වෙරිමරගාතේ සිටි සිසුන් දෙකක් පොලිස් බාරයට අරක්කු පානය කර වෙරි මරගාතේ වේයන්ගොඩ ගුවන්පාලම මත සිටි අවුරුදු 15ක් අවුරුදු 16ක් වයස සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි. 29 June 2023
අස්වැසුම දෙද්දී අසාධාරණකම් එපා කිසිවකුට අසාධාරණයක් නොවන ලෙස සහ කිසිවකු අත් නොහැරෙන ලෙස “අස්වැසුම” සමාජ ආරක්ෂණ ප්රතිලාභ වැඩසටහන ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය. 29 June 2023
එල්.ටී.එල්. හෝල්ඩිං සමාගම සුවසැරියට මිලියන 15ක් දෙයි ශ්‍රී ලංකා විදුහිලබල මණඩලයට කොටස් හිමි ශ්‍රී ලංකාවේ විදුලිබල ක්‍රෙෂ්ත්‍රයේ ප්‍රමුඛතම ඉංජිනේරු සමාගමක් වන එල්.ටී.එල්. හෝල්ඩිං සමාගම ඉකුත් දා සුවසැරිය පදනමට රුපියල් මිලියන 15ක මුදලක් පරීත්‍යාග කළේය. 29 June 2023
විශේෂඥ වෛද්‍යවරු 50ට 50ක් රට ගිහින් රටට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 4000ක් වුව ද දැනට සේවය කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන් 2000ක පමණ සංඛ්‍යාවක් යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි. 29 June 2023
බස් ගාස්තුවේ වෙනසක් නෑ මෙම වසරේ ජූලි මස 1 වැනිදාට බස් ගාස්තු සංශෝධනයක් කිරීමට නියමිතව තිබුණ ද වර්තමාන බස් ගාස්තුවේ වෙනසක් නොවන බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (29) පැවසීය. 29 June 2023
2022 වසරට වඩා පසුගිය මාසයේ සංචාරකයන් ඇවිත් මෙරටට පැමිණි සංචාරකයන්ගේ පැමිණීම පසුගිය වසරට වඩා ගත වූ මාස හය තුළ පමණක් සංචාරකයන් විශාල පිරිසක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 29 June 2023
ජයවර්ධනපුර රෝහලට නව සභාපතිවරයෙක් ශ්‍රී ජයවර්ධනපුර රෝහල් මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පත්කරනු ලැබ ඇත. 29 June 2023
ළමා අයිතිවාසිකම් සඳහා යුනිසෙෆ් වෙතින් ව්‍යාපාරික කවුන්සිලයක් මෙරට ළමුන්ගේ, ළමා අයිතිවාසිකම් සහ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානයේ මූලිකත්වයෙන් ව්‍යාපාරික කවුන්සිලය කොළඹදී එළිදක්වනු ලැබීය. 29 June 2023
හොර සල්ලි සමග දෙකක් සැකපිට ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ එම මුදල් නෝට්ටු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි. 29 June 2023
පුංචි සභාවල කම්කරුවන්ට සුබ ආරංචියක් පළාත් පාලන ආයතනවල කම්කරුවන් 10,355 දෙනකුගේ සේවය ස්ථිර කිරීමට තීරණය කර ඇතැයි පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. 29 June 2023
හිටපු ජනපති යාපනයේ සංචාරයක යාපනයේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) යාපනය සර්ව ආගමික නායකයන් හමුවිය. 29 June 2023
’’රිලවුන් ගෙන් වන වගා හානි ගැන අපෙන් අහන්න එපා’’ ’’වන සතුන්ගෙන් සිදුවන වගා හානි වලක්වා ගැනීම පිළිබඳව මින් පසු අපෙන් අහන්න එපා’’ යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 29 June 2023
කොස්තාපල්ගේ ගිනි අවිය පත්තු වී සැරයන් රෝහලට බියගම පොලිස් ස්ථානය තුලදී කොස්තාපල්වරයකු අත රැඳි ටී 56 ගිනි අවියකa පත්තු වී පොලිස් සැරයන්වරයකුගේ පාදයකට හා අතකට තුවා සිදුව ඇතැයි පොලිසිය කියයි. 29 June 2023
රියදුරු බලපත්‍ර ලක්ෂ 8 ක් තවමත් කොට උඩ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතු රියදුරු බලපත්‍ර මුද්‍රණ යන්ත්‍රවල ධාරිතාව ප්‍රමාණවත් නොවීම නිසා රියදුරු බලපත්‍ර කාඩ් ලක්ෂ 8 කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කිරීම මාස ගණනක් ප්‍රමාද වී ඇති බවත් එම තත්වය හමුවේ මේ මස 19 වැනිදා සිට නිකුත් කළ තාවකාලික රියදුරු බලපත්‍රවල කාලය වසර දෙකක් දක්වා දීර්ඝ කළ බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි. 29 June 2023
‘‘ලොවට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සකසනවා‘‘ මෙරට අධ්‍යාපන පද්ධතිය නවීකරණය කර ලෝකයේ ඉහළම අධ්‍යාපන සහිත රටක් බවට මෙරට අධ්‍යාපන ක්රමයේ වෙනසක් ඇති කිරීමේ වගකීම රටේ ජනාධිපතිවරයා හැටියට මා පුද්ගලිකව භාරගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැදිරිගිරිය ජාතික පාසල් ශ්‍රවනාගාර පරිශ්‍රයේදී පැවැසීය. 29 June 2023
නව ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබ සිටී. 29 June 2023
හිටපු රාජ්‍ය ඇමැති විජයකලා අනතුරක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරී මහත්මිය ගමන් ගත් වෑන් රථය මුන්දලම මංගල එළිය ප්‍රදේශයේ අනතුරට ලක්වීමෙන් මන්ත්‍රීවරිය ඇතුළු තිදෙනකු රෝහල් ගතකර ඇතැයි මුන්දලම පොලිසිය කියයි. 29 June 2023
බෙල්ලන්විල ඇසළ පෙරහර රාජ්‍ය අනුග්‍රහයෙන් ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 2023 වාර්ෂික ඇසල පූණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට ජනාධිපති කාර්යාලය තීරණය කළේය. 29 June 2023
ණය යෝජනාව අද හවස මුදල් සභාවට ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව සාකච්ඡා කිරීම සඳහා මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අද (29) පස්වරු 2.00ට රැස්වීමට නියමිතය. 29 June 2023
කොමිෂන් දෙකක් පත් කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැතිවරණ කොමිසමට (EC) සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRC) සඳහා සාමාජිකයන් පත්කර ඇත. 29 June 2023
මගීන් ගෙනයන්න දැවැන්තයෙක් සයුරට ලොව විශාලතම මගී ප්‍රවාහන නෞකාව වන ’’අයිකන් ඔෆ් ද සීස්’’ ඉකුත් ජූනි මස 22 වැනිදා ෆින්ලන්තයේදි සිදු කළ පර්යේෂණ ගමනින් පසුව ප්‍රථම වරට නිල වශයෙන් විවෘත මුහුදේ යාත්‍රා කර ඇත. 29 June 2023
මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක් රටෙි භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දැනටමත් 50%කට වැඩි බදු මගින් දායකත්වයක් දක්වන බැවින් බැංකු පද්ධතියට තවදුරටත් බරක් නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය. 29 June 2023
වෙඩි මැද හරක් හොරු පනිති වලස්මුල්ලේ සිට හක්මණ දෙසට එළ ගවයෙකු හොරෙන් පටවා ගමන් ගත් ත්‍රීරෝද රථයක් පසුපස හඹා ගිය වලස්මුල්ල පොලිසියේ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිළධාරින් පිරිසක් එය නවත්වා ගැනිමට මීඇල්ල පනන්වෙල ප්‍රදේශයේ දි ගිනි අවියකින් අහසට වෙඩි තැබූවද ත්‍රීරෝද රිය නොනවත්වා පලාගිය බව වලස්මුල්ල පොලිසිය කියයි . 29 June 2023
තරුණයෙක් පැහැරගෙන යමින් සිටි හමුදා සෙබළා අල්ලයි පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් 23 හැවිරිදි තරුණයෙකු ත්‍රිරෝද රථයක ගොඩ කරගෙන බලහත්කාරයෙන් පැහැරගෙන යමින් සිටි බව කියන යුද හමුදා සෙබලෙක් සහ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පිටකොටුව පොලීසිය පවසයි. 29 June 2023
මත් ජාවාරම්කාරිය නමින් තිබූ කෝටි හතරහමාරක ගිණුම් තහනම් කරයි ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මෙරට 33 හැවිරිදි කාන්තාවක නමින් තිබූ රුපියල් කෝටි හතර හමාරක බැංකු ගිණුම් තහනමට ලක් කළ බව නිති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි. 29 June 2023
මත්කුඩු සමග විදෙස් ජාතිකයන් අටක් මුහුද මැදදි අල්ලයි මාලදිවයින සාගර කලාපයේ සිට මෙරට මුහුදු සීමාව ඔස්සේ යාත්‍රා කරමින් තිබූ ධීවර යාත්‍රාවක් සෝදිසි කර එම යාත්‍රාවේ තිබූ හෙරොයින් ග්‍රෑම් 926ක තොගයක් සමග ඉරාන ජාතිකයන් හය දෙනෙකු සහපකිස්ථාන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 29 June 2023
සබ්මැරීනයේ සිටි අයගේ සිරුරු කොටස් හමුවෙලා ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට මුහුදු පතුලට යද්දී පිපිරී විනාශ වුණු ‘ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන්ස්’ නමැති ඇමෙරිකන් සමාගමේ ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ කොටස් මෙන්ම එහි ගමන් කළ පස් දෙනාගේ ශේෂයන් ද හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 29 June 2023
තරුණියකගේ ඡායාරූප සිද්ධියකට දකුණු නිර්වේලි හි යුද්දයක් තරුණියකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදා හැරියේ යැයි කියන සිද්ධියක් මුල් කරගනිමින් එම නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හළ බව කියන තරුණයාගේ නිවෙස පන්සීයක ගෙන් පමණ සමන්විත පිරිසක් විසින් වටලාපහර දෙමින් සිටියදී පොලීසිය අහසට වෙඩි තබා දැඩි පරිශ්‍රමයක් දරා තත්ත්ව පාලනය කළ බව අච්චුවේලී පොලීසිය පවසයි. 29 June 2023
ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් දේශීය ව්‍යාපාර රැකෙනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් දේශිය ව්‍යාපාරිකයින් සුරක්ෂිත වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 29 June 2023
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක් ලෝක බැංකුව ශ්‍රී ලංකාව සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක මුදලක් අනුමත කර තිබේ. 29 June 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026