ණය ප්‍රතිව්‍යුහගතකිරීම කඩිනම් කරගන්න ලංකාවෙන් විශේෂ වගන්තියක් ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සාකච්ඡා කඩිනමින් අවසන් කිරීම සඳහා ’’ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වඩාත් නම්‍යශීලී ණයහිමියන්’’ නම් විශේෂ වගන්තියක් සාකච්ඡා මේසයට ගෙන ඒමට ශ්‍රී ලංකාව අවධානය යොමුකර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කර ඇත. 3 years ago
මත්ද්‍රව්‍ය ලඟ තබන් සිටි රේගු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන්න අවසර එල් එස් ඩී මත් මුද්දර 11ක් කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1ක් සහ කොකේන් ග්‍රෑම් එකක් සන්තකයේ තබාගෙන සිටි බව කියන රේගු පරීක්ෂක නිලධාරීන් දෙදෙනා ලබන 17 වැනිදා තෙක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණෙවල මහතා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අද (12) අවසර ලබා දුන්නේය. 3 years ago
යාචකයන්-වෙළෙදුන් 15කට දුම්රිය තහනම් කරයි දුම්රිය නීති උල්ලංඝණය කරමින් දුම්රිය තුළ යාචක වෘත්තියේ සහ වෙළෙදාමේ යෙදුණු පුද්ගලයන් 15 ක් පසුගිය සති දෙක තුළ භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 3 years ago
දුම්රිය වෘත්තිය සමිති සටනකට සැරසෙයි ප්‍රවාහන අමාත්‍යවරයා අභිමතය පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට ප්‍රකාශයට පත්කළ හොත් පසු දිනම කිසිඳු දැනුම්දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවත් රටම අගාධයට ඇඳදැමීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් වෘත්තිය සමිති ව්‍යාපාරයට නිහඬව සිටිය නොහැකි බවත් දුම්රිය වෘත්තිය සමිති සන්ධානය, ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කරයි. 3 years ago
ආනන්දයේ ’’මිරිස් පෑන්’’ ඔක්කොම ජනපති මිලදී ගනියි කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කර තිබූ සටහන් ලිවීමෙන් පසු රෝපණය කළ හැකි මිරිස් බීජ සහිත පත්‍රිකා ජනාධිපති කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා මිලදී ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාට දැනුම් දුන්නේය. 3 years ago
ව්‍යාජ ලේඛණ සකස් කළ කෝටියක වාහන ගම්පහින් අල්ලයි වාහනවල චැසි අංක සහ එන්ජින් අංක ව්‍යාජ ලෙස සකස් කර අළෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කළ පුද්ගලයන් තිදෙනෙක් සමඟ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් වාහන හතරක් කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 3 years ago
පූංචි ඡන්දයට ආඥාවක් ඉල්ලා සජබයෙන් පෙත්සම් දෙකක් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ රිට් පෙත්සම් දෙකක් ගොනුකර ඇත. 3 years ago
හිටපු උපකුලපතිට පහරදීම ගැන ජනපති වාර්තාවක් කැඳවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් තමාට ලබා දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වගකිවයුතු සියලු නිලධාරීන්ට අද(12) උපදෙස් දුන්නේය. 3 years ago
රට සල්ලි හුවමාරු ආයතනයක බලපත්‍රය ස්ථිවර අවලංගු කරයි පෞද්ගලික මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් වන ‘ප්‍රසන්න මනි එක්ස්චේන්ජ්’ පුද්ගලික සමාගමේ මුදල් මාරු කිරීමේ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 3 years ago
ඕස්ට්‍රේලියාවේ කොන්සල් ජනරාල් සන්දිත් සමරසිංහ ඕස්ට්‍රේලියාවේ කොන්සල් ජනරල් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා පත්කරනු ලැබ තිබේ. 3 years ago
පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුව තවත් දින 4ක් පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව හෙට (13) සිට මේ මස 16 වැනිදා දක්වා දින හතරක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (12) පස්වරුවේ පැවසීය. 3 years ago
ඡන්දයක් වෙනුවෙන් විපක්ෂය සමඟ එක්ව සටන් කරනවා විරුද්ධ පක්ෂයේ සියළුම කණ්ඩායම් සමඟ ඒකාබද්ධ වී ජනතාවගේ සර්වජන ඡන්දබලය සුරක්ෂිත කිරීම සඳහා ප්රජාතන්ත්රවාදී රාමුව තුළ ගත හැකි සියලුම පියවර ගන්නා බව නිදහස ජනතා සභාවේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල් පීරිස් මහතා කොළඹදී පැවසීය. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago