(සරත්  නිශ්ශංක වෙලගෙදර )

ඇලහැර , සියඹලාව විදුහලේ  පාසල් සිසුන්  13 දෙනෙක් 2023 පාසල් පළාත් පිහිනුම් තරඟයෙන් සමත්වි  සමස්ත ලංකා පිහිනුම් තරඟයට ඉදිරිපත්විමට වරම් ලබා තිිබේ.

පළාත් පිහිනුම් තරඟයට ඉදිරිපත්වු මෙම  සිසුන් පිහිනුම් තරඟයේ මිටර්  50 ,100, 200  යන තරඟ වලින්  පළමු, දෙවනි  සහ තුන් වෙනි ස්ථාන හිමිකරගනිමින්  රටටම අදර්ශයක් දි  ඇත .  

පිහිනුම් තටාකයක් නොමැතිව ඉතා දුෂ්කරතා මැද  යෝධ ඇලේ පිහිනා සිය පුහුණු වීම් කටයුතු සිදු කළ  තමන් පාසලේ  හිටපු විදුහල්පතිනි  ඉංදිකා තෙන්නකෝන් මහත්මියගේ මග පෙන්විම තුලින් හා නව විදුහල්පති තේජාන් රෝහණ ක්‍රීඩා පුහුණු ගුරු තරිඳු රුමේෂ් යන මහත්ම මහත්මියන්ගේ හා දෙමාපියන්ගේ උනන්දුව හා උත්සාහය මත මෙම අවස්ථාවන් ජයගත් බව ඔවුහු කියති.

ඔවුන් මාස දෙකක් පමණ  කාලයක් ඇලහැර යෝධ  ඇල මින්නේරි දේවාලය අසල  පුහුණුවීම් සදහා භාවිතා කර ඇති අතර පසුව පුහුණුවීම් කර අවසන් දින 10ය, දිනකට රු.6000 බැගින් කුලී රථයකට ගෙවා සියඹලාව සිට මින්නේරිය යුද්ධ හමුදා කඳවුරේ තටාකයටද , සියඹලාව සිට පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ තටාකයටද යාමට සිදුවූ බව සිසුන්ගේ  මව්පියෝ කියති.

‍ සියඹලාව  පාසලට හෝ ඇලහැර  ප්‍රදේශය පිහිනුම් තටාකයක් තිබුණා නම්     මීටත් වඩා ජයග්‍රහණ ලබා ගත හැකබව ගුරුවරුන් සහ පාසල් සිසුන්  පෙන්වා දෙති. ජල ක්‍රීඩාව වැඩිදියුණු කරගැනීමට සිසුන් හා  ගුරුවරුන්  බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සියඹලාව පාසලට පමණක් නොව මුළු මහත් ඇලහැර   ප්‍රදේශයේම දරුවන් උදෙසා බකමුණ මහවැලි ක්‍රීඩාංගණය අසල පිහිනුම්තටාකයක් ඉදි කරවා දෙන ලෙසයි .