(ජේ.ඒ.එල්.ජයසිංහ)

මහනුවර නගරසීමාවේ ඇති සියලු පාසල් හෙට (28) සිට දින තුනක් වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ දිනවල පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාවට යොදවා ඇති ආරකෂක අංශ සාමාජිකයන් තාවකාලිකව පාසල් කීපයක නතර වී සිටි බැවැනි එම තීරණය ගෙන ඇතැයි ද ආණ්ඩුකාර කාර්යාල නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

අගෝස්තු 31 වැනිදා යළි සුපුරුදු පරිදී පාසල් කටයුතු ආරම්භ කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.