(රංජිත් රාජපක්ෂ)

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ඉහල ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව ප්‍රදේශයට අද පස්වරුවේ විනාඩි 30 ක පමණ කාලයක් තද වැසි පතිත විය.

බගවන්තලාව ප්‍රදේශයේ පසුගිය කාලයේ පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ පානිය ජල ගැටළුවක්ද මතු වි තිබු අතර , කෙසෙල්ගමුඔයේ ජල ධාරිතාවද පහල බැස තිබුණි.

පැවති වියළි කාලගුණ තත්ත්වය තේ වගාවට සහ එලවළු වගාවට දැඩි බලපැමක් එල්ල කර තිබුණි.