(නිමන්ති රණසිංහ)
බම්බලපිටියේ හොරොයින් වැටලීමකට ගොස් සිටියදී වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සුරාබදු නිලධාරීන් සිව් දෙනාගේ රාජකාරියට බාධා කළ පොලිස් නිලධාරින් හත් දෙනා සම්බන්ධයෙන් නිතිපතිවරයාට දැනුම් දී උපදෙස් ලබාගෙන අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා සුරාබදු දෙපාර්තමේන්තුවට අද (09) නියෝග කළේය.
සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දැනුවත් කර නිත්‍යානුකූල වැටලීමකට ගිය මෙම සුරාබදු නිලධාරින් සිව් දෙනා වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ රාජකාරියට බාධා කළ පොලිස් නිලධාරින් කව්දැයි අධිකරණයෙන් කළ ප්‍රශ්න කිරීමේදී එම නිලධාරින්ගේ නාමලේඛණයක් එම දෙපාර්තමේන්තුව අධිකරණයට ලබා දුන් අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
කොළඹ දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, කොළඹ දකුණ භාර සහකාර පොලිස් අධිකාරී, බම්බලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, එම පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපති, එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, එම පොලීසියේ පොලිස් පරීක්ෂකවරයකු, පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු සම්බන්ධයෙන් වන නාමලේඛණ්‍යක් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපතිවරයා අද (09) මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇත.
සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශය ඉකුත් 07 වැනිදා සිදුකළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීමකට අදාළ ප්‍රධාන සැකකරුවකුට පලා යාමට අවස්ථාව සලසා දෙමින් සුරාබදු නිලධාරින්ගේ රාජකාරියට බාධා කර එම නිලධාරින් අත්අඩංගුවට ගෙන ඔවුන් පොලිස් ස්ථානයේ රඳවා ගැනීමට මෙම පොලිස් නිලධාරීන් කටයුතු කළ බවට සදහන් කරමින් සුරාබදු ස්ථානාධිපතිවරයා මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇත.
බම්බලපිටිය පර්ල්බීච් හෝටලය ඉදිරිපිටදී ඉකුත් 07 වැනිදා පෙරවරුවේදී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 150ක් සන්තකයේ තබාගෙන සිටි අත්අඩංගුවට ගත් බවත් එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සී ඒ සී 8878 දරන කාර් රථයෙන් හොරොයින් සමග සිටින පුද්ගලයන් දෙදෙනකු ගැන තොරතුරක් ලද බවත් සුරා බදු දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.
(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ
ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
පාකිස්තාන හමුදා ජම්මු හා කාශ්මීර් පාලන රේඛාවට යාබදව තිබෙන ඉන්දියානු ගම්මානයට දරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවත් ඉන් සිවිල් වැසියන් 16 ක් මියගොස්
කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙන යාමට තැත් කළේ යැයි අත්අඩංගුවට පත් සැකකරු පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගම මෙම වසරේ මේ දක්වා දිවයින පුරා සිදු වූ වෙඩිතැබීම් 43 කින් 29 ක් ඝාතනයට ලක්ව ඇතැය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සුරාබදු කුඩු වැටලීමට බාධා කළේ කවුද - අධිකරණය විමසයි
Perera Wednesday, 09 August 2023 11:48 PM
දේශබන්දු වැඩ ඕවා
sundari Thursday, 10 August 2023 01:50 AM
අපේ රට හරි වෙනස් එකක් නේ . එකම කාර්යයට රාජ්‍ය ආයතන එකකකට වඩා පිහිටුවා තිබීම එම වෙනස්කම් අතර පළමු වැන්නයි . නිල ඇඳුම් අඳින හා ආයුධ භාවිතා කිරීමට බලය ඇති ආයතන වල සිටින සමහරුන් අනෙකුත් ආයතන අතර අප්‍රකාශිත ඊරිසියාවක් පවත්වාගනිමින් මමයි ලොක්කා බව පෙන්වීමට දැඟලීම තවත් එකකක් . මෙතන වැරදි කරුවන් කවුරු උනත් ඒ අයට උපරිම දඬුවම් ඉක්මනින් ලබාදීමට බලධාරීන් කටයුතු කලොත් මේ විහිලු ඉදිරියේදී ඇති නොවනු ඇත.
Gunendra Thursday, 10 August 2023 01:28 PM
නියම සත්‍ය
කොස්තාපල් අන්දමන්ද Thursday, 10 August 2023 06:40 AM
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියලා කියමනක් තියෙනවා .පොලිසියේ වැඩ මෙහෙම නම් රටේ මත්ද්‍රව්‍ය ජාවාරමුන් මැඩ පවත්වන්නෙ කොහොමද
lankaputha Thursday, 10 August 2023 07:28 AM
දේශය බඳු පොලිස් කෙනෙක්
Lalla Thursday, 10 August 2023 08:21 AM
ඕක පොලිසියේ ජොබ් එකනේ. කවුරුහරි දේශපාලුවෙක්ගේ බඩු වෙන්න ඕන. පොලිසිය පාලනය කරන්නේ පලාතේ දේශපාලන බලවතා නේද? රාජපක්ෂ ක්‍රමය තවමත්.....
Deshabandu Thursday, 10 August 2023 09:29 AM
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ගෙන්, අපරදකරුවන්ගෙන් පොලිස් නිලදාරින්ට කිසියම් මුදලක් ලැබෙනවානම්, එම අපරාද මුදලින් යැපෙන ඔවුන්ගෙ පවුලෙ උදවිය අඹු දරුවන් ලජ්ජා විය යුතුයි.
C.K.Lsnkaputhra Thursday, 10 August 2023 09:31 AM
දැන් තේරෙනව නේද කුඩු සහ මත්ද්‍රව්‍ය වල පේරන්ට්ස්ල කවුරුද කියල. කොලබට අදිපති මහ එකා තමයි කුඩු ලෝඩ්. මේක අර මහ පුටුවෙ වාඩි කලොත් අපිට කාගේ සරණද?
අරවින්ද මොනරවිල Thursday, 10 August 2023 11:10 AM
කොල්ලුපිටිය බම්බලපිටිය කියන්නේ හාමුගේ ඒරියා එකනේ, කවුද මේ දවස්වල උන්නැහේගේ අවසර නැතුව වටලන්න යන්නේ.