IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාසල් සිසුවාට තවත් සිසුන් පිරිසක් පහරදීලා

(තිලකරත්න දිසානායක)

ගනේමුල්ලේ පාසලක සිසුවකුට තවත් සිසුන් පිරිසක්  පහරදීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත.

පහර කෑමට ලක්වූ සිසුවා 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර අද පාසල නිමවී නිවස බලා යමින් සිටියදී තවත් සිසුන් පිරිසක් මෙලෙස පහරදීම සිදු කොට ඇති බවත් හෙල්මටයකින් පහරදීමෙන් නළල සහ හිසට තුවාලවී ඇති බවත් පහර කෑමට ලක්වූ සිසුවාගේ පියා පැවසීය.

මෙම පහරදීම සම්බන්ධයෙන් ගණේමුල්ල පොලීසියට පැමිණිලි කළ බව හෙතෙම සඳහන් කළ අතර කුමන හේතුවක් නිසා පහරදීම සිදු කළේදැයි යන්න නොදන්නා බවත් දරුවා ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රාථමික ප්‍රතිකාර අංශයට ඇතුලත් කළ බවත් පැවසීය.

 



අදහස් (3)

පාසල් සිසුවාට තවත් සිසුන් පිරිසක් පහරදීලා

පැරකුම් Wednesday, 09 August 2023 10:27 PM

හේතුව තමුන්ගෙ දරුවගෙන්ම අහගන්න එකනෙ තියෙන්නෙ. අද කාලෙ පාසැල් ලමුන් වැඩිහිටියන් අනුකරණය කිරීම අරුමයක් නොවේ.

:       0       2

Krishan Thursday, 10 August 2023 05:36 AM

ගනේමුල්ල පාසල්වල විනය අන්තිමයි විශේෂයෙන්ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ විනය පිරිහිලා තියෙන්නේ 13 වසරේ විද්‍යා 1 පන්තිවල සිසුසිසුවියන් කෙහෙල් කොලේ බත් කාපු දවසේ වගෙම ලෝක ළමා දිනය දවසේ මහියංගනයට ට්‍රිප් ගිය දවසේ පන්ති භාර ගුරුවරියගේ අනුදැනුම යටතේ බියර් අරක්කු ආදි මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තිබුනා ඒ ගැන විදුහල්පති දැනුවත් කලත් පියවරක් ගත්තේ නැහැ ළමයින් සල්ලි වලට ගැනිම පමණයි හිතන්නේ පාසලේ දියුණුව විනය ගැන තැකිමක් නැහැ පෙර හිටිය විදුහල්පතිනිය වගේ වංචාව දුෂණය පිරිලා ළමයින්ගේ විනය පිරිහිලා අයිස් ගංජා ආදියද පාවිච්චි කරන සිසුසිසුවියන් පිරිලා ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ 2023 උසස්පෙල පන්තිවල

:       0       1

චන්දන Thursday, 10 August 2023 08:17 AM

දැන් පාසල් තුළ මතුවන ගැටළු පාසල් අධිකාරියට විසඳගන්න බැරි වෙලා. මානව හිමිකම් කාරයොත් චණ්ඩියොත් එනට එනතුවෙලා. පාසල් ඉවරයි. දැන් පාසල් ඇතුලෙත් තියෙන ප්‍රශ්න පොලිසියටම බාරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site