
(යොහාන් භාසුර)
මසකට ඒකක 15 කට අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ ගාස්තුව නව ජල ගාස්තු සංශෝධනයේදී සියයට 100 කට අධික ප්‍රමාණයකින් ඉහළ යන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ගෘහස්ථ ජල පාරිභෝගිකයන්ගෙන් සියයට 62 ක් මසකට ඒකක 15 කට අඩුවෙන් පාරිභෝජනය කරන ජල ගාස්තු සංශෝධනයේදී වතු නිවාසවල ජනතාව සහ සමෘද්ධිලාභීන්ට සහන ලැබෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
රුපියල් 812 ක්ව පැවති මසකට ඒකක 15 කට අඩු පාරිභෝගියන්ගේ ජල ගාස්තුව මෙම මිල ඉහළ දැමීමත් සමඟ රුපියල් 1,700 ක් බවට පත්ව සියයට 106 කින් ඉහළ යන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාතය ජලය ආදී දේ මිනිසාගේ අවශ්‍යතාව සපුරා ගැනීමට ස්වභාව ධර්මයෙන් ලැබෙනා දේවල්.ඒ ජලය බෙහෙත් ටිකක් දමා බෙදාහැරීම කොට දැරිය නොහැකි බිලක් අයකිරීම අපරාධයක්.ඒ කියන්නේ මේ ස්වභාව ධර්මයෙන් නොමිලේ ලැබෙනා ජලය මිසක් මේ ජලය මේ රටේ ජලසම්පාදන මණ්ඩලය නිපදවන දෙයක් නොවේ.ජනතාවට අයිති ජලය තමයි ඔවුන් මේ අධික මිලකට අලෙවි කිරීම සිදුකරන්නේ.බෙහෙත් නඩත්තු හා සේවක වියදම් ලෙස යම් ප්‍රමාණයක මුදලක් අයකර අඩු බිලක් ගෙන ජලය සැපයීම සිදුකළ හැකි වුවත් මේ සිදුකරන්නේ ජනතාව ගසා කෑමකි.මේ ගැන මානව හිමිකම් අංශ වල අවධානය යොමු වේවා ..
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
දැන් නම් මැතිවරනයක් ලංවෙනව නම් හොදා. ජනතව මත මෙ තරම් බර පටවන ආන්ඩුව ගෙදර යවන්න
ඕක කරන්න කලින්ම මම කිව්ව විදුලිබිල වගේම රනිල්ගේ පන්තියේ අයට කිසිම වෙනසක් නැතිවෙන්න පොඩි මිනිහාටම තමයි වැඩි කරන්නේ කියලා. නිවටයින් වගේ දිගටම ඉන්නකන් රනිල් හාමු පොඩි මිනිහාටම ජීවත්වෙන එක බැරි කරයි ...
මම නම් කියන්නේ ඒකක කීයද කියන එක නෙමෙයි..., මේක මානව අයිතීන් උල්ලංඝනයක්...!
අස්වැස්ම වගේ දේවල් නිකන් ඉන්න අයට දෙන්නේ මේ රටේ මධ්‍යම පන්තියේ මනුස්සයින්ගේ බෙල්ල මිරිකලා. ඡන්ද ගොඩ වැඩිකරගන්න නිකන් ඉන්න අයට කවනවා.
වැටුපක් වැඩී වී නැතිව මිවිසුන් ජීවත් වන්නේ කොහොම ද ? ලයිට් බිල උහුලගන්න බෑ! අඩු ගාණේ කන්න කෑම ටික නැති මිනිස්සුන්ට බොන්න වතුර ටිකවත් අඩුවට දෙන්න! වතුර බිල වැඩිකළාට මම විරෝධය දක්වනවා සමස්ථ පුරවැසියෙක් විදිහට ! එන්නකියාපිය ඊළග මැතිවරණයෙන් ඡන්දේ ඉල්ලගෙන!
මේ තරම් බදු මුදල් එකතු කරගෙන ජනතාවට මූලික අවශ්‍යතා ටිකවත් සපයන්නේ නැතුව මොනවද කරන්නේ .225 නඩත්තුව විතරද