ගුරු පත්වීම් ගන්න හිස් උණ්ඩ අරන් ගිහින් අරලියගහ මන්දිර පරිශ්‍රයේ පැවැති බස්නාහිර පළාතේ ගුරු පත්වීම් ලබා දීමේ උත්සවයට පැමිණි පාසල් ක්‍රීඩා තරඟ විනිසුරුවරියක ගේ අත් බෑගයේ තිබී හිස් උණ්ඩ තුනක් සොයා ගැනීමෙන් පසු එම තැනැත්තිය සැකපිට අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි. 17 June 2023
පවුලක නඩත්තුවට 76 දහසක් ශ්‍රී ලංකාවේ පවුලක මේ වසරේ මාසික වියදම රුපියල් 76,124 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ 2023 අලුත්ම වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවැසීය. 17 June 2023
වැලි වංචාව හැංගූ බුද්ධි නිලධාරියා ගෙදර මදුරන්කුලිය මුක්කු තොඩුවාව ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය වැලි කැණීම් ස්ථානයක් ගැන තොරතුරු අනාවරණය කරගෙන ඒ ගැන තොරතුරු ලබා නුදුන් බව කියන මදුරන්කුලිය පොලිසියේ බුද්ධි අංශ නිළධාරියකුගේ වැඩ තහනම් කර ඇත. 17 June 2023
විශ්‍රාම ගියත් සුපිරි සැප ගන්නා මැති සබේ ලොක්කා කවුද පාර්ලිමේන්තුවෙන් මෑතකදී විශ්‍රාම ලැබූ උසස්ම නිලධාරියකු එහි විශේෂිත කමිටුවක ඉහළ තනතුරකට පත්ව විශ්‍රාම වැටුපට අමතරව පෙර නිලයේ සම්පූර්ණ වැටුපද වාහන ඇතුළු අනෙකුත් සියලු පහසුකම්ද ලබා ගන්නා බව වාර්තා වේ. 17 June 2023
ජනපති විදෙස් සංචාරයක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සංචාරයක් සදහා අද අලුයම පිටවත් ගියේය. 17 June 2023
කළුතර තවත් ඝාතනයක් කළුතර, පලාතොට ගොඩපරගහහේන ප්‍රදේශයේ දී ආයුධයකින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි . 17 June 2023
නෞකා අනතුරුවලට නීති කෙටුම්පතක් හදන්න යයි මෙරට මුහුදු සීමාවට දැඩි හානියක් කළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය වැනි දේ නැවත වරක් සිදුවුහොත් ඊට අදාලව ගතයුතු පියවර ඇතුළත් නීති කෙටුම්පතක් සකස් කිරීමට දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අදාල අංශ වෙත උපදෙස් දී තිබේ. 17 June 2023
ලක්දිව පළමු ජනාවාසයේ වතගොත සෙවීම අරඹයි ලංකාවේ පළමු ජනාවාසය ලෙස ලිඛිත සාක්ෂි මගින් කියවෙන මල් වතු ඔය ආශ්රිත ප්‍රදේශය, මහා විහාර පරිශ්‍රය හා සීතාවක රාජධානිය ඇතුළත් ප්‍රදේශවල පුරා විද්‍යා ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. 17 June 2023
චෙන්නායි - කන්කසන්තුරේ යා කරයි ඉන්දියාවේ චෙන්නායි සිට කන්කසන්තුරය දක්වා වන මගී නෞකා ගමන් සේවය ආරම්භ කරමින් ඉන්දීය සංචාරකයින් රැගත් පරීක්ෂක මගී නෞකාවක් අද (16) යාපනය කන්කසන්තුරය වරාය වෙත සේන්දු විය. 16 June 2023
අඩි 25ක් උස තාප්පය පෙදරේරුවන් දෙකක් බිලිගනියි නුවරඑළිය නගර ආසන්නයේ කොන්ක්‍රීට් තනමින් සිටී පෙදරේරුවන් දෙදෙනෙකුගේ ඇඟට අඩි 25ක් උස තාප්පයක් අද (16) සවස කඩා වැටී පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්වූ බව නුවරඑළිය පොලිසිය සඳහන් කරයි. 16 June 2023
පැලවත්තේ අයකු කපාකොටා මරා දමලා වෑන් රථයකින් පැමිණි පිරිසක් මීගහතැන්න පැලවත්ත නගරයේ දී අද සවස පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි. 16 June 2023
ද සොයිසා රෝහලේ දුර්ලභ දරු ප්‍රසූතියක් කලලය ගර්භාෂයෙන් පිට වඩවැල්වලට අලුනු වැදෑමහක පිහිටා තිබූ ඉතා සංකීර්ණ කලලයක් සහිත මවක් කොළඹ ද සොයිසා රෝහලේ අද (16) සාර්ථක සිසේරියන් සැත්කමකින් බිළිදියක් බිහිකළාය. 16 June 2023
ඉංග්‍රීසි ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගන්නවා ඉදිරි වසර පහ ඇතුලත ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරුන් හා යටිතල පහසුකම් ලබා දී ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 16 June 2023
බාල නිර්වින්දන එන්නතක් දී විදුහල්පතිනියක් මරුට ප්‍රමිතියෙන් තොර නිර්වින්දන එන්නතක් ලබාදීමෙන් අසාධ්‍යව පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි විදුහල්පතිනියක් අද (16) මිය ගියාය. 16 June 2023
සරසවිවල වටපිටාව දරාගන්න බෑ: රූමි රූබන් කියයි විශ්වවිද්‍යාල පරිසරයේ පවතින යම් යම් පීඩාකාරී තත්වයන් හේතුවෙන් දරුවන් සියදිවි හානිකර ගැනීම වැනි ඉරණම්වලට ගොදුරුවිය හැකි බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පැවසීය. 16 June 2023
ගණිකා මඩම් හයකින් 25ක් අල්ලයි උසස් පොලිස් නිලධාරීන්ගේ ආශිර්වාදය මැද්දේ මාලඹේ කඩුවෙල හා තලංගම ප්‍රදේශ ආශ්‍රිතව ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන හයක් වටලා තරුණියන් 25 දෙනකු ඇතුළු 31 දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකාය කියයි. 16 June 2023
සාත්තු සේවිකාවෝ ගුටි ඇන ගනිති ගලෙන්බිඳුනුවැව මූලික රෝහලේ සේවය කරන සාත්තු සේවිකාවන් දෙදෙනකු එකිනෙකාට පහරදීම් සිදුකර ගැනීම නිසා දෙදෙනාම තුවාල ලබා එම රෝහලේම වාට්ටු දෙකක ප්‍රතිකාර ලබමින් පසුවන බව ගලෙන්බිඳුනුවැව පොලීසිය පවසයි. 16 June 2023
සබරගමු ආණ්ඩුකාර වැටුප ඉගෙන ගන්න දරුවන්ට දෙයි සබරගමුව පළාත් නව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා සිය මාසික වැටුප පළාතේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා යොදවන බව ලිපියක් මගින් දැනුම් දී ඇත. 16 June 2023
පරිපූරක වෛද්යවෘත්තියවේදීන් වැඩ වර්ජනයකට සූදානමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලුවලට ආණ්ඩුවේ ප්‍රතිචාර දක්වන ආකාරයට විරෝධය දක්වමින් පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ මණ්ඩලය ඉදිරි දින 7 තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය. 16 June 2023
සිසුවෙක් සිසුවියකගේ කටට ගලකින් ගහලා අලුත්ගම දර්ගා නගරය ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලයේ පාසල් කාලයෙන් පසු අතිරේක පන්තියකට සහභාගි වීමට පන්ති කාමරයේ සිටි 16 හැවිරිදි සිසුවියකට පාසලේම වෙනත් සිසුවකු එල්ල කර ගල් ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් කර ඇතැයි පොලිසිය කියයි. 16 June 2023
පාන් බනිස් අඩු කරන්න බලපත්‍රයක් හරස් වෙයි පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන රුපියල් 10 කින් අඩු කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබුණ ද බලපත්‍ර ලාභීන්ට පමණක් තිරිගුපිටි ගෙන්වීමට අවස්ථාව ලබා දීමට ගෙන ඇති තීරණය හේතුවෙන් පාන් බනිස් මිල අඩු කිරීමේ තීරණය අත්හිටුවීමට සිදු වූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් . කේ. ජයවර්ධන මහතා පවසයි . 16 June 2023
රුසියන් සහායක ගුවන් නියමුවා හදිසියේ මරුට රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ සහාය නියමුවකු ඊයෙ (15) රාත්‍රී ඔහු නවාතැන් ගෙන සිටි හෝටලයේ ඇද වැටීමෙන් මරණයට පත් වී ඇති බව කටුනායක පොලිසිය කියයි. 16 June 2023
කුල දරුවන් සසුන් ගත කිරීමේ අවම වයස් සීමාවක් කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක් පිළිබඳව මල්වතු හා අස්ගිරි මහනාහිමිවරු සමඟ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව කාරක සංඝ සභාව සමඟ තවදුරටත් සාකච්ඡා කර ඉදිරියේ දී තීරණයක් ගැනීම වඩාත් සුදුසු බව උන්වහන්සේලා අනුශාසනා කළ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. 16 June 2023
ජපුර සරසවි සිසුවාගේ සිරුර නේවාසිකාගාරයේ එල්ලෙයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකුගේ සිරුර සිය නේවාසිකාගාරය තුළ දී එල්ලෙමින් තිබියදී අද (16) සොයාගත් බව මහරගම පොලිසිය පවසයි. 16 June 2023
පේරාදෙණිය සරසවි සිසුවාගේ සිරුර නේවාසිකාගාරයේ එල්ලෙයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුවෙකුගේ සිරුරක් විශ්ව විද්‍යාලය තුළ එල්ලෙමින් තිබියදී අද (16) පෙරවරුවේ සොයාගත් බව පේරාදෙණිය පොලීසිය කියයි . 16 June 2023
ට්රැක්ටරය පෙරැළි යුද හමුදාවේ 7ක් රෝහලේ කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය අසල සුභ සාධක කටයුතු වල යෙදී සිටි හමුදා මහ ට්‍රැක්ටර් රථයක් අද (16) පෙරවරුවේ පෙරලී යාමෙන් එහි ගමන් ගත් හමුදා නිළධාරීන් හත් දෙනෙකු තුවාල ලබා කතරගම දිසා රෝහල වෙත ඇතුලත් කර ඇත. 16 June 2023
අයවැය කාර්යාල පනතට මුදල් කමිටුවේ අනුමැතිය පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහාවූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමතිය හිමිවිය. 16 June 2023
හමුදා බසය ලොරියක ගැටී දෙදෙනෙක් මරු දකිති දොම්පෙ දෙල්ගොඩ දී බස්රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් ලොරි රථයේ ගමන්ගත් දෙදෙනකු මියගොස් තවත් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 16 June 2023
ඖෂධවේදීහු වැඩවර්ජනයක් අරඹති ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනියුක්තව සේවය කරමින් සිටි ඖෂධවේදීන් 18 ක් හිටි හැටියේ සෞඛ්‍ය අමාත්‍යංශයට මුදාහැරීමට විරෝධය දක්වමින් රට පුරා රජයේ රෝහල්වල ඖෂධවේදීහූ අද (16) පෙරවරුවේ සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළහ. 16 June 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026