IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘අරගලයේ’ බලාපොරොත්තු ඉටුවී නැතැයි සියයට 60 ක් පවසති

(යොහාන් භාසුර)

ගාලුමුවදොර පිටියෙන් අරගලකරුවන් නික්ම ගොස් වසරක් ගතවුවද ‘අරගලයේ’ බලාපොරොත්තු ඉටුවී නැතැයි මෙරට ජනතාවගෙන් සියයට 60 කගේ මතය යැයි ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවසයි.

රට ගොඩගැනීමට නම් දූෂිත අයහපත් පාලනය නිවැරදි කළ යුතු යැයි මෙරට ජනතාවගෙන් සියයට 51 ක් විශ්වාස කරන බවත් රට යළි ගොඩගැනීමට නම් ආර්ථික ක්‍රමය වෙනස් කිරීම අවශ්‍ය යැයි සියයට 34 ක් පවසන බවත් එම ආයතනය කියයි.

ගාලුමුවදොර කේන්ද්‍රකරගෙන පැවති අරගල ව්‍යාපාරයට වසරක් සම්පූර්ණ වීමේ පසුබිමේ සිට රටේ ජනතාව අරගලයෙන් බලාපොරොත්තු වූ දේවල් ඉටුවීම, නොවීම සම්බන්ධයෙන් දරන අදහස් දැනගැනීමට කළ සමීක්ෂණයකදී මෙම තොරතුරු හෙළි වූ බව ද ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය සඳහන් කළේය.

අරගලය තුළින් ජනතාවගේ බලාපොරොත්තු, අභිලාෂයන් සහ සිතුම් පැතුම් ඉටු වූයේද, නැතිද, යැයි ඇසූ පැනයට බොහෝදුරට ‘නැත’ යැයි බහුතරයක් ජනතාව පිළිතුරු දී ඇති බවත් එම බලාපොරොත්තු, අභිලාෂයන් සහ සිතුම් පැතුම් බොහෝදුරට ඉටුවූයේ යැයි සියයට 11 ක් ද, සියටය 29 ක් අදහසක් ප්‍රකාශ කර නොමැති බවත් එම ආයතනය කීය.

රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන පරිදි තෝරාගත් වැඩිහිටි ශ්‍රී ලංකා පුරවැසියන් 1008 දෙනෙකුගේ නියැදියක් පදනම් කරගෙන මෙම සමීක්ෂණය කළ බව කී ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය දත්ත මෙම වසරේ ජූනි මස එකතු කළ බව ද සදඟන් කරයි.

 



අදහස් (6)

‘අරගලයේ’ බලාපොරොත්තු ඉටුවී නැතැයි සියයට 60 ක් පවසති

SAM Wednesday, 09 August 2023 05:08 PM

ලංකාවේ උතුරු, නැගෙනහිර හැර වෙනත් ප්‍රදේශ නියෝජනය කරමින් එක් තැනකට පැමිණි රටේ සාමාන්‍ය පුරවැසියන් මුණගැසීමට අවස්ථාවක් ලැබිණි. ඒ දින කිහිපයේදී රටේ තත්වය පිළිබඳව ඔවුන් සමග අදහස් හුවමාරු කරගත් අවස්ථවේදී ඔවුන් 90% රටට දේශපාලන වෙනසක් බලාපොරොත්තු වන බව කියා සිටියේය. ඔවුන් සියලු දෙනා වයස 50ට ඉක්මවූ ගොවි ජනතව බහුතරයක් වීම විශේෂත්වයකි...

:       5       30

Nimesh Wednesday, 09 August 2023 06:06 PM

අරගලය සාර්ථක නොවුනේ රනිල් ඇවිල්ල හොරු ටික ඔක්කෝවම බේරාගත්තු නිසා...

:       13       33

මැක්ස්Wednesday, 09 August 2023 07:22 PM

රනිල් කියන්නෙ අරගලයේ ජනාධිපතිනෙ. ඉතිං කොහොමද අරමුණු ඉටු උනේ නෑ කියන්නෙ. ගෝල් ෆේස් ඇවිල්ලා බෝඩ් අල්ල ගෙන කෑගහලු රෝං ජෙනරේෂන් කාරයොයි, අන්තරේ රැවුල් කාරයොයි, ජෙප්පොයි රැල්ලෙ ගිියා මිසක් වෙන්නෙ මොකද කියන දේ ගැන අවබෝධයක් තිබුණෙ නෑ. නමුත් කොට් හිතවාදී ඩයස්පෝරාව, මුස්ලිම් අන්තවාදීන්, ඇන්ජීඕ නඩ සහ විදේශ තානාපති කාර්යාලවල අරමුණ වූ රනිල් බලයට ගෙන ඒම නම් හර්යටම සිදු උනා. ඒකනෙ දැන් තකහනියෙ 13 උඩට ගෙනල්ලා තියෙන්නෙ.

:       5       1

C.K.Lankaputhra Wednesday, 09 August 2023 07:29 PM

මොනව නැතත් අර දුශ්ට මෝඩ ජනාධිපති ගොයියාගේ පුx පැත්තට පයින් ගහල එලවලා රාජපක්ෂ නඩය බෙලහීන කරපු එකම මදිද?

:       0       5

City Thursday, 10 August 2023 05:24 AM

පැහැදිලි හේතුව නායකත්වයක් සහ දැක්මක් නොතිබීමයි.

:       0       2

ගමේ එකාලා Thursday, 10 August 2023 03:35 PM

ආසියාවේ ආශ්චර්යය සෞභ‍ාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා ජනතාව රවට්ටපු දූෂිත පවුල් පාලනේ අයව එළවපු එකම මදිද? අරගලයේ බලාපොරොත්තුව පවතින සිස්ටම් එක වෙනස් කිරීම... පින් ජනපතියා ඡන්දෙකට නොයන්නේ බයට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site