(ඉන්දිකා රාමනායක )
මිනුවන්ගොඩ බොරළුවත්ත ප්‍රදේශයේ පිහිටි මෙහෙණි ආරාමය සිට අඅතුරුදන් වූ බාලවයස්කාර මෙහෙණින් මෙහෙනින් වහන්සේලා තිදෙනා නුවරඑළිය පොලිසිය මගින් මඟින් සොයාගෙන ඇත.
වයස අවුරුදු 12, 15 18 යන වයස්මෙවල පසුවු මෙම මෙහෙණින් වහන්සේලා තිදෙනා ඉකුත් (24) දින සිට මෙහෙණි ආරාමය සිටි වයස අවුරුදු (32) ක කාන්තාවක් සමග අතුරුදන්ව ඇති බවට මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි ලැබී තිබු බව පොලිස් මූලස්ථානය පවසයි.
සැකකාර කාන්තාව නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙහෙණින් වහන්සේලා නුවරඑළිය ඇගේ ඥාතී නිවසකට රැගෙන ගොස් සිටියදී එම නිවැසියන් මෙහෙනින් වහන්සේලා තිදෙනා සහ කාන්තාව ඊයේ (26) නුවරඑළිය පොලිසියට බාර දී ඇත.
ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ ආරාමයේ සිටින ප්‍රධාන මෙහෙණින් වහන්සේගේ කරදර නිසා කාන්තාව සමඟ පැමිණි බවයි. සැකකාර කාන්තාව සහ මෙහෙණින් වහන්සේලා වැඩිදුර පරීක්ෂණ සඳහා මිනුවන්ගොඩ පොලීසියට භාර දී ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ළමයි දෙමාපියන්ට බාර දෙන්න. තවත් අපරාධවලට ඉඩ දෙන්න එපා...
තවම දෙමව්පිය සෙවණේ ඉන්න ඕන ළමයි මොකට තැන්තැන් වලට යවනවාද. පුදුම දෙමව්පියෝ...!
මහා ප්‍රජාපති රහත් මෙහෙණින් වහන්සේගෙන් පැවත ආ මෙහෙණි සසුන කලකට ඉහත අභාවයට ගියා කියලා අපි නම් අහලා තියෙන්නේ. එතකොට කොහොමද මේ මෙහෙණින් වහන්සේලා කියලා පිරිසක් වැඩ ඉන්නේ? මම දැකලා තියෙනවා වැඩිවියවත් නොපැමිණි දැරිවියන් හිස මුඩුකරවලා මේ විදියට පැවිදි කරනවා කියලා මුහුණු පොතේ පින්තුර දානවා. කවුද වග වෙන්නේ? මේ ලාබාල තරුණ ගැහැණු දරුවන් ජීවිතේ සහ ලෝකේ ගැන දනගෙනද මේ දේවල් කරන්නේ...? අන්තිමේදී වංචනිකයින්ට අහුවුණොතින් හරිම අපරාධයක් නේද වෙන්නේ...?
පිරිමි 50 ක් එකට හිටියත් ගෑණු දෙන්නෙකුටවත් එකතැන ඉන්න බෑ කියන්නෙ ඕකයි.
භික්ෂුනී ශාසනයක් දැන් ලෝකයේ නැත. වර්ශ බොහෝ ගණනකට පෙර එය නැතිවී ගියා. නැවත බුද්ධ ආඥා විනය අනුකූලව භික්ෂුනී ශාසනයක් ඇතිවීමට උපසම්පදා භික්ෂූන් වහන්සේලා 4 නමක් ස්ත්‍රී ලිංගයට පරිවර්තනය විය යුතුයි. සාමනේරීන් ලෙසවත් පැවිදි කිරීමට භික්ෂුනී ශාසනයක් නැත.
මෙහෙනින් වහන්සේලා නැතුව මොකද්ද කියන්නේ දන්න දෙවල් පණ්ඩිතකමට කියවන්න එපා කෙනෙක් ගෙන් අසා දැන ගන්න උපසම්පදාව ලැබූවන් පසු භික්ෂුණීන් වහන්සේ කියා ආමන්ත්‍රණය කරන්න ව ඇතිවී තිබෙන තත්වය සැබෑ ස්වරූපය තේරුම් නොගෙන වචන පස්සෙ හරඹ කරන්න එපා අවශ්‍ය වන්නේ වර්තමානයේ බෞද්ධ කටයුතු කොමසාරිස් ගේ මැදිහත්වීම දැන් දැන් සිටින සුනන්ද කාරියප්පෙරුම ඉතා දක්ෂ නිලධාරියෙක් . ස්තුතියි
මොකද්ද උප සම්පදාව කියන්නෙ.
කරුණාකර ඔය ළමයි තුන්දෙනාව දෙමාපියන්ට බාර දෙන්න .
මිනුවන්ගොඩ පොලීසියට බාදිදලලා වැඩක් තියෙනවද. එතනින් පැමිනිල්ලවත් ලිව්වෙ නෑ කියලා තාත්තා කිව්වා. අනික ඔය ආරමයට ආයෙත් යවලා ඒ මෙනහනින් වහන්සේලාට ආරක්ෂාවක් නැහැ කියලයි මට හිතෙන්නෙ . හොදම තැනකට දෙන්න. නැත්තම් දෙමව්පියන් බාර ගන්න. මොකමෙ මේකතා කියවන අටපිත් කේන්තිය වේදනාව ඇති වෙලා නිකම් පව් පිරෙනවා
මොන විදියට මහන වුණත් මෙහිණින් වුණත්, මේ ගැහැණු ළමයි. වැරදිලා ගියොත්, කාගේ හරි නොමනා වැඩකට යොමු කළොත් ප්‍රජාපති පරපුරේ කියලා අතහරින එකක් නැහැ. ඒ නිසා ළමුන් සඳහා රටේ නීතිය ක්‍රියාත්මක කරන්න. මෙහෙණි වුණා කියලා කාන්තාවකගේ හැඟීම් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන කෙස්පැලෙන තර්ක වැඩක් නැහැ...