‘‘කවුරු කිවත් මෙරට සංස්කෘතිය විනාශ කිරීමට ඉඩදෙන්න බෑ‘‘ පිටරටවල ඉගෙනගත් හා ජීවත්වන පරංගි ඇවිත් කී පලියට නයිට් ලයිෆ්, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ, ගංජා ආදිය මෙරට සංස්කෘතියට එක්කිරීමට ඉඩ දිය නොහැකි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 3 years ago
රටට අහිමිවන කෝටි 15000ක් ගැන බුද්ධික හෙළි කරයි රටට ලැබිය යුතු සුරාබදු ආදායමෙන් වසරකට රුපියල් කෝටි 15000ක් අහිමිවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි. 3 years ago
අධික ශීතල සමග ශ්වසන රෝග ඉහළට මේ දිනවල පවතින අධික ශීතල සහ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළයාම සමඟ වයිරස් උණ, ළමා හතිය හා ස්වසන පද්ධතිය ආදී රෝගී තත්වයන්ගේ ඉහළයාමක් දක්නට ලැබෙන බව බොරැල්ල, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය. 3 years ago
මහාධිකරණ විනිසුරු සංගමයට නව නිලධාරීහු පත්වෙති මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස නාමල් බලල්ලෙ මහතා ද ලේකම්වරයා ලෙස සුජීව නිශ්ශංක මහතාද පත්වූහ. 3 years ago
කෘෂි කර්මයට තිබූ ’’අටක්’’ හතරට බස්සයි කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව පවතින ආයතන අටක් ඒකාබද්ධ කොට ආයතන හතරක් බවට පත් කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 3 years ago
උපදේශනයට කෝටි දෙකයි ව්‍යාපෘතිය එතනමයි වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලයට වැඩපොළක්,නේවාසිකාගාරයක් සහ ආපන ශාලාවක් ඉදිකිරීම සඳහා උපදේශන ගාස්තු ලෙස රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇතත් එම ව්‍යාපෘති ආරම්භ කිරීමට ( 2020 වසර වන විටත් ) කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 3 years ago
ගාලු උරුමයේ සිතුවම් විනාශ මුඛයේ ගාලු උරුමය පදනම ගාලු කොටුවේ සදු මුර අට්ටාලයේ ප්‍රදර්ශනය කිරීම සඳහා රුපියල් පහළොස් ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ලබාගෙන තිබූ ගාල්ලේ ඓතිහාසික උරුමය සිහිපත් කෙරෙන සිතුවම් 16ක් වසර හයකට වැඩි කාලයක් තිස්සේ එම පදනම් කාර්යාලයේ විනාශ වෙමින් පැවතුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන්වේ. 3 years ago
චෙන්නායි - යාපනය අතර ගුවන් සේවා යළි යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් වසර දෙකකට පසුව යළි හෙට සිට ආරම්භ කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි . 3 years ago
දුරගමන් බස්වලට නැවතුම්පොළ වෙන් කරයි දුර ගමන් සේවා බස් රථ නැවතුම්පල සංඥා පුවරු 48ක් කොළඹ සහ අලුත්ගම අතර ස්ථාපිත කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සාමාන්‍යාධිකාරි ජගත් පෙරේරා මහතා පවසයි . 3 years ago
පහට උපකාරක පංති 14 දා සිට බෑ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරමින් උපකාරක පන්ති පැවැත්වීම ලබන බඳාදා (14) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 3 years ago
60 නීතියෙන් හෘද සහ උරස් ශල්‍ය වෛද්‍යවරුන් ඉතිරිවන්නේ 10යි රජයේ රෝහල්වල සේවය කරන හෘද සහ උරස් ශල්‍ය වෛද්‍යවරුන් හත් දෙනකු මෙම මස 31 වැනි දින සිට විශ්‍රාම යෑමට නියමිත අතර රටේම සේවය සඳහා ඉතිරිවන්නේ වෛද්‍යවරුන් 10 දෙනකු පමණකැයි විශේෂඥ වෛද්‍ය සංගමය සඳහන් කරයි. 3 years ago
මිනිස් ජාවාරම ගැන සොයන්න කණ්ඩායමක් ඕමානයට ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයට ගෙන ගොස් ජාවාරම් කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව විමර්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඕමානය බලා පිටත්ව ගියේ යැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago