
(සුමිත් පොතුපිටිය)
රුසියන් යුවළක් ගමන්ගත් ත්‍රිරෝද රථයක් තවත් ත්‍රීරෝද රථ තුනක සහ යතුරුපැදි හතරක් ගැටී අද පස්වරුවේ සිදුවූ අනතුරකින් රුසියන් යුවළ සහ තවත් කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ තුවාල ලබා ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් කළ වස්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු යුවළකි.
වස්කඩුවේ සංචාරක හෝටලයක සිට හික්කඩුව ප්‍රදේශයේ සිරි නැරඹීම සදහා යමින් සිටි රුසියන් යුවල රැගත් ත්‍රිරෝද රථය කටුකුරුන්ද ඉන්ධන පිරවුම්හල අසල දී ඒ දෙසටම ගමන්ගත් ත්‍රීරෝද රථයක ගැටී ඉදිරිරියට ඇදී ගොස් තවත් ත්‍රීරෝද රථ දෙකක සහ යතුරුපැදි දෙකක ගැටී පෙරලී ඇති අතර , අනෙක් ත්‍රීරෝද රථය නවතා තිබූ යතුරුපැදි දෙකක ගැටී නතරවී ඇති බව පොලිසිය කීය.
තුවාල ලැබූ කතුන් දෙදෙනා නාගොඩ මහ රෝහලට රැගෙන ගොස් ඇති බවත් රුසියානුවා සුළු තුවාල ලබා ඇති බවත් පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රිරෝද රථ තුනක් යතුරු පැදි හතරක් එකට ගැටේ