(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයකු ගමන් ගත් යතුරු පැදියක් මාදම්පේ කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ කනදුල්ල ප්‍රදේශයේ දී ලොරි රථයක ගැටීමෙන්උපකාරක පන්ති ගුරුවරයා බරපතළ තුවාල ලබා මියගොස් ඇතැයි කුලියාපිටිය මූලස්ථාන පොලීසිය පවසයි.
එසේ මියගොස් ඇත්තේ දුම්මල සූරිය, හතරමං හන්දිය පොතුවටවන වත්තේ පදිංචිව සිටි එන්. ඩබ්ලිව් . වෛද්‍යරත්න නැමැති 36 හැවිරිදිඋපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකි.
මොහු බරපතළ තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම මාරක අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා සැක පිට අත්අඩංගුවට ගෙන ලොරි රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර රියදුරා කල්පිටිය, නොරොච්චෝලේ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි.
කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරින් ගුරුවරයා මරුට
20 කණුවෙ මොට්ටයා Thursday, 10 August 2023 12:21 PM
යතුරු පැදි කියන්නෙ නැතුව මගමරුවා නැත්නම් පියාඹන අශ්වයා කියලා කියමු ඇත්තටම දැන්නම් ලංකාවෙ යතුරු පැදි තහනම් කරන්න කාලය හරි කියලා කියන්න වෙනවා ඒත් පොලුසිය උත්තමයො කොපමණ මාර්ග නීති කැඩුවත් මගමරුවො නොඅල්ලා කුඩා වාහන හිමියො පදිංචි පළාතෙන් පිටදී දැක්කොත් මොකක් හෝ බොරුවක් අටවා දඩයක් ගහනවාමයි
ගමේ එකාල Thursday, 10 August 2023 03:39 PM
දිනපතාම අහන්න ලැබෙන්නේ අනතුරු. සමහර රියදුරන් බීලා, නොසැලකිලිමත් ලෙස රිය පදවනවා. සමහරු ඉගිල්ලෙන්න හදනවා... !