පාසල් යන්න සිටි මව-දියණිය ලොරියකට යට වෙති වවුනියාව , මන්නාරම මාර්ගයේ පූවරසකුලම් කන්නාට්ටි හීදි ලොරි රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වීම හේතුවෙන් මව සහ හය හැවිරිදි දියණිය ජීවිතක්ෂයටපත්ව ඇතැයි පරයානකුලම් පොලිසිය කියයි. 16 June 2023
සිවුවන වරටත් ලංකාවේ අංක එක පේරාදෙණි සරසවිය ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්වවිද්‍යාලය බවට නම් කොට තිබේ . 16 June 2023
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 27 අරඹයි අපොස උසස් පෙළ විභාගයේ (2023) ලිඛිත පරීක්ෂණයට පෙනී සිටි අයදුම්කරුවන්ට සෞන්දර්ය සහ තාක්ෂණවේදය විෂයන්වලට අදාල ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 27 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 16 June 2023
දෙපාර්තමේන්තු දෙකක් වහයි රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට අදාළ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කරනු ලැබ ඇත. 16 June 2023
රන් මිල යළි ඉහළට ඩොලරයේ අගය පසුගිය දින කීපයේදී ඉහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල තරමක් ඉහළ ගිය බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 16 June 2023
මගී නැවතුමට බසය කඩා වැදිලා:ආච්චිත් මුණුපුරාත් රෝහලේ ගම්පහ සිට නාවින්න දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථයක් අද (16) උදෑසන මිරිස්වත්ත ප්‍රදේශයේදී බස් නැවතුමකට කඩාවැදීමෙන් , බස් රථයක් පැමිණෙන තුරු බස් නැවතුමේ රැදී සිටි දෙදෙනෙකු තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කොට ඇත. 16 June 2023
ආරවුල මරණයෙන් කෙළවර වෙයි දෙපාර්ශවයක් අතර පැවැති අරාවුලක් දිග දුර ගොස් ඇතිවු බහින් බස්වීමකදී එක් අයෙකුගේ හිසට බ්ලොක් ගඩොලකින් පහර දීමෙන් ඔහු බරපතල තුවාල සහිතව කෑගල්ල මභ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි කෑගල්ල පොලිසිය පැවසිය. 16 June 2023
ඌරකු නිසා පුද්ගලයෙක් අවසන් ගමන් යයි වැලිගම අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ වැලිහිඳ පන්සල අසලදී මාර්ගයේ ගමන් කරමින් තිබු යතුරු පැදියක ඌරෙකු ගැටීමෙන් එම යතුරු පැදියේ ගමන් කළ දෙදෙනෙකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය කියයි. 16 June 2023
බස් - බස් ගැටී සිසුන් 13ක් රෝහලට දියතලාව බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ කහගොල්ල ප්‍රදේශීය අද 16 උදේ පාසල් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් පාසල් ළමුන් 13න් දෙනකු සහ එහි රියදුරු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි. 16 June 2023
අනියම් පෙම් කතක් මරයි ලාබාල අයකු හා තවත් අයකු සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ තිදරු මවක එක් අනියම් සැමියකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 16 June 2023
බස්නාහිර,වයඹ සහ සබරගමුවට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 June 2023
කුඩු ජාවාරමාට ගලකින් ගසා මරලා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන පුද්ගලයකුට දිවෙල, පල්ලේගම ප්‍රදේශයේ දී හිසට බ්ලොග් ගලකින් ගසාමරා දමා ඇතැයි කෑගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 16 June 2023
පාස්කු දා රාජකාරි පැහැර හැරිය බුද්ධි නිලධාරියා ගෙදර 2019 අප්‍රේල් මස 21 දින පාස්කු ප්‍රහාර මාලාව එල්ල වූ දින රාජකාරි පැහැර හැරී හැරීම සම්බන්ධයෙන් එවකට කටාන පොලිසියේ රාජකාරි කළ බුද්ධි අංශ පොලිස් සැරයන්වරයකු පොලිස්පතිවරයාගේ නියමයෙන් සේවයෙන් පහ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 16 June 2023
අනාරක්ෂිත ලොරියක් කළ හදියක් කුරුණෑගල ගෝනගම ගොඩනැගිල්ලකට විදුලි ලබා ගැනීමට සවිකරන තිබූ යකඩයක් බඩු පැටවූ ලොරියක පැටලී ගැලවී පාරේ ගමන් කරමින් සිටි 13 හැවිරිදි දැරියකගේ හිසේ වැදීමෙන් දැරිය බරපතළ තුවාල ලබා ඇතැයි වාරියපොල දිසා රෝහල් ආරංචි මාර්ග කියයි. 15 June 2023
ඩොලරයේ අගය ඉහළ යාම ගැන කලබල විය යුතු නෑ ඩොලරයේ අගය ඉහළ යාම සම්බන්ධයෙන් කලබල වීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 15 June 2023
පොලිස් සමුළුවට එංගලන්තයට ගිහින් පැනලා ජාත්‍යන්තර සමුළුවකට සහභාගිවීම සඳහා එංගලන්තයට ගොස් යළි සේවයට වාර්තා නොකළ පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සිව් දෙනකු සේවය අතහැර ගියා සේ සැලකීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ තල්දූව මහතා පැවසීය. 15 June 2023
සුනාමිය දා හිරෙන් පැන්න පෙදරේරුවා මාට්ටු ගම්පහ මහාධිකරණය මරණ ම දඬුවම ලබා දී තිබියදී සැඟව සිටි චූදිතයකු වසර 19කට පසුව රාගම නගරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය කියයි. 15 June 2023
විදුලිය සැපයුම් යකඩය වැදී දැරිය රෝහලේ කුරුණෑගල ගෝනගම ප්‍රදේශයේ ගොඩනැගිල්ලකට විදුලි සැපයුම ලබාදීමට සවිකරන තිබූ එල් හැඩැති යකඩයක් ගැලවී පාරේ ගමන් කරමින් සිටි 13 හැවිරිදි දැරියකගේ හිසේ වැදීමෙන් දැරිය බරපතළ තුවාල ලබා ඇතැයි වාරියපොල දිසා රෝහල් ආරංචි මාර්ග කියයි. 15 June 2023
කුරුන්දි විහාරය සතු ඉඩම් කාටවත් දෙන්නේ නෑ මුලතිව් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නැතැයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ට කරුණු පැහැදිලි කිරීමෙි ලිපියක් යවා තිබෙි. 15 June 2023
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟ 9 ක් ශ්‍රී ලංකාවේ මෙම වසරේ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට ආසියානු ක්‍රිකට් සංගමය තීරණය කර තිබේ. 15 June 2023
සෙංකඩගල මැණිකේ පීලි පනී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට අද (15) පස්වරු 04.35 ට මහනුවර බලා පිටත් වූ වූ සෙංකඩගල මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුව හා ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතර පිහිටි ගංගොඩ උප දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිළධාරියෙකු පැවසීය. 15 June 2023
ලාන්ස් කෝප්රල්-නාවික භටයා රට රැකියා ජාවාරමක ජාවාරම්කරුවන් සමග සම්බන්ධවෙමින් නීතිවිරෝධි අයුරින් ඔස්ටේ්රලියාවට බෝට්ටු මාර්ගයෙන් පුද්ගලයින් යැවීම ජාවාරමක නිරත වෙමින් සිටි යුද හමුදා ලාන්ස් කෝප්රල්වරයකු හා නාවික හමුදා භටයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන ඇත. 15 June 2023
කතකට අතවර කළ ආයුර්වේද වෛද්‍යවරයා අත්අඩංගුවට දරුවකුගේ සිහිනය සැබෑ කරගැනීම සඳහා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගිය 42 හැවිරිදි විවාහක කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන 57 හැවිරිදි ආයුර්වේද වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මූලස්ථානය කියයි 15 June 2023
ගෝඨා ගිය පාරේම රනිල් ජනපතිත් යනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සුපිරි ධනපතින්ට සහන සලසා දෙමින් රට බංකොලොත් කළ බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද එය අකුරටම ඒ ආකාරයෙන්ම ඉටු කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 15 June 2023
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහුරන්නේ නැහැ කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 15 June 2023
ගම්මන්පිල කුරුන්දි යන්න සැරසේ දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු පිරිසක් කුරුන්දි විහාරය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කළ කරුණු පට්ටපල් බොරු බව ඔප්පු කිරීමට තමා ඇතුළු පක්ෂ නියෝජිතයන් පිරිසක් ලබන 21 වැනි දා කුරුන්දි බලා යාමට තීරණය කළ බව පිවිතුරු හෙළඋරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. 15 June 2023
රුසියාවෙන් න්‍යාෂ්ටික විදුලි බලාගාරයක් ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා රුසියාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්රයේ ප්‍රබලයකු වන රොසාටොම් සමාගම සමග එකඟතාවයකට පැමිණි බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය ප්‍රකාශ කර ඇත. 15 June 2023
ගෝඨාගේ වරප්‍රසාද ගැන මුජිබර් විමසයි හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජන විරෝධය හමුවේ තනතුර හැර ගිය පුද්ගලයකු හෙයින් ඔහුට විශ්‍රාමික ජනාධිපතිවරයකුට හිමි වරප්‍රසාද ලබා දී තිබේ දැයි විමසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු මුජුබුර් රහුමාන් මහතා ජනාධිපති කාර්යාලයට ලිපියක් යොමුකර තිබේ. 15 June 2023
කුරුන්දි ඉඩම් හබය විසඳන්න විශේෂඥ කමිටුවක් පුරාවිද්‍යා කටයුතු වෙනුවෙන් යැයි කියමින් මුලතිව් කුරුන්දි විහාරයට හා ත්‍රිකුණාමලය තිරියාය විහාරයට අක්කර 5000 ක භූමි ප්‍රදේශයක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂාවක් කොට වාර්තා කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 15 June 2023
සුව කන්තෝරුවේ රියැදුරා විහින් අමාරුවේ වැටිලා විශ්‍රාමික පරිපාලන නිලධාරීනියකගේ ජංගම දුරකථනයට වට්සඇප් මගින් අසභ්‍ය ඡායාරූප හා ලිංගික අවයව සහිත ඡායාරූප එවු බව කියන සෞඛ්‍ය අමාත්‍යාංශය රියදුරකු වේයන්ගොඩ පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 15 June 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026