(යොහාන් භාසුර)
ප්‍රධාන මාර්ගයේ දාරළුව සහ බෙම්මුල්ල දුම්රිය ස්ථාන අතර අද (27) පෙරවරුවේ කාර්මික දෝෂයට ලක්වූ ‘සෙංකඩගල මැණිකේ’ දුම්රිය මාර්ගයෙන් ඉවත්කර දුම්රිය ධාවනය යථා තත්වයට පත්කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
බාධකය ඉවත්කිරීමෙන් පසුව ද්විත්ව මාර්ගයේ දුම්රිය ධාවන කරන බවත් පස්වරුව වන විට දුම්රිය ප්‍රමාදය ද ඉවත්වනු ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.