කෝටි 15 කට අධික රන් රේගුවේ හිරවෙයි නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රුපියල් පහළොස් කෝටි විසි පන් ලක්ෂයක් වටිනා කිලෝග්‍රෑම් 07 ක් බරැති රත්තරන් තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු රේගු පරිශ්‍රය පසු කර කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 08 May 2023
ජනපති යළි දිවයිනට එංගලන්තයේ චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සදහා එරටට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 08 May 2023
මීගොඩ ව්‍යපාරිකයකුගේ කෝටි ගණනක දේපොළ උස්සලා විදේශ රටවල් සමග සෘජුවම සම්බන්ධ වී නිමි ඇඳුම් සපයන කෝටිපති ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියකුගේ මීගොඩ ලයනල් ජයසිංහ මාවතේ සුඛෝපභෝගී තෙමහල් නිවසේ තිබූ කෝටි 35කට ආසන්න වටිනා ආරුනූල් වර්ගයේ නිල් මැණිකක් හා රුපියල් ලක්ෂ ගණනාවක රන් භාණ්ඩ ඇතුළු තවත් දේපල සොරා ගෙන ගොස් ඇතැයි මීගොඩ පොලිසිය කියයි. 07 May 2023
කුඩු අංජුගේ ප්‍රංශ පෙම්වතිය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයකු මෙන්ම පාතාල නායකයකු වශයෙන් රතු නිවේදන නිකුත් කර ඇති දැනට ප්‍රංශ රටේ රිමාන්ඩ් භාරයේ පසුවන රත්මලාන කුඩු අංජු නැමැත්තා ප්‍රංශයේ සරණාගතයකු ලෙසජීවත්වෙමින් ව්‍යාපාර පවත්වාගෙන ගියේ කෙසේ දැයි යන්න සොයාගැනීමට ප්‍රංශ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි එරටින් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ. 07 May 2023
හිටපු ජනාධිපති ගෝඨාභය ‘බුද්ධ රශ්මී’ විවෘත කරයි වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ‘බුද්ධ රශ්මී’ වෙසක් කලාපයේ අවසන් දිනය වන අද (7) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම වෙසක් කලාපය විවෘත කළේය. 07 May 2023
පාසල් සිසුවා මුහුදේ සැඟවේ බූස්සේ මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවකු අද සවස මුහුදේ ගිලි අතුරුදහන්ව ඇතැයි රත්ගම පොලිසිය පවසයි. 07 May 2023
වේයන්ගෙඩ ඛේදවචකයක්:මව බේරා පුතාත් පෙම්වතියත් ඔයේ අතුරුදහන් දී ඇල් ඔයේ ගසා ගෙන ගිය මව බේරා ගැනීමට ඔයට පැන්න පුතා ද ඔහුගේ පෙම්වතිය බව කියන තරුණිය ද දියේ ගිළී අතුරුදහන් වී ඇතැයි වේයන්ගොඩ පොලිසිය පවසයි. 07 May 2023
ගංගාරාම ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපයෙන් වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බුද්ධ රශ්මී වෙසක් කලාපයේ රාත්‍රී පෙරහැර ශ්‍රී ලංකා නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් උත්කර්ශවත් ලෙස පැවැත්විණි. 07 May 2023
දංඕවට රබර් කාර්මාන්ත ශාලාවක ගින්නක් කොළඹ - මහනුවර මාර්ගයට නුදුරුව දංඕවිට ප්‍රදේශයේ පවත්වාගෙන යන රබර් කර්මාන්ත ශාලාවක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාවට දැඩි හානි සිදුව ඇතැයි දංඕවිට පොලිසිය කියයි . 07 May 2023
සීනි මිල ඉහළට පිටකොටුව තොග වෙළෙදපොලෙ සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 240 දක්වා ඉහළ ගොස් ඇතැයි සීනි ආනයනයකරුවෝ පවසති. 07 May 2023
ඩෙංගු වසංගතයක් වෙයි ඩෙංගු වසංගත තත්වයක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් පවතින බව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු ඇඟවීමක් කළේය. 07 May 2023
සුළි කුණාටුවක් ගැන අනතුරු අඟවයි ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 07 May 2023
නාථගනේ ස්තූපය - නටබුන් අනාගත පරපුරටත් ඉතිරි කරන්න නාථගනේ ස්තූපය හා පුරාවිද්‍යාත්මක නටබුන් සහිත ප්‍රදේශයේ කැනීම් කටයුතු මේ වන විට අවසන් බවත් මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය ඉදිරි පරම්පරාවන් වෙත දායාද කිරීමට ආරක්ෂා කරන ලෙස ජනතාවගෙන් ද ඉල්ලා සිටින බවත් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. 07 May 2023
වෙසක් දා ඝාතන තැතැක් වැළකේ වෙසක් දිනයේ මට්ටක්කුලිය කදිරාන වත්තේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා පැමිණ සිටි සංවිධානාත්මක අපරාධ කරුවෙක් පිස්තෝලයක්, පතරොම් 10 ක් සමඟ කොළඹ උතුර අපරාධ කොට්ඨාස නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 07 May 2023
පෙරහර අතරේ නිලමේ අලියා පිටෙන් බිමට ගම්පහ සාම මහා විහාරය මගින් පවත්වන ලද පෙරහරේ ගමන්ගත් නිලමේවරයෙක් අලියා පිටෙන් බිමට ඇද වැටුණේය. 07 May 2023
දක්ෂිණ අධීවේගීයේ අනතුරක්:5ක් රෝහලේ එකම පවුලේ පිරිසක් ගමන් කරමින් සිටී වෑන් රථයක් සහ මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කිලෝ මිටර් 8 දශම 4 වෙනිවැල්කොල ප්‍රදේශයේ දී අද( 7) දහවල් එකිනෙක ගැටී පෙරළීමෙන් කුඩා දරුවෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. 07 May 2023
කාන්තාවන් 170 ක් මාස තුනකදී විදේශ රැකියා ජාවාරමට හසුවෙලා නීත්‍යානුකූල නොවන ආකාරයට විදේශ රැකියා ජාවාරම්වලට ගොදුරු වූ වින්දිත කාන්තාවන් 170 ක් සහ ජාවාරම්කරුවන් පිරිසක් මෙම වසරේ පළමු මාස තුන තුළ කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපොලේදී හඳුනාගෙන නීතිය හමුවට ඉදිරිපත් කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 07 May 2023
එළු හබේ මරණින් කෙළවර වෙයි වාලච්චේන නාපතාවිල් ප්‍රදේශයෙන් කුඹුරු ගොවිපොළක බෝග වලට එළුවන් හානි කළේ යැයි කියන සිද්ධියක් මුල් කරගෙන ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් 74 වැරදි වයෝවෘද්ධ ගොවියෙක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි. 07 May 2023
සිසුවා පැදවු රිය විදුලි කණුවක ගැටෙයි පෞද්ගලික විශ්ව විද්‍යාලයක 18 හැවිරිදි සිසුවකු පදවාගෙන ආ වි 8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් බම්බලපිටිය මුහුදු මාවතේදී මෝටර් රථ දෙකක හා විදුලි කණුවක ගැටී අනතුරට පත්ව ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි. 07 May 2023
යලේ පොහොර වවුචරයට මුදල් කමිටුවේ අනුමැතිය මෙවර යල කන්නයේ දී ගොවීන්ට යූරියා ,බණ්ඩි පොහොර හෝ ගොවීන්ගේ අභිමතය පරිදි කාබනික පොහොර මිලදී ගැනීම සඳහා වවුචරයක් නිකුත් කිරීමට අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ යෝජනාවට මුදල් කමිටුවේ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 07 May 2023
රටින් පනින්න ගිය 6ක් අල්ලයි නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 6 ක් සමග ඩිංගි යාත්‍රාවක් මන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී භාරයට ගත් බව නාවික හමුදාව පවසයි. 07 May 2023
දියවළට ඥාති සහෝදරයෝ බිලි වෙති මතුරට පදියපැලැල්ලේ, ඉඩමිපිටිය වඩුවාවල දියවළේ නෑමට ගිය ඥාති සහෝදරයකු සහ සහෝදරියක් දියේ ගිළී මියගොස් ඇති බව මතුරට පොලීසිය පවසයි. 07 May 2023
දිස්ත්‍රික්ක පහකට නාය අවදානම් නිවේදන දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (07) පෙරවරුවේ නිකුත් කරනු ලැබ තිබේ. 07 May 2023
වක්ඔයේ ගිලී කාන්තාවක් මරුට හංවැල්ල වක්ඔයේ දිය නාමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුගෙන් අයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය කියයි. 07 May 2023
රිය අනතුරින් ගැබිනි මව ඇතුළු 4ක් රෝහලේ වෙසක් සිරි නරඹා නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් ත්‍රී රථයක් අද (07) හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේදී පෙරළී යාමෙන් එහි ගමන් ගත් ගැබිනි කාන්තාවක ඇතුළු සිවු දෙනකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව කහතුඩුව පොලිසිය පවසයි . 07 May 2023
කතරගමට එන පා ගමන යාපනයෙන් අරම්භ කරයි කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකිරීමට පයින්ම උතුරේ සිට කතරගම දක්වා දින ගණනාවක් ගමන් කරන ලංකාවේ දිගම පාද යාත්‍රාව ලෙසින් සැලකෙන යාපනය කතරගම පාද යාත්‍රාව යාපනය තොණ්ඩමනාරු සෙල්වශාන්ති මුරුගන් හින්දු කෝවිලෙන් ආරම්භ විය. 07 May 2023
බැසිල් රට යයි හිටපු අමාත්‍ය ,පොදු ජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 07 May 2023
ගොවීන් සියයට 95කට පෝර ගන්න දුන්න සල්ලි වතුරේ පසුගිය මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ජනතාවට ලබා දුන් මුදල් වලින් පොහොර මිල දී ගෙන තිබෙන්නේ ගොවීන්ගෙන් සියයට පහක් පමණක් බව හෙළි වී තිබෙි 07 May 2023
අ‘පුර රෝහලේදී කළ ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු, අමානුෂික අයුරින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඝාතකයා සහ ඊට අනුබල දුන් පුද්ගලයෙකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි. 07 May 2023
අදත් දවස පුරා තැනින් තැනට වැසි බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 07 May 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026