(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ලග්ගල පොලිස් වසමට අයත් දේවාලදෙණිය, ඇල්පිටිය වත්තේ පිහිටි මැණික් ඉල්ලම් ගැරුම් පොළකදීහමු වී තිබූ රුපියල් කෝටි හතක් වටිනා මැණික් ගලක් සොරාගෙන ගියේ යැයි කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
මැණික් ගැරීමේ ගැරීම පතල පවත්වාගෙන යන හැට දෙහැවිරිදි ව්‍යාපාරිකයා මේ බව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර ඇත.
පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ මැණික් ගැරීමේ ස්ථානයේ කම්කරුවකු වශයෙන් සේවය කරමින් සිටීපුද්ගලයා මැණික් ගැරීමේදී හමුවූ මෙම කෝටි හතක් වටිනා මැණික් ගල සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
කෝටි හතක් වටිනා මැණික් ගල හොරා ගෙන ගිය බව කියන පුද්ගලයා ගැන මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd