෘති පත්‍ර සඳහන් නොකළ යි පවසා වසරකට අධික කාලයක් සේවය කළ ආධුනික කොස්තාපල්වරයකුගේ පත්වීම අවලංගු කර ඇතැයි පොලිස් ආරංචි ආරංචිමාර්ග සඳහන් කරයි. 08 December 2022
පීඩන අවපාතය සුළි කුණටුවක් වේ ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය සුළි කුණටුවක් දක්වා වර්ධනය වී ඇති අතර, ’මෑන් ඩුවෝස්’ නම් එම සුළි කුණාටුව හෙට (9) වනවිට තමිල්නාඩු පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 December 2022
කතගෙන් පලි ගන්න පාසල් කැන්ටිමේ කුඩු තියලා මල්වතුහිරිපිටිය ප්‍රදේශයට නුදුරු මහ විදුහලක ආපනශාලාවක තිබිය දී ඉකුත් පස්වැනිදා සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7 සහ මත් කරල් 37ක පමණ තොගය ආපනශාලාවේ සඟවා එය පවත්වාගෙන යන කාන්තාව පොලිසියට කොටුකර දීමට සැලසුම් කරන ලද්දක් බවට තොරතුරු පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 07 December 2022
ලක්ෂ 20 පැහැර ගන්න කොල්ලුපිටියේ ලොකු යුද්දයක් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලෙස පෙනී සිටි තිදෙනකු කොල්ලුපිටියේදී අද සවස රුපියල් ලක්ෂ 20 මුදලක් පැහැරගෙන යද්දී මුදල් රැගෙන ආ කැබ්රථයෙන් කොල්ලකරුවන් හප්පා එක් අයකු අල්ලා පොලිසිය බාරදී ඇත. 07 December 2022
නැව් දෙකකින් යාලට ඩොලර් ඇදලා අධි සුඛෝපභෝගී සංචාරක නෞකා දෙකෙන් පසුගිය නොවැම්බර් 30 සහ දෙසැම්බර් මස 5 මෙරටට පැමිණි සංචාරකයින් පිරිස නිසා වනජීවී දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක් ලැබී ඇතැයි කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 07 December 2022
දු. ස්ථානාධිපතිගේ හිත උණු නොවේ: පො. ස්ථානාධිපතිගේ හිත උණු වේ උදුවප් පුන් පොහෝ දින මල් කඩාගෙන පන්සල් යාම සදහා ටිකට් පතක් නොගෙන දුම්රියෙන් අංගම්පිටියේ සිට පාදුක්කට ගමන් ගත් 70 හැවිරිදි වයෝවෘද්ධ මවකට රුපියල් රුපියල් 40 ක ටිකට්පත් වෙනුවෙන් පාදුක්ක දුමිරිය ස්ථානාධිපතිවරයා නිකුත් කර තිබු රුපියල 3600 ක දඩ මුදල පාදුක්ක පොලිසිය ගෙවා දමා එම වයෝවෘද්ධ කාන්තාව මුදාහැර හැරියේය. 07 December 2022
විදුලි සේවක බෝනස් නවතී විදුලිබල මණ්ඩලය පාඩු ලබන නිසා මෙම වසරේ කිසිඳු පාර්ශවයකට පාරිතෝෂිත ගෙවිය නොහැකි බව ලිපියකින් දැනුම් දී ඇති බවත් පාඩු ලබන ආයතනවල සේවකයන්ට බෝනස් ගෙවිය නොහැකි බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (7) පස්වරුවේ පැවසීය. 07 December 2022
තිබ්බෙ බිත්තියට වැදුනෙ නැඟනියට එකලොස් වයසැති අයියා වායු රයිෆලයකින් තැබූ වෙඩි උණ්ඩයක කැබැල්ලක් අවුරුද දෙකක් පමණ වසයැති ඔහුගේ නැගනියගේ උගුරට වැදී බරපතල තත්ත්වයෙන්ල රෝහල්ගත කර ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. 07 December 2022
සහල් ජාවාරමක තොරතුරු රාගමින් එළියට මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් මගින් නිෂ්පාදනය කරනු ලබන සහල් ඇසුරුම්වල කල් ඉකුත්වීමේ දින වෙනස් කරමින් විදේශයකට යැවීම සිදු කළ බව කියන රාගම ප්‍රදේශයේ ගබඩාවක් වටලා සහල් සහ එහි හිමිකරු අත් අඩංගුවට ගැනීමට අද රාගම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇත. 07 December 2022
ජනවාරියේ සිට ලයිට් බිලට වෙන්න යන දේ සියලුම විදුලි පාරිභෝගිකයන් ලබන ජනවාරි සිට කඩදාසි විදුලි බිල්පත වෙනුවට විද්‍යුත් විදුලි බිල්පතක් හදුන්වාදීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (7) පැවසීය. 07 December 2022
සිසුන්ට මත් කරල් ගෙනා ඖෂධ සාහායකයා මාට්ටු මහරගම පෞද්ගලික රෝහලක ඖෂධ මිළදී ගැනීම් සහායකයෙකු මත්කරල් 800 ක් සමග අද අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ පොලිසිය පවසයි. 07 December 2022
14 දැරියට කැත වැඩක් කළ බැංකු කළමනාකරුවකු අල්ලයි කොළඹ ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි දැරියක් සමග සබඳතාවයක් පවත්වාගෙන යමින් අඳුරු වීදුරු සහිත ජිප් රථයෙන් ප්‍රසිද්ධ රථගාල්වලට රැගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන 50 හැවිරිදි පෞද්ගලික බැංකු කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. 07 December 2022
මහපාරද උරුම ලේ කිර කළ මවට උදුවප් පොහොය දින පානදුර නගරයේ අතරමංකර මහ මග දමා ගොස් සිටී මව්වරුන් තිදෙනකු හමුවූ බව පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතා කීය. 07 December 2022
මෙරට අහේනිය ටික ටික වැඩි වේ ශ්‍රී ලාංකිකයන් හැට දෙලක්ෂයක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බවත් ඉන් ලක්ෂ 29ක් ක් ළමුන් බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. 07 December 2022
විදුලියෙන් පාඩු කීම මහා බොරුවක් මේ වන විට විදුලිබල මණ්ඩලය ලාභ ලබමින් පවතින බවත්, විදුලිබිල යළි වැඩිකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, හිටපු විදුලිබල ඇමැති, 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 07 December 2022
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025