අලි වැටට ගිය කෝටි 97ක් වතුරේ විදුලි වැටක් ඉදිකිරීමට සහ එය නඩත්තු කිරීමට රුපියල් කෝටි 97 ක් වැයකර ඇතත් අලින්ගෙන් සිදුවන මිනිස් මරණ සහ දේපළ හානි පසුගිය වසර පහේදී අඩුවී නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 3 years ago
ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳකට මංගල සීනු හැඬවෙයි ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳක් වන රෙහාම් ඛාන් හට මංගල සීනු හැඬවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 49 හැවිරිදි රෙහාම් ඛාන් වෘත්තියෙන් මාධ්‍යවේදිනියකි. 3 years ago
පොලිස් පනතේ අඩු පාඩු හදන්න සාකච්ඡාවක් දැනට පවතින පොලිස් ආඥා පනතෙහි අඩු පාඩු හදුනා ගෙන එය වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම පිළිබදව සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සහභාගිත්වයෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද(23) පැවැත්විණි. 3 years ago
පිළිකා රෝගීන් මඟ දමා ඖෂධ වේදීහූ පැනයති මහරගම අපේක්ෂා රෝහලේ බාහිර සායන රෝගීන්ට බෙහෙත් නිකුත් කරන කවුන්ටර අද (23) දහවල් පැය දෙකකට වැඩි කාලයක් හිටි හැටියේ වසා දැමීමෙන් පිළිකා රෝගීහු දැඩි අපහසුතාවට පත්වූහ. 3 years ago
චිලී හි ගින්නකින් දෙදෙනෙක් මරුට චිලී හි විනා ඩෙල් මාර් වෙරළබඩ නගරයේ ඇති වූ ගින්නකින් අවම වශයෙන් දෙදෙනකු මියගොස් නිවාස 400 කට හානි වී ඇතැයි චිලී බලධාරීහු ප්‍රකාශ කළහ. 3 years ago
ළදරුවන් අතරේ මන්දපෝෂණය වැඩි වෙලා අවුරුදු 1ට අඩු ළදරුවන්,වයස අවුරුදු එකත් පහත් අතර දරුවන් සහ පෙර පාසල් වියේ දරුවන් අතර පසුගිය වසරට ( 2021) සාපේක්ෂව මේ වසරේදී මන්දපෝෂණ තත්වයන්හි වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 3 years ago
නැව් අනතුරෙන් බේරුන ලාංකිකයන්ට මෙතර එන්න අවස්ථාවක් වියට්නාමය සහ පිලිපීනය අතර මුහුදේ ගිලෙමින් තිබූ ’ලේඩි ආර් 3’ නැවේ මුදවා ගෙන වියට්නාමයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් 302 ගෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති ශ්‍රී ලාංකිකයන් 152 ක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසා ඇත. 3 years ago
‘පාස්පෝට්’ ගැනීමට සඳුදා වෙනුවට දිනයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට ලබන සඳුදා දිනය (26 වැනිදා) සහ වේලාවක් ලැබී ඇති සියලු අයදුම්කරුවන්ට එම සතියේ ඉතිරි දින හතරේ දිනයක් සහ වේලාවක් ලැබෙන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය. 3 years ago
ආටෝපවලට වහල් නොවී දිළිඳුන් සමඟ නත්තල සමරන්න රට තුළ දිළිඳුන්ගේ ප්‍රමාණය විශාල ලෙස වැඩි වී ඇති මෙම අවස්ථාවේ නත්තල යනු තනිවම බොරු ආටෝපවලින් විනෝදවීමේ අවස්ථාවක් නොවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 3 years ago
ඊශ්‍රායල සාත්තු සේවා රැකියා පෙන්වා මුදල් වංචාවක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා ලොතරැයි ක්‍රමයට අනිවාර්යෙන්ම තෝරා දිය හැකි බව පවසා වංචනික ලෙස මුදල් අයකරන පිරිසක් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි එම කාර්යංශය පවසයි. 3 years ago
ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 3 years ago
දෙමළ ජනතාව අගයන්න කැබිනට් අනුමැතිය වසර දෙසීයක පමණ කාලයක සිට උඩරට දෙමළ ජනතාවගෙන් ශ්‍රී ලාංකීය ආර්ථිකයට ලැබෙන දායකත්වය අගයා උත්සව මාලාවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago