හොඳම අපනයනකරු සම්මානය ලාෆ්ස් සමූහ
ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය මගින් 30 වැනි වරටත් සංවිධානය කළ, ‘ජාතික අපනයනකරුවන්ගේ සම්මාන උළෙල’ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වුණු අතර, එහිදී 2022 වසරේ මෙරට හොඳම අපනයනකරු සම්මානය ලාෆ්ස් සමූහ ව්‍යාපාරයට අයත්, ‘ලාෆ්ස් කෝපරේෂන් (රබර්)’ සමාගමට හිමිවිය.